
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ රටින් ගෙන එන බිත්තර වල ප්‍රමිතිය ගැන ආණ්ඩුව සහතිකයක් දෙන්නේ කොහොමදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.
ආනයනය කරන බිත්තර වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තිබෙන බව කී විතානගේ මහතා බිත්තරයේ ගහලා එන කල් ඉකුත්වීමේ ලේබලය මකා වෙන අංකයක් ගහන එක මහ දෙයක් නොවෙි යැයි කීය.
ආනයනය කරන බිත්තර වෙලාවට විකුණාගන්න බැරි උනොත් වෙළඳපොලේ කොතරම් කාලයක් තිබෙනවා ද දන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මේ සෞඛ්‍ය ගැටළුව ගැන කොහෙවත් කතා වෙන්නේ නැතැයි පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීවෙි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,වෙළෙඳ අමාත්‍යාංශය සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ ඉල්ලීම පරිදි මේ බිත්තර ආනයනය කරන්න අවසර දී තිබෙන බවද ලබන වසරේ මැද භාගය වන විට බිත්තර ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම රජයේ ඉලක්කය බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් බිත්තර වෙලාවට විකුණගන්න පුළුවන්... සමහර දවස්වල පෝලිමකුත් තියෙනවා සතොසේ... දැන් සහතික වැඩක් නෑ...