පැවිදි හඬ සංවිධානය සමග ‘සිරිලක ජන පවුර‘ සංවිධානය කරන ලද ‘රට බෙදන දෙමළ ඊළාම් ප්‍රතිපත්ති ප්‍රකාශනය හකුළා ගනිව්‘ නමැති රට බෙදීමට එරෙහි අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහන අද (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
එහිදී කුඹුරුගමුවේ වජිර හිමියෝද බෙංගමුවේ නාලක හිමියෝද පෙත්සමට අත්සන් තැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි පෙනෙල්ලෙන් බැට කාපු විට කණාමැදිරි එළියටත් බිය වීම -එදා නොර්වේ ගිවිසුම් සිහිවීම (බ)
දැන් කවුද රට බෙදනවයි කියන්නේ.මේ මිනිස්සු රට බෙදිල්ල කෙසේවෙතත් බෙදල වගේනේ බෙරිහන් දෙන්නේ. (බ)
හාමුදුරුවනේ මේ සංදේශයට ඇතුලත් කරන්න අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක කරුණ අම්මාන්, පිල්ලයාන්, කේපී වගේ අයට එරහිව පියවර ගන්නයි කියල. (බ)
රට බෙදන්න රනිල්ගෙන් අවස්ථාවක් කවදාවත් නෑ..ජාත්‍යාන්තරය තුළත් රට ආරක්ෂා කළේ රනිල් නමැති නිහඩ මිනිසා තමයි (බ)
යහපාලනයෙන් රට රැකගන්නවන්ම් මේවගේ අත්සන් අවශ්‍ය නැහැ .මේගොල්ලෝ බොරුදේවල් කරලා වෙලාව විනාශ කරනවා . දැන් හැමදෙනාටම පැහැදිලියි නේද ඔබ ඉල්ලුව වෙනස සැබවින්ම ලැබුණා කියල...(ම)
අපිටත් අත්සන් කරන්න අවස්ථාවක් නැද්ද ? (ම)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් (බ)
කැසිනෝ පනත් එහෙම එනකොට මේ හාමුදුරුවරු කොහෙද හිටියේ. මට දැන් තේරුනේ එතකොට කැසිනෝ ගේන්න උපදෙස් දුන්න අයද මේ (බ)
අපේ බෙන්ගමුවේ නාලක හාමුදුරුවනේ, තරහ අවසර, මහරජ බලයේ ඉන්නකොට රට රැකගන්න ඔබවහන්සේට දීල තිබුණු ජනාධිපති උපදේශක පට්ටම් රුපියල් 60,000 සැලරි එකයි නැවත ලබා ගන්න නේද අපේ හාමුදුරුවනේ, ඇත්තටම ජාති අාලයෙන් ඔද වැදිලා රට රැක ගන්න එපැයි නේද හාමුදුරුවනේ? (බ)
රටවැසියෝ බුද්ධිමත්. සියල්ලන් ගැනම හොදින් දනී (බ)
අහෝ දුකකි ඉන්දික, රනිල් නමැති නිහතමානී මිනිහ තමා බටහිරත් එක්ක එකතුවෙලා ප්‍රභාකරන්ට උතුර ලියාලා දුන්නේ. මහින්ද නොහිටින්න අද ඔය ඉන්දිකට වෙන්නේ විසා අරන් උතුරට යන්න.(ම)
පතුරත් සම මෙත් සිත සියල් සතුන් වෙත... දස කතාද දුරුලයි ලැබ කභ වත.... බුදු සමයේ කුලමල දෑ බේද නැත.... නිවන් මඟක් නැහැ දෙස්පල් මංපෙත... (නි)
රට බෙදන්න රනිල්ගෙන් අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ.ජාත්‍යන්තරය තුළත් රට ආරක්ෂා කළේ රනිල් නමැති නිහඬ මිනිසා. (නි)
ඉන්දික, 2005 ට පෙර පුවත්පත් හොයාගෙන කියවන්න. (නි)
අවසර හාමුදුරුවනේ, අපිට අවශ්‍ය වෙන්නේ රට තුළ අභාවයට ගිය පන්සල්,වෙහෙර විහාර සියල්ල පිළිසකර කරලා වැනසීයමින් පවතින බුදුදහම නැවත ස්ථාපිත කරන්නයි (නි)
ස්වාමින් වහන්සේලා රට ගැන සිතා පෙරට ඒම ගැන සතුටුයි (නි)
දැනටමත් ෆෙඩරල් ක්‍රමය දෙන්න එකඟවෙලා කියලා සම්බන්ධන්ලා ප්‍රසිද්ධියේ කියනකොට සමහරු ඒක එහෙම නෙමෙයි කියනවා. එවන් අයට පක්ෂය මිස රට ගැන හැඟීමක් නැහැ. (නි)
මුලින්ම රට බේරාගන්න ඕනෑ කාගෙන්ද කියලා අපි දන්නවා (නි)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා. වරප්‍රසාද අහිමිවීමට දුක්වෙන්න එපා.බුදුබණ තමන්ගේ ජීවිතයට ගළපාගන්න. (නි)
ඉතාම කාලෝචිත වැඩක් රටට ආදරේ කරන්නාගේ උත්සාහය සාර්ථක වේවා (ම)
ඒ කියන්නේ රට බෙදන යම් වැඩපිළිවෙළක් තිබෙනවා කියන එකද? (නි)
අපිට නම් දැන් ප්‍රෝඩාසහගත මැතිවරණ ප්‍රචාර පිළිකුල් වෙලයි තිබෙන්නේ. කැසිනෝ එනවිට, කුඩු එතනෝල් එනවිට මේ කිසිවෙකුට දේශප්‍රේමය එන්නේ නැහැ. ඡන්දයක් එනකොට දේශප්‍රේමය ඇතිවෙනවා. (නි)
අපේ රට, ශ්‍රී ලංකාව බෙදන්න කාටවත් බැහැ. විදේශිකයන්ටත් බැහැ.එහෙම වුණොත් චීනය, ඉන්දියාව,ඇමෙරිකාවත් බෙදන්න වෙයි.බුද්ධිමත්ව සොයා බලා කටයුතු කරමු. (නි)
මෙවන් ස්වාමින් වහන්සේලා රටට වාසනාවන්! (නි)
සියලුම මැති ඇමතිවරුන්ගේ කාර්යාල සහ වෙනත් රාජකාරි කටයුතු කරන ස්ථානවල සි සි ටි වී කැමරා සවිකළ යුතු අතර ඒවා වෙනත් ස්ථානයක පටිගත වියයුතුය. එමෙන්ම දුරකතනද පටිගත කරගත යුතුය. මෙවැනි ක්‍රියා නීතිගත කිරීමෙන් දුෂණයෙන් තොර පාලකයන් පිරිසක් රට තුළ නිර්මාණය කරගත හැකිවනු ඇත.එමෙන්ම දේශපාලකයෙකුගේ දුෂණ කටයුත්තක් පිළිබද සාක්ෂි සහිතව තොරතුරු ලබාදෙන කෙනෙකුට ඉතා ඉහළ මුදල් ත්‍යාගයක් පිරිනමන්න. (නි)
මෙවන් ස්වාමින් වහන්සේලා තමයි රටට අවශ්‍ය (නි)
පිරිසිදු වංචා දුෂණයෙන් තොර පාලක පිරිසක් පත්කරගන්න පක්ෂවලට බලකරලා අත්සන් ලක්ෂ 10 ක් එකතු කළා නම් නේද හොඳ? (නි)
අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාර වලදී සහභාගි වන උපරිම පිරිස 3 කට සීමා කරන්න. අපේ රටේ අයවැයෙන් විශාල මුදලක් දේශපාලඥයන්ගේ විදේශ ගමන් සඳහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. දැන් චන්ද්‍රිකා තාක්ෂණය ඉතාමත් දියුණුයි. හරියට බෙහෙත් ගන්න නැති රෝහල් වල පහසුකම් නැති අපේ වගේ දුප්පත් රටකට මේවා අනවශ්‍ය වියදම්. කිසියම් දේශපාලකයෙකු ඔහුගේ විදේශ ගමන් සඳහා අනවශ්‍ය පිරිස් රැගෙන ගියහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි සහ ඔවුන්ගෙන් එම මුදල් අය කරගත හැකි නීති සම්පාදනය කර දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලීමක් කරමු. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
ලසිත, 1994 පුවත් ඔයාම කියවගන්න. (නි)
ඒ කියන්නේ කවුරුහරි රට බෙදන්න යනවා? (නි)
දේශපාලකයන්ගේ කළු සල්ලි පිටරටවල. ඔවුන්ගේ දරුවන් යන්නේ ප්‍රභූ පර්යන්තයෙන්. මේවා ඉස්සරන ම් පරීක්ෂා කෙරුනේ නැහැ. දැන්නම් වෙනවද දන්නේ නැහැ. කොහොම උනත් හොරකම් කරලා රට පැටෙව්වට පස්සේ අල්ලනවා බොරු. ඒ නිසා රජයේ හැම ටෙන්ඩර් එකක්ම ගනුදෙනුවක්ම වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කල යුතුයි. (නදී)
මේ වෙනකොට බොහෝ නිදහස් පක්ෂ පාක්ෂිකයින් පරාජය බාර අරගෙන ඉවරයි. බොහෝ නිදහස් පාක්ෂිකයින් අද හිතන්නේ දෙපැත්තට ඇදල රට අස්ථාවර කරන නායකයෝ දෙන්නෙක් වෙනුවට එකට වැඩකරන්න පුළුවන් දෙන්නෙක් හින්ද රනිල් මෛත්‍රී ජනපති අගමැති සුසංයෝගය ගැලපෙන බවයි. තදම නිදහස් පාක්ෂිකයෝ නිවසේ රැදේවි. පාවෙන නිදහස් පාක්ෂික ජන්ද එජාපයට වැටේවි. එජාපයට සුළුතර බහුතරයක් ඇවිල්ල දෙමල සන්දානය බලවත් කරන්න බොහෝ සිංහලයින්ට උවමනාවකුත් නැහැ. ඒ හින්ද හැමෝම රනිල්ට දේවි මේ පාර (නදී)
කුමාරි, අභාවයට ගිය පන්සල්, වෙහෙර විහාර රකින්න ඔයා මොනවද කලේ? ජාතියක් රටක් නොබෙදී තිබුනොත් තමයි තියන දේ හරි රැකෙන්නේ. ඔය තරමින් හෝ පන්සල් රැකිලා තියෙන්නේ හිමිවරු නිසා තමයි. බුද්දිමත් වෙන්න (නදී)
අපේ සිංහල රට බෙදන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න බැහැ. නමුත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රාජපක්ෂ රජයේ ජනාධිපති උපදේශක වෙලා ඉන්න කොට එක සිංහලයෙක් නැවත උතුරේ පදිංචි කරන්න බැරි වුණා නේද ? (ම)
රට අනතුරට පත් සෑම අවස්ථාවකම පෙරමුණට පැමිණියේ මහා සංඝරත්නයයි. සාධු..සාධු, අද මහානායක හිමිවරුත් රට ගැන නොසිතා බලලෝභීව කටයුතු කරන බෙදුම්වාදීන්ටත් කඩේ යන එක ගැන නම් කණගාටුයි.(ම)
නිතරම බියෙන් හා අනෙකා කෙරෙහි සැකයෙන් යුතුව සිටීමත් අඥානකමේ හා හීනමානයේ ලක්ෂණයක්. (නි)