(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් මේ රටේ පොලිස්පතිවරයකු නැති බවත් මේ හේතුවෙන් පොලිසිය අරාජික වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
රටේ නීතිය හා සාමය සමග සෙල්ලම් නොකරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
පොලිස්පතිවරයාට ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකරන සේවා දිගුවක් දෙන්නෙ කොහොමද. මම දන්න විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කරන්න ඕන. ජනාධිපතිතුමා තමයි පත්කිරීමේ බලධාරියා. එය අනුමත කරන බලධාරියා ව්‍යවස්ථාදායක සභාව. දිගින් දිගටම සේවා දිගු දෙනකොට අනුමත නොකරනවා නම් ඒක ගැටලුවක්. නිත්‍යානුකූල නොවන පොලිස්පතිවරයකු තබාගෙන රට ඉදිරියට යන්නේ කොහොමද
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා
මේ පත් කිරීම කරල තියෙන්නෙ ජනාධිපතිතුමා.
වීරවංශ මහතා
ඔබතුමා ජනාධිපති තුමාගේ නියෝජිතයා නොවේනේ. ජනාධිපති වෙනුවෙන් කතා කරන්න එපා.ඔහු වෙනුවෙන් කතා කරන්න අගමැති තුමා විෂය භාර විෂයභාර ඇමතිවරුන් ඉන්නවා. ඔබතුමා මම කතා කරනකොට ස්තුතියි කිව්වා. මට ස්තුති වැඩක් නැහැ මට ඕන උත්තර. ඔබතුමා විධායක අයිති කෙනෙක් නොවෙයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:
ඒ ගැන කථානායකතුමා ප්‍රකාශයක් කරාවි.ජනාධිපතිතුමාට එවැනි පත් කිරීමක් කරන්න බලය තියෙනවා.ව්‍යවස්ථා සභාව රැස්වී පැහැදිලි තීරණයකට කටයුතු කරමින් සිටිනවා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
තුන්වැනි වතාවට කරපු සේවා දීර්ඝ ය ව්‍යවස්ථා සභාව අනුමත කරලා නැහැ. මෙතැන අනෙක් සාමාජිකයන් ගෙන් අහ ගන්න පුළුවන්.
විමල් වීරවංශ මහතා
දැන් රටේ නිත්‍යානුකූල පොලිස්පතිවරයකු නැහැ. අද ඩීඅයිජී ලාට සැලියුට් ගහන්න වෙලා තියෙන්නේ නිත්‍යානුකූල නොවන පොලිස්පතිවරයකුට. මේ නිසා අද රට අරාජික වෙලා. නීතිය සාමය එක්ක සෙල්ලං කරන්න එපා.
මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා
දැන් මේ රටේ පොලිස්පතිවරයකු නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ගැන කතා කරන්නේ මෙයා වගේ අය පාර්ලිමේන්තුවට රිංගා ගෙන මුළු රටම අරාජික කරලා තියෙන්නේ...!
මිස්ටර් බීන්ට එහෙයි කියන කෙනෙක් ඇත්තෙම නැද්ද පොලීසියේ?
ඇයි පින්පති ඉන්නෙ ඔයගොලනෙ පත් කලේ.
බුදු අම්මෝ...! නින්දෙන් ඇහැරිලා...!
රටේ පොලිස්පති කෙනෙක් හිටියා නම් හොර පාස්පෝර්ට් හදපු අයට පාර්ලිමේන්තු ඇවිල්ලා වාචාලකමට කියවන්න අවස්ථාවක් කොයින්ද හලෝ?
පොල්පිත්තෙන් කපන්ඩ පොලිස්පති