(ටී.කේ.ජී.කපිල )
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ ට පැමිණ තිබූ අතර , ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත , මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින් ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත , හිටපු අමාත්‍යවරයාට මෙම ගුවන් ගමන සදහා අවසර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලබා දී නොතිබුණි .
හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද , ඇය ද සිය ගුවන් ගමන අතහැර , අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් කරලා, අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මාට, මොවුන් බංකොළොත් වෙලා මෙහෙ මොවුන්ට විනෝදෙ... රට සවාරි..
ඕකම තමයි මොවුන්ට පස්සෙත් වෙන්නේ... දිව්‍ය ලෝකයේ යන්න කියලා හිතාගෙන ආවාම ඔක්කොම අපායට හරවලා යවනවා.
ඉතාම හොඳයි ... මේ කාලකණ්ණින්ට හරි දඬුවම් ලැබෙනකන් රටින් පිටවෙන්න දෙන්න එපා...
තායිලන්තයට යන්න ඇත්තේ යාළුවන් බලන්න වෙන්න ඇති...
මෙයාලා වැරැද්දක් කරලා තියෙනවා නම් නීතියට අනුව ක්‍රියාකරන එක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ පක්ෂයේ කෙනෙක් නෙමේ කියලා.. එයා නිසා පරිඝණක පද්ධතියේ දත්ත වෙනස් කරලා කාගෙන් හරි පෞද්ගලිකව පලි ගන්නවා නම් ඒක මහ බරපතල අපරාධයක්. එවුන්ව හොයා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. මොකද ඔහොම කරන්න ගත්තොත් හැම පක්ෂයේ එකාම ඕක කරනවා. එතකොට වෙන විනාසේ හිතාගන්න බැරි තරම්. අනිත් එක තමයි, පොඩි සේවකයින්ටත් වෙනස් කරන්න පුළුවන් ඔය සිස්ටම් හදපු කෙනාවත් අල්ල ගන්න ඕනෑ. මෙයා කරපු වැරැදි වලට නීතියෙන් ක්‍රියා කරන්න. ඒක වෙනයි මේවා වෙනයි හොඳේ.
හරි නම් ඉන්න ඕනේ හිරේ...!
මේ සිස්ටම් එක හැදුවේ JR. මේක වෙනස් කරගන්න බැරුව තමයි මේ ඉන්නේ. පසුගිය දවස්වල අරගල කෙරුවේත් සිස්ටම් චේන්ජ් කරන්න තමයි. වුනේ වෙන දෙයක්. මේ මනුස්සයා තමයි මේ ගොවිතැනක්, බතක් කරගෙන තමන්ගේ පාඩුවේ අනුන්ට අත නොපා ජීවත් වුණු ගොවියෝ හිඟන්නන් බවට පත් කෙරුවේ.. ගෝඨාභයට යන එනමන් නැතිකෙරුවේ. එහෙම කරලත් තව යහමින් සුවෙන් ඉන්න හැටි. කව්රු මේ කරපු අපරාධවලට දඬුවම් දෙයිද? ඒ හැමෝටම දඬුවම් දෙන දවසක් එනකම් මහජනතාව අවධානයෙන්...
හොඳ වැඩේ... දූෂිත දේශපාලුවාට. විනෝද සවාරියක් යන්න හිතාගෙන ඇති...
බඩගින්නේ ඉන්න මනුස්සයෙක් මනුස්සයෙක් ගානේ සාපවෙනවා කාලකන්නින්ට...
ඊයේ පොහොට්ටුවෙක් හූ කියලා එළෙව්වා... අද පොහොට්ටුවෙක් ගෙදර ඇරියා. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්...!
මෙයා චීන කුණු පෝර නැව ගෙනැල්ලා... වන්දි ගෙවලා රටේ බැංකු පවා බ්ලැක් ලිස්ට් කරලා...
මිනිස්සුන්ට හරියට අවස්ථාවක් නැහැනේ උඹල කරපු අපරාධ වලට සලකන්න. කොන්ද පනතියෙන නායකයෙක් ආව දවසට ඔය අපරාධ කාරයෝ හැමෝම මහඋළුගෙදර තමයි. ඒත් එහෙම නායකයෙක් පේනතෙක් මානයක නෑ..... අර කීවා වගේ "උන් ඔක්කොම යාළුවො "
ඩොලර් නාස්ති කරන්න පිටරට යන කාලකන්නි. රට වෙනුවෙන් ඩොලර් ශතයක් උපයලා තියනවාද ඕකුන්?