විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ කරන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
විදේශ ගමන් බලපත්‍රයේ වලංගු භාවය, විශ්වසනීයත්වය සහ ඊට පවතින ජාත්‍යන්තර පිළිගැනීම වැඩිකරගැනීම මෙහි අරමුණයි. එසේම ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි අනුමැතිය ලත් ඡායාරූප ශාලා මගින් ලබාගත් පුද්ගලයන්ගේ ඩිජිටල් ඡායාරූප, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය වෙත ඍජුවම ගෙන්වා ගැනීමටද කටයුතු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පාස්පෝර්ට් 2 ක් තියෙන එක්කෙනා අත් දෙකේ අැඟිලි සලකුණු දාලද පාස්පෝර්ට් දෙක ගත්තේ (නදී)
මැද පෙරදිග යන්න අපේ කාන්තාවන් වයස වෙනස් කරනවා ඒක ප්‍රසිද්ධ රහසක්. එක්තරා යුගයක එක් ලංකික ජනපතිවරයෙක් කිව්වා පුළුවන් හින්දනේ යන්නේ යන්න දෙන්න කියල. ඒ මිනිස්සු ගිහින් හම්බකරගෙන ආවා. ඔය වෙන්නප්පුවෙන් අහවල් රටට නැවෙන් යන එක එතුමා දැනගෙන හිටියා. එ්ත් වීර ක්‍රියාවක් කලා කියල දැන් වගේ අල්ලලා හිරේ දැම්මේ නැහැ. තමන් විතරක් හැදුනට වැඩක් නැහැ දුප්පත් මිනිහටත් හැදෙන්න දෙන්න ඕනේ (නදී)
ලලිත් නිතියානුකුලව ද්විත්ව පුරවැසි භාවය තිබෙන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ පාස්පෝර්ට් දෙකේම නම එකනම් ඇඟිලි සලකුණ එකනම් හරි , අමාරුවේ වැටෙන්නේ හොර පාස්පෝර්ට් හදපු අයයි (නදී)
ලලිත් , වටිනා ප්‍රශ්නයක් (නදී)
බොහොම හොඳයි (නි)
ගොඩක් හොඳ දෙයක් (නදී)
බොහොම හොඳයි (නි)
පොඩි මිනිසුන්ටමයි ඒකෙනුත් කරදර. දේශපාළුවන්ටයි ඇතිහැකි එකාටයි වාසියි.මේකෙ අදහස් දාපු ගොඩක් අය වගේ එයාලත් දැන් පැනලා ඉවරයිනේ (නි)
ගුවන්තොටුපොළේ අැඟිලි සලකුණු යන්ත්‍ර සවිකරන්න වෙනවා. මේක හොඳයි. හොරට හැදුනුම්පත් හදන්න බැරි විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් ඇගිලි සලකුණු. යන්ත්‍ර හයි කරන්න (නදී)
හොද දෙයක් පරක්කු වෙලා හරි ක්‍රියාත්මක වුණා සතුටුයි ඒ ගැන (ම)
දියුණු රටවල හොර පස්ස පොර්ට් නැද්ද ? (ම)
රටේ ආරක්ෂාවටත් ඕවා හොද වැඩපිළිවෙලවල්.නමුත් තවම අපේ රට ප්‍රාථමික මට්ටමේ ඉන්නේ ඒ අතින්.සමහර ගුවන් තොටුපොළවල ඇස් දෙක පවා ස්කෑන් කරනවා අනන්‍යතාවය තහවුරු කිරීම සදහා. (නි)
බොහෝ කලකට පෙර කරන්න තිබුන දෙයක්. දැන්වත් කළ එක ලොකු දෙයක්. (නි)
පාස් පේට් එක නෙමෙයි අයි.ඩී එකෙන්ම පටන් ගත්තා නම් වැඩේ ගොඩ (නදී)
එතකොට ඔය පිටරටවල ඉඳලා ද්විත්ව පුරවැසිකම් ඉල්ලපු කට්ටිය කොහොමද ඇඟිලි ගමන් බලපත්‍ර ගන්නේ? (නි)
ඉතාම අගේ ඇති වැඩපිළිවෙළක්. බොහෝ තක්කඩිකම් මෙයින් වළකිනවා. (නි)