එතෙර රැකියා දෙන බව පවසා තරුණයින් හැට දෙදෙනකුගෙන් මුදල් වංචා කළැයි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කැනඩාව, ජපානය, බෲනායි, ඔස්ටි‍්‍රයා යන රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මෙසේ මුදල් ලබාගෙන ඇතැයි විශේෂ විමර්ශන ඒකකය කියයි.
කුරුණෑගල බුලුගල පදිංචි සැකකරු (65) තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කර ඇති ඇතැයි ද මොහු විසින් රැකියා අපේක්‍ෂිත තරුණයින්ට පවසා ඇත්තේ යුරෝපා රැකියා සඳහා කාර්යාංශයට ලැබෙන රැකියා කෝටා තමන්ට ලැබෙන බවයි. ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 450,000 ක් මුදලක් අවශ්‍ය බවත් ඔහු කියා ඇතැයි කියති.
ඒ සඳහා රුපියල් ලක්‍ෂ එක හමාරක ණය මුදලක් රජයේ බැංකු මගින් ලබාදෙන බැවින් මූලිකව අවශ්‍ය වන රුපියල් 56,000ක් තමන්ගේ බැංකු ගිණුමෙහි තැන්පත් කරන්නැයි රැුකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට සැකකරු පවසා ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගලට දකුණෙන් විත් ඡන්දෙන් දිනුවේ අපේ පළාතේ ඉන්නේ අවංක ගැමියෝ නිසා. මෙහෙම හොරු බෝවුණෙත් මේ ළඟක ඉඳලා. (නි)
තියෙන සේසතම වියදම් කරලා මෙතනට එන්නේ අත ලෙවකන්න නෙමෙයි කියන එක හොදට පැහැදිලිවෙනවා. (අ)
අහිංසකයින් රවටන අයට හොදක්නම් වෙන්නේ නෑ. (ර)
රට යන්න හිටපු සල්ලි දීපු තරුණ මල්ලිලා හැටදෙනා එකතුවෙලා වහාම මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින්ම ඉක්මනටම එයා රටපනින්න කලින් කොළඹ මහා උළු ගෙදරට යවන්න කටයුතු කලානම් හරි. නැත්නම් අපේ කට්ටිය මේ පාරත් මෙතුමාව කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවට ඡන්දෙන් පත්කරලා තවත් කට්ටියව රට යවන්න ලෑස්ති කරාවි. මේවා අපට හොඳ පාඩම්.
රට යවන්න සල්ලි ගන්න එක අලුත් දෙයක් නොවෙයි. ඉස්සරත් බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යවන්න සමහර ප්‍රභූන් සල්ලි ගත්ත බවට රාවයක් තිබුන නේද? මොකද වුණේ? (නි)
මේ හොරුන්ගෙන් රට නිදහස් කරන්න නම් පැරණි මැම්බර් මහත්තයලා නැවත ගෙනෙමු. ඒ උදවිය ගමේ හිටපු වැදගත් මිනිස්සු. (නි)
මේ වංචාවට සම්බන්ධ පුද්ගලයට ආවඩන, සුදු හුණු ගාන පුද්ගලයින් කොට්ටසයකුත් කුරුණෑගල ප්‍රදේශයෙන් ඕනෑතරම් සොයා ගන්ට පුළුවන් වෙයි. (ම)
අයියෝ! මම නම් හිතුවේ හිතුවේ කුරුණෑගල ඉන්නේ අං ගිලපු යෝධයෝ කියලනේ. බැලුවහම ගිලලා තියෙන්නේ දිරච්ච ලණු. මදැයි ඔය ගානෙන් බේරුනා (නි)