(ටී.කේ.ජී.කපිල )
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ ට පැමිණ තිබූ අතර , ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත , මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින් ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත , හිටපු අමාත්‍යවරයාට මෙම ගුවන් ගමන සදහා අවසර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලබා දී නොතිබුණි .
හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද , ඇය ද සිය ගුවන් ගමන අතහැර , අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබුණි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට යන්න ගිය මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවයි
ranjith Sunday, 12 March 2023 01:38 PM
රට බංකොළොත් කරලා, අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මාට, මොවුන් බංකොළොත් වෙලා මෙහෙ මොවුන්ට විනෝදෙ... රට සවාරි..
Nimal Sunday, 12 March 2023 01:51 PM
ඕකම තමයි මොවුන්ට පස්සෙත් වෙන්නේ... දිව්‍ය ලෝකයේ යන්න කියලා හිතාගෙන ආවාම ඔක්කොම අපායට හරවලා යවනවා.
fairoos Sunday, 12 March 2023 02:08 PM
ඉතාම හොඳයි ... මේ කාලකණ්ණින්ට හරි දඬුවම් ලැබෙනකන් රටින් පිටවෙන්න දෙන්න එපා...
GalaparSunday, 12 March 2023 02:40 PM
මේක තමයි රටේම මිනිස්සු ගොවිතැන් බතක් කරගෙන තුන්වේල කාලා ජීවත් වුණු එක නැති කරලා කුජීත වෙලා ගෝඨාභයව රටේම ජනතාව එකතුවෙලා පන්නලා දාන්න ඔක්කොම කළේ. මේ අයට යනයන තැන එලව එලවා පහර දෙන්න ඕනෑ. අද තාමත් මේ හොර, තක්කඩි ආණ්ඩුවේ සෙල්ලම් දානවා. නොදකින් විතරක්...
මහින්දානන්ද Sunday, 12 March 2023 03:42 PM
"බලාගෙන ඉඳපල්ලා. නුඹලා අල්ලයි මගේ නැට්ට. මම හොර බෝට්ටුවකින් පනිනවා. හරක් කටාගේ යහළුවෙක් ඒවා රෙඩි කරලා තියෙන්නේ. හරක් කටා මගේ ගජයා. අපි යහළුවෝ."
jagath liyanage Sunday, 12 March 2023 02:33 PM
තායිලන්තයට යන්න ඇත්තේ යාළුවන් බලන්න වෙන්න ඇති...
Ashwidha Sunday, 12 March 2023 03:22 PM
මෙයාලා වැරැද්දක් කරලා තියෙනවා නම් නීතියට අනුව ක්‍රියාකරන එක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ පක්ෂයේ කෙනෙක් නෙමේ කියලා.. එයා නිසා පරිඝණක පද්ධතියේ දත්ත වෙනස් කරලා කාගෙන් හරි පෞද්ගලිකව පලි ගන්නවා නම් ඒක මහ බරපතල අපරාධයක්. එවුන්ව හොයා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. මොකද ඔහොම කරන්න ගත්තොත් හැම පක්ෂයේ එකාම ඕක කරනවා. එතකොට වෙන විනාසේ හිතාගන්න බැරි තරම්. අනිත් එක තමයි, පොඩි සේවකයින්ටත් වෙනස් කරන්න පුළුවන් ඔය සිස්ටම් හදපු කෙනාවත් අල්ල ගන්න ඕනෑ. මෙයා කරපු වැරැදි වලට නීතියෙන් ක්‍රියා කරන්න. ඒක වෙනයි මේවා වෙනයි හොඳේ.
chathuriSunday, 12 March 2023 04:26 PM
දත්ත වෙනස්කළාට අධිකරණයේ තීන්දුව වෙනස් කරන්න බැහැනේ. කෙසේවෙතත් මේකා පට්ට හොරෙක්..! සුට්කේස් දෙකක ප්ලාස්ටික්, පිඟන්, වීදුරු, කෝප්ප ආදිය දමාගෙන ගෙයින්ගෙට ගිහින් විකුණපු මේ හාදයා දේශපාලනයට පැනපු ගමන් සුද්දය පටන්ගත්තා...
de silva Sunday, 12 March 2023 03:59 PM
හරි නම් ඉන්න ඕනේ හිරේ...!
Hafeel Sunday, 12 March 2023 05:25 PM
නමුත් මහින්දානන්ද නම් කියන්නේ රනිල් හිරේ ගිය දවසට තමයි ඔහුට හොඳට නින්ද යන්නේ... අවංක පාලනයක් ආවොත්, ඉදිරියේදී දෙදෙනාටම හිරේ යන්න වෙනවා.
කලුමල්ලි Sunday, 12 March 2023 04:14 PM
මේ සිස්ටම් එක හැදුවේ JR. මේක වෙනස් කරගන්න බැරුව තමයි මේ ඉන්නේ. පසුගිය දවස්වල අරගල කෙරුවේත් සිස්ටම් චේන්ජ් කරන්න තමයි. වුනේ වෙන දෙයක්. මේ මනුස්සයා තමයි මේ ගොවිතැනක්, බතක් කරගෙන තමන්ගේ පාඩුවේ අනුන්ට අත නොපා ජීවත් වුණු ගොවියෝ හිඟන්නන් බවට පත් කෙරුවේ.. ගෝඨාභයට යන එනමන් නැතිකෙරුවේ. එහෙම කරලත් තව යහමින් සුවෙන් ඉන්න හැටි. කව්රු මේ කරපු අපරාධවලට දඬුවම් දෙයිද? ඒ හැමෝටම දඬුවම් දෙන දවසක් එනකම් මහජනතාව අවධානයෙන්...
ගමේ එකාලා Sunday, 12 March 2023 05:52 PM
හොඳ වැඩේ... දූෂිත දේශපාලුවාට. විනෝද සවාරියක් යන්න හිතාගෙන ඇති...
විජේ Sunday, 12 March 2023 06:23 PM
බඩගින්නේ ඉන්න මනුස්සයෙක් මනුස්සයෙක් ගානේ සාපවෙනවා කාලකන්නින්ට...
Dharmatileke Sunday, 12 March 2023 06:31 PM
ඊයේ පොහොට්ටුවෙක් හූ කියලා එළෙව්වා... අද පොහොට්ටුවෙක් ගෙදර ඇරියා. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්...!
pjMonday, 13 March 2023 04:04 AM
පොහොට්ටුවො හැට නව ලක්ෂයම හූ කියල එළවන්න නම් අපි අපිටම හු කියවගන්න වෙනව. මාලිමාව බලයට පත්වෙල දවසක රටට කෙලවන විටත් අපි අපිටම හු කියවගමු. හැමදාම හූ කියකියා ඉඳිමු. සැපයි නේද ....
Nandana Sunday, 12 March 2023 10:03 PM
මෙයා චීන කුණු පෝර නැව ගෙනැල්ලා... වන්දි ගෙවලා රටේ බැංකු පවා බ්ලැක් ලිස්ට් කරලා...
Nikitha Sunday, 12 March 2023 11:53 PM
මිනිස්සුන්ට හරියට අවස්ථාවක් නැහැනේ උඹල කරපු අපරාධ වලට සලකන්න. කොන්ද පනතියෙන නායකයෙක් ආව දවසට ඔය අපරාධ කාරයෝ හැමෝම මහඋළුගෙදර තමයි. ඒත් එහෙම නායකයෙක් පේනතෙක් මානයක නෑ..... අර කීවා වගේ "උන් ඔක්කොම යාළුවො "
දුෂ්මා Monday, 13 March 2023 09:33 AM
ඩොලර් නාස්ති කරන්න පිටරට යන කාලකන්නි. රට වෙනුවෙන් ඩොලර් ශතයක් උපයලා තියනවාද ඕකුන්?