වරින් වර පත්වන ආණ්ඩු තමන්ගේ පහසුව සඳහා නීති රීති වෙනස් කිරීමට යෑමෙන් රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණය පද්ධතිය දුර්වල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු අද (13) පැවැසුවේය.
ව්‍යවස්ථාව හා අධිකරණ පද්ධතිය දුර්වල වීම හේතුවෙන් රටට ගෙනෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ද එවැනි පුද්ගලයන් රටේ තරුණ පරම්පරාවේ ජීවිත විනාශ කරමින් සිටින බව ද අගරදගුරු කීවේය.
‘මත්කුඩු රකුසාගෙන් අපේ දරුවන් රැක ගනිමු” මැයෙන් ජූලි 30 වැනිදා රාගම පැවැත්වෙන විරෝධතා පාගමන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පුංචි බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද පැවැති මාධ්‍ය හමුව අමතමින් අගරදගුරු මෙම කරුණු කීවේය.


COMMENTS
දේශපාලනඥයින්ට කොච්චර කිව්වත් මේවා වැඩක් නැහැ .කිසිම වැඩක් නැති අල්ලාගෙන බොරුවට කියවනවා .ඉතා කනගාටුදායක තත්ත්වයක් මේක (අ).
අනේ ඉතින් අපි මොනව කරන්නද ඕවට ....ආණ්ඩුව පෙරලුනොත් මට සක්වල ගලෙන් එහා ගියත් බේරෙන්න නම් වෙන්නේ නෑ -
මේ කතාව අපි හදවතින්ම අගය කරනවා (නි)
අගරදගුරුතුමනි, කුඩු ගෙන්වන ප්‍රධානීන් එල්ලුම් ගහට නොයවනතාක් පා ගමන් නොවෙයි මොන දෙය කළත් වැඩක් නම් වෙන්නෙම නැහැ (නි)
ඇති පුජනීය රදගුරුතුමනි, ඔබතුමන් වහන්සේගේ අදහස අතිශය ගෞරව බැති සිතින් පිළිගන්නවා. ඔබතුමන් වහන්සේලාත්, බෞද්ධ මහනායක් ස්වාමීන් වහන්සේලාත්, මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් විනාශකාරී ජාවාරම් වලට සම්බන්ධ යැයි චෝදනා තිබෙන දේශපාලකයින්ට ඡන්දය නොදෙන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි. ඔවුන් තමන් වහන්සේලාගේ ආරාමවල උත්සව කටයුතු වලට සම්බන්ධ කර නොගත යුතුයි. (නි)
රාජ්‍ය ආරක්ෂාව ඇතිවිට නුතන ධර්මපාලලා වීමට වෙරදරන, රාජ්‍ය ආරක්ෂාව නැතිවිට අනවශ්‍ය දේටත් බුරන්නන් වාලේ උඩුබුරන සමහරක් සිටින රටක ඔබතුමා, නව රේගු අාඥා පනතේ ඇති අඩුපාඩුව කෙළින්ම පෙන්වා දෙමින් රජයට කළ ඒ අභියෝගය අපි අගය කරමු. මත් උවදුර වෙනුවෙන් හඬක් නැගූ ගරු අබා කොස්තා පියතුමාවත් මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරමි. දේශපාලකයින්ගේ වලිගයේ එල්ලේ දිව්‍ය ලෝකෙට යන්න පෙරුම්පුරන ආගමික නායකයින්ට, ඔබතුමන්ලාගේ මේ උදාර ප්‍රයත්නය ආදර්ශයක් වේවා!!! (නි)
මෙහෙම යනකොට රටේ ඉදිරිය කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
මේ වගේ දේශපාලකයෝ ඉන්න රටක ඔය කතා නොකර ඉඳිමු අගරදගුරුතුමනි. රටට මොනවා වුණත් කමක් නැහැ, බලයයි ඕනෑ. (නි)
මේ කතෝලික පියතුමන්ලා සමග සැබෑ ලෙස රටට, ජාතියට, දහමට ගරු කරන හා ආදරය කරන ගරුතර මහා සංඝරත්නයත් එකට එක්ව කටයුතු කරනවා සිකුරුයි.(හේ)
කුඩු ගෙන්වන්නේ මෙහෙයවන්නේ ලොකු දේශපාලකයෝ සහ හෙන්චයියෝ;. (හේ)
ඔබතුමාගේ කතාව ඉතා අගය කරමි. මෙතුමා වගේ තවත් බොහෝ උගත් පිරිසක් රටේ ඉඳිද්දී පාලන තන්ත්‍රයේ ඉන්න උගත්කමෙන් අඩු රට ගැන හැඟීමක් නොමැති අය නිසයි රට ආපස්සට යන්නේ (නි)
ඉමේෂ්, මාතෘකාවට අදාළව පමණක් හිතනවා නම් හොඳයි නේද? අගරදගුරුතුමන් කියා ඇති දේ හරි. මේ කතා කර තියෙන්නෙත් ඔබ මම අප සැම වෙනුවෙන්. දේශපාලකයෝ අපි ගැන හිතන්නේ නැහැ. මේ රටේ ගොඩක් වෙලාවල් වලට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් හැමතිස්සෙම හිටියේ පූජකතුමන්ලා නේද. (නි)
ළඟදී ජනාධිපතිතුමා කිව්වා නේද එතුමා මත්කුඩු වලට සම්බන්ද ඇමතිවරු ගැන දන්නවා කියලා. ඔබතුමා එතුමාත් සමඟ මේ ගැන සාකච්ඡා කළා නම් එය ඉතාමත් වටිනවා. (නි)
ඉමේෂ් කියන්නේ රට නැතිවෙනතුරු බලාගෙන ඉන්න කියලද? (නි)
ඔබතුමාගේ කියමන සම්පුර්ණ අැත්තක් (නි)
මෙතුමා ඉතාම ගෞරවනීය පුද්ගලයෙක්. සිංහල බෞද්ධයෙක් විදිහට මම ඔබතුමාට නමස්කාර කරනවා. මැතිඳුනි, සැමදා නිහඬව නොසිට අපේ රට බේරාගන්න ඉදිරියට එන්න. නැත්නම් අපට හෙට රටක් නැති වේවි. (නි)