විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රටවල සේවයට යන ශ‍්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සඳහා අපේ‍්‍රල් 30 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කළ හැකි බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

පහ වසරටද, සාමාන්‍ය පෙළ සහ උසස් අධ්‍යාපන යන විභාග සමත්වුවන්ට මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සහ අයැදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාගත යුතු බවත් අමාත්‍යංශය පවසයි.