එතෙර රැකියා දෙන බව පවසා තරුණයින් හැට දෙදෙනකුගෙන් මුදල් වංචා කළැයි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කැනඩාව, ජපානය, බෲනායි, ඔස්ටි‍්‍රයා යන රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මෙසේ මුදල් ලබාගෙන ඇතැයි විශේෂ විමර්ශන ඒකකය කියයි.
කුරුණෑගල බුලුගල පදිංචි සැකකරු (65) තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කර ඇති ඇතැයි ද මොහු විසින් රැකියා අපේක්‍ෂිත තරුණයින්ට පවසා ඇත්තේ යුරෝපා රැකියා සඳහා කාර්යාංශයට ලැබෙන රැකියා කෝටා තමන්ට ලැබෙන බවයි. ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 450,000 ක් මුදලක් අවශ්‍ය බවත් ඔහු කියා ඇතැයි කියති.
ඒ සඳහා රුපියල් ලක්‍ෂ එක හමාරක ණය මුදලක් රජයේ බැංකු මගින් ලබාදෙන බැවින් මූලිකව අවශ්‍ය වන රුපියල් 56,000ක් තමන්ගේ බැංකු ගිණුමෙහි තැන්පත් කරන්නැයි රැුකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට සැකකරු පවසා ඇතැයි ද කියති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රට යවන්න හැටකගෙන් සල්ලි අරන් : ප්‍රා මන්ත්‍රී සැකපිට
පද්මිණී Thursday, 22 September 2016 05:18 AM
කුරුණෑගලට දකුණෙන් විත් ඡන්දෙන් දිනුවේ අපේ පළාතේ ඉන්නේ අවංක ගැමියෝ නිසා. මෙහෙම හොරු බෝවුණෙත් මේ ළඟක ඉඳලා. (නි)
අශෝකා Wednesday, 21 September 2016 06:16 PM
තියෙන සේසතම වියදම් කරලා මෙතනට එන්නේ අත ලෙවකන්න නෙමෙයි කියන එක හොදට පැහැදිලිවෙනවා. (අ)
ලිලියන් Wednesday, 21 September 2016 09:05 AM
අහිංසකයින් රවටන අයට හොදක්නම් වෙන්නේ නෑ. (ර)
විජේසේකර ටී Wednesday, 21 September 2016 11:51 PM
රට යන්න හිටපු සල්ලි දීපු තරුණ මල්ලිලා හැටදෙනා එකතුවෙලා වහාම මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින්ම ඉක්මනටම එයා රටපනින්න කලින් කොළඹ මහා උළු ගෙදරට යවන්න කටයුතු කලානම් හරි. නැත්නම් අපේ කට්ටිය මේ පාරත් මෙතුමාව කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවට ඡන්දෙන් පත්කරලා තවත් කට්ටියව රට යවන්න ලෑස්ති කරාවි. මේවා අපට හොඳ පාඩම්.
ලුම්බිණි Thursday, 22 September 2016 02:30 AM
රට යවන්න සල්ලි ගන්න එක අලුත් දෙයක් නොවෙයි. ඉස්සරත් බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යවන්න සමහර ප්‍රභූන් සල්ලි ගත්ත බවට රාවයක් තිබුන නේද? මොකද වුණේ? (නි)
සෙන්සාන් Thursday, 22 September 2016 02:41 AM
මේ හොරුන්ගෙන් රට නිදහස් කරන්න නම් පැරණි මැම්බර් මහත්තයලා නැවත ගෙනෙමු. ඒ උදවිය ගමේ හිටපු වැදගත් මිනිස්සු. (නි)
නිෂාද් Thursday, 22 September 2016 03:23 AM
මේ වංචාවට සම්බන්ධ පුද්ගලයට ආවඩන, සුදු හුණු ගාන පුද්ගලයින් කොට්ටසයකුත් කුරුණෑගල ප්‍රදේශයෙන් ඕනෑතරම් සොයා ගන්ට පුළුවන් වෙයි. (ම)
පිටබැද්දර ජයා Thursday, 22 September 2016 03:56 AM
අයියෝ! මම නම් හිතුවේ හිතුවේ කුරුණෑගල ඉන්නේ අං ගිලපු යෝධයෝ කියලනේ. බැලුවහම ගිලලා තියෙන්නේ දිරච්ච ලණු. මදැයි ඔය ගානෙන් බේරුනා (නි)