වසර 20 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වුණත් අපේ නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩු පෙරළියකින් හා මැතිවරණ පරාජයකින් පසුව විඳින්න වෙන හිරිහැර හා අසාධාරණකම් නැතුව ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුළුවන් තත්වයක් ඇති කෙරුවේ වත්මන් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ආත්මාර්ථකාමි බලයට කෑදර පිරිසකට අමතක වි ඇතැhs වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප%ධාන සංවිධායක මිල්රොයි ප්‍රනාන්දු මහතා පවසයි.
වෙන්නප්පුව ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.
‘අපි පක්ෂයක් ලෙස මේ තත්වයට අතිතයෙත් මුහුණ දුන්නා. පක්ෂයේ කෑලි කඩන් කී දෙනෙක් ගියාද. ඒත් අවසානේට වුනේ කෑලි කඩන් ගිය අය ආයෙත් පක්ෂයට සම්බන්ධවෙලා තනතුරු ගනිද්දි ඒ පස්සේ වැටුණු හාල් කෑලි අතරමං වුණ එක විතරයි. පක්ෂයේ නායකත්වයට මොන පුද්ගලයා පත් වුණත් මම ඒ පක්ෂය සමග ඉන්නවා. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා අපේ පක්ෂයේ හිටපු නායක මහින්ද මහත්තයා පරාජයට පත් වෙලා බලයට පත් වුණු මෛත%sපාල මහත්තයාට පක්ෂයේ නායකත්වය දුන්නා. එදා ඉඳලා මම ඒ පක්ෂයේ නායකයට ගරු කරනවා ඒ නායකත්වය පිළි ගන්නවා. මොකද මහින්ද මහත්තයම තමා පක්ෂයේ වHවස්ථාව වෙනස් කරලා පක්ෂයේ ඕනෑම කෙනෙක් රටේ නායකයා වෙනවා නම් එයා පක්ෂයේත් නායකයා වෙන්න ඕනේ කියලා නීති වෙනස් කළේ. අපි පක්ෂයේ අනුගාමීකයන් නම් එදා ඒ පක්ෂයේ නීතිය පිළිගත්තා නම් ඇයි අද ඒක පිළි ගන්න බැරි?‘ යැයිද ඒ මහතා කීවේය.
‘දුෂණයට හොරකමට මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා හිටපු පිරිසකගේ උවමනා එපාකම් වලට අද ගුණ මකුවන් වෙලා ඉක්මනින් බලය ගන්න අපේ පක්ෂය කඩාගෙන පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා මේ අයගේ ගමන තාවකාලිකයි. එළඹෙන පළාත් පාලන ජන්දයට තරඟ කරන්න හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔය කවුරු ගියත් පක්ෂය නැති වෙන්නේ නෑ හැබැයි ඒ පිරිසට එකක් කියන්න ඕනේ රෑට මහින්දව හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් නතර කරන්න. මෛත්‍රිපාල හමුවෙලා තනතුරු අරන් මහින්ද වටේ යන අය ඔය කරන ලැජ්ජා නැති වැඩේ නතර කරලා ඒ තනතුරුත් අතහැරලා පුළුවන්නම් යන්න‘ යැයිද ඔහු එහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දුෂණයට හොරකමට මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා හිටපු පිරිසකගේ...." හහ්.. හහ්.. මේ මහත්තයා ගැන දන්න අය දන්නවා වෙන්නප්පුව පැත්තේ වෙන දේවල්. කටින් ගලන්නේ ධාර්මික වචන වුණත් තමන් කරන/කරපු වැඩ මුළු දිස්ත්‍රික්කයම දන්නවා.(බ)
මේවා මේ ඉන්න වහලුන්ට කවද තේරෙයිද. මොකද ඔක්කොම හොරු මිනීමරුවෝ ගංජා කාරයෝ එතනෝල් කාරයෝ සහ එයට අාවඩන වහල්ලු ටිකක් ඉන්නේ. උන්ට උන්ගේ හෘදසක්ෂියට මුහුණ දෙන්න බැහැ(කෞ)
සිරිසේන ක්‍රමයෙන් පිරිහෙනව.(කෞ)
අතීතය අමතක ඩබල් ගේම් කාරයොත් එපා. සමහරුන්ගේ පවුල්වල මිනීමැරීම් නඩුවලින් හිරේ ගිය අයව පසුව සමාව දී එලියට දැම්ම කියලත් එකල විපක්ෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කරා. දැන් ඒ උදවියත් මහින්ද අත ඇරලා මෛත්‍රී පිලේ. ඒ මදිවට මහින්දට වැරදි කියනවා. (කෞ)
ඇමැතිතුමා සාදරයෙන් පිළිගන්නවා (බ)
දේශපාලනයට කිසිම සුදුසු කමක් නැති අය මුදල් බලයෙන් මැර බලයෙන් පාර්ලිමේන්තුවට පත්වී මහින්ද රාජපක්ෂ තුමා බලයේ සිටි කාලයේ ඔහුගෙන් යැපුන , ඔහු නිසා කෝටි පතියන් වුන අයට මහින්ද නැති වුනොත් වෙන සරණක් නැති නිසා , කෙසේ හෝ ඔහුවම නැවත බලයට ගෙන ඒමට ඔවුන් වලි කනවා (බ)
මෙයත් වැල යන අතට මැස්ස ගහන කෙනෙක් (කෞ)
යහපාලන පළිගැනීම් නිසා එයා අපිටත් එපා වෙලා තියෙන්නේ. ආපු දවසේ ඉදන්ම වෛරය වපුරනවා පමණි. (බ)
මහින්ද, සිරිසේන පිරිහෙනවා ,ඔබේ ඔලුව නරක වෙලාද, නැහැ දිනෙන්දින දිලිසෙනවා ,කරුණාකර එන්න සෞදි ජර්මන් හොස්පිටල් එකට මගේ සයනයට ඔබේ ඔලුව පරික්ෂා කරන්න (කෞ)