විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මාස හයක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත් හිටවීය. රුපියල් 3000ක දඩයක්ද නියම කළේය.
පොළොන්නරුවේ පදිංචි විවාහකයකු වූ ඔහු අවිවාහකයකු බව කියමින් ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද රැකියාවේදී වැඩි වාසි ලබාගැනීම ඔහුගේ අරමුණවී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වැරදි තොරතුරු අඩංගු පාස්පෝර්ට් එකක් පාවිච්ච් කළ කෙනෙකුට ලැබෙන දඬුවම මොකක්ද? (නි)
උප්පැන්න සහතිකයත් වෙනස් කරගෙන සමහරු ඔය යහතින් ඉන්නේ කිසිම අවුලක් නැතුව. (නි)
මේක මොකද්ද? සමහරු රට නෙමෙයි මේ ලංකාවේ ඉඳගෙනම හැමෝටම අවිවාහකයි කියමින් ආදර සම්බන්ධතා කීයක් භුක්ති විඳිනවාද? (නි)
පොලන්නරුවේ කට්ටිය රට යන්න ඕනීද දැන් යහ පාලනය තියනවනේ (නදී)
අර විහිලු වහන්සේගේ බිරිඳ හොර පාස්පෝර්ට් එකක් හදාගෙන ලෝකේ වටේ ගිහින් ආවේ ? අනේ හපොයි මෙහෙමත් නීතියක් (නදී)
ඔක්කොම නීති පොඩි එකාට. ලොකු හොරු කෝ ? (නදී)
දැන් කෝ අර කෑරලා වගේ බෙරිහන් දෙන එක්කෙනාට බයේද නෝනාගේ ගමන් බලපත්‍ර වැරදි යටි මඩි ගහල තියෙන්නේ. මේ අපේ නෝනලා ඔහොම දෙයක් කලා නම් මෙලහකට කුදලා ගිහින් ගිහින් හිරේ දාලා. (නදී)
දැන් කට්ටිය කියාවි මේකත් යහපාලනේ වැඩක් කියල මෙහෙම එවුන් හැමදාම රුපියලට දෙකට ඔක්කොම පවල දෙනවා.(අ)
විවාහක කෙනෙකු අවිවාහක යනුවෙන් හොරට හදා ගන්නවාට වඩා ලොකු ලොකු හොරකම් මගඩි වැඩ මේ ශ්‍රී ලංකාවේ අනන්තවත් වෙනවා. බොරුවට හාල් මැස්සෝ අල්ලගෙන කෑ ගහනවට වඩා තෝරු මෝරු අල්ලන එක වටිනවා.(දිල්)
එතකොට වයස වෙනස් කර විදේශ ගමන් පත් දෙකක් සාදවා තිබෙන අර වීර බාර්යාව තාම එළියේ ඉන්නේ කොහොමද? (නදී)