නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙනුවෙන් හිටපු තානාපතිවරයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා හිටපු ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.
‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ගන්නා උත්සාහය මා සුබ පත්න්නේ රටට ලබාදුන් ජයග්‍රහණවලට යළි හිස නමා ගෞරවය පුද කරමිනි. අපේ ජීවිත අපේ ඊළඟ පරම්පරාවේ ජීවිත පවා පරදුවට තබමින් මා සටනට එළඹෙන්නට තීරණය කළේ මේ රට බේරාගැනීමට කැපවෙමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව ප්‍රකාශ කරමි.‘‘.
හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, සී.බී.රත්නායක, ටී.බී. ඒකනායක ඇතුළු දේශපාලනඥයින් හා ජනප්‍රිය නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් රැලියට එක්ව සිටියහ.
රැස්ව සිටි ජනතාව ඇමැතු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසූයේ මහ මැතිවරණය එනතුරු අපායට ඉන්ටවල් එකක් ලැබී ඇති බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ නියම ආදරය මහින්දට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර මහින්ද ඉල්ලන ඕනෑම පක්ෂයකට ජනතාව ඡන්දය දෙනවා. මහින්ද හැර රටට වෙන නායකයෙක් අපිට එපා. (නි)
බේරාගන්නේ කුමකින්ද කියලා තමයි හිතාගන්න අමාරු. (නි)
මහින්ද මහතා නැත්නම් අපි ශ්‍රී ලංකා එකට ඡන්දය දෙන්නෙ නැහැ (නි)
හැමදේටම සීමාවක් තිබිය යුතුයි (නි)
යහපාලනයේදී බොරු කියන්න හොඳ නැහැ. දැන් මොකද අසාද් සාලි මහත්තයා දේශපාලනය නවත්වනවාද? (නි)
පැමිණ සිටින ජනකාය බස් වලින් බලෙන් ගෙනවිත් කියලා දැන් හරියන්නේ නැහැ. (නි)
අපිට දැන් හිතෙන්නේ අපි විසින් අපිටම කරගත්ත වගේ හැගීමක්. මහින්ද තරම් හොද කෙනෙක් නෑ කියල දැනෙන්න පටන් ගත්ත ටික දවසික්න්ම. (අ)
වැඩිය හිතන්න එපා දිලාන් (නි)