
(අංජුල මහික වීරරත්න)
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවේයැයි ද අධිකාරිය කියයි.
මක්නිසාද යත් දේශීය පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නැතැයි ද ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා කළින් අය කරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැති බවද එම අධිකාරිය පවසයි.
එමෙන්ම නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බලපාන්නේ නැති අතර පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් බවත් ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්රවාහණය කරන නෞකා නොවන නිසා නැව් ගාස්තු ඉහළයාම කිසිසේත්ම පොල්තෙල් මිල ඉහළයාමට බලපෑමක් එල්ල කරන්නේ නැතැයි පොල් සංවර්ධන අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පොල්තෙල් ආනයනය කරන්න අවශ්‍ය නම් පොල් සංවර්ධන අධිකාරිය වසාදැමීමට කටයුතු කරන්න .දැන් ඔය හුචක්කුව ඇතිකර අවුරුදු කීයක් වෙනවාද ඒත් ලංකාවට අවශ්‍ය තරම් පොල් හා පොල්තෙල් නිපදවීම කරන්න බැරිනම් රටේ මුදල් නාස්තියක් ඇතිවෙන ඔය අධිකාරිය තිබිල මොකටද
අපි තවදුරටත් පෞද්ගලික අංශයේ ප්‍රවර්ධනයට කටයුතු කරමු ....
අතීතයේ පොල්තෙල් අපනයනය කල ලංකාව අද ආනයනය කරනව. අදූරදර්ශි පාලනයක ශාපය. පොල් ඉඩම්වල විනාශයට ප්‍රධාන හේතුව ආදායම අඩුවීම. පොල් වගා නවීකරණය කිරීමට පොල් සම්බන්ධ රාජ්‍ය ආයතන කිසිවක් කර නෑ.බදු මුදලින් යැපෙන සුදු අලි. දියුණුකල පොල් කියල බෙදපු පැලවල ගෙඩි වලුපිටින් කඩා වැටෙනව.අවසාන ඵලය ඒ ගස් ඉවත්කරන්න වුනා. වසර දහයක කාලයක වගාව. අපරාධකාරී නිශ්ඵල විශේෂඥයෝ.
ගෙදරම හින්ද ගත්තා නම් හරි.රට ඒවා ඕන මොකටද ?ලංකාවේ කොච්චර පොල් තියනවද ?
පොල් සංවර්ධනේ ඉන්නේ තෙල් ආනයනය කරන්නද? රටේ පොල් වැඩි කරන්නද ?
ආනයන කරන ඒවා ගණන් ගියපුදෙන්. දේශීය නිෂ්පාදන අඩු මිලට දෙන්න. එතකොට දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. දියුණු වෙනවා. රටට අවශ්‍ය තරම් තෙල් නිපදවා ගත්ත නම් හොඳයි නේ. ප්රශ්නය තියෙන්නේ දේශීය නිෂ්පාදනත් අර ගාණටම උස්සන එක.
රටේ තියෙන කනාටු පොල් ගස් ගෙඩි ගන්න ක්‍රමයක් පොල් සංවර්ධන අධිකාරිය , පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කරනවා නම් ඉතා පහසුවෙන් රටේ පොල් අස්වැන්න වැඩි කරලා ඒ අයගෙ අතමිට සරු කරන්නත් පුළුවන්. අනෙක වහල වල් වලට දික් වෙච්චි ගස් වෙන පැත්තකට ඇදල බඳින්න මුදලින් උදව් කරනවා නම් ලොකු දෙයක් , පොල් ගසක් බඳින්න ඉඩමක් ගන්න මුදල යනවා කේබල් වලට , දුප්පතුනට ඕවට සල්ලි නැහැ ගහ කපනවා හැර. නිළධාරින් සොයා බලා කලයුතු දේවල් ඕවා. රැකියාවක් ලැබුණම ලෝන් එකකදාලා ගෙයක් හදන හැටි වාහනයක් ගන්න හැටි සහ ඒවට මුදල් හොයන හැටි මිසක් අපේ නිළදාරින්ට වෙන යුතුකම් අමතකයි.