නොබෙදූ රටක බලය බෙදාගෙන සියලු වැසියන් සමග සාමයෙන් හා සතුටින් ජීවත්වීම දෙමළ ජනයාගේ අභිප්‍රාය බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මාතර දී ප්‍රකාශ කළේය.
මාතර සමූපකාර උත්සවයකට සහභාගී වෙමින් දෙමළ විපක්ෂ නායකවරයකු දකුණට පැමිණි මුල් අවස්ථාව මෙයයි.
‘ත්‍රිවිධ හමුදාවක් රටට අවශ්‍යයි. මුදල් ආගමන හා විගමන විදේශ වැනි කටයුතු මධ්‍යම රජය යටතේ තිබිය යුතුයි. රට බෙදීමට අපේ පක්ෂය කැමැති නැහැ. තව යුද්ධයකටත් අපි කැමති නැහැ. යුද්ධයේ ආදීනව අපි දන්නවා. යුද්ධයක් ඇතිවිය හැකි මාර්ග නැති කිරීමට අපි සූදානම්‘
මන්ත්‍රී බුද්ධික පතිරණ ගේ ඇරයුමින් සම්බන්දන් මේ උත්සවයට පැමිණියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් කරන හරිය හොඳටම ඇති අපිට නම්. (නි)
බලය බෙදනවා කියන්නේ උතුරේ බුදු පිළිම ඉවත්කරන එකද කියා දැනගන්න කැමතියි. මොකද දැන් වෙන්නේ ඒක නිසා (නි)
ජාතිවාදී විෂබීජය ජනතාව තුළ ඇතිකිරීම දේශපාලකයන්ගේ බඩවියත රැකගැනීමට හේතුවේ. එය උතුර වගේම දකුණටත් පොදුවූවකි. දකුණේ මෙහි ඉහතින් ප්‍රතිචාර දක්වා ඇති ඇසළ මහතා වැන්නවුවන් බිහිවීම වගේම උතුරේ ප්‍රභාකරන්ලා බිහිවීමටද මේ තත්ත්වය හේතුවී ඇති බව පෙනෙන්නට ඇත. පන්සලයි, කෝවිලයි කරමත තබාගත්තත් සිදුවූ මිනිස් ඝාතන වලට මේ කවුරුත් වගකිව යුතුය. දැන්වත් තේරුම්ගෙන බඩවියත ගැන නොසිතා කටයුතු කිරීම කාගේත් වගකීම වියයුතුය. (නි)
ඔව් ඔව් බලය බෙදන්න. (නි)
ඔබලා එකමුතුව වැඩ කලානම් කොච්චර වටිනවද. එහෙනම් ඔබතුමාලව ඉහමුදුනින් පිළිගන්නේ දකුණේ සිංහල ජනතාව.අනික මේ පුංචි රටේ මධ්‍යම ආණ්ඩුවක් කියලා සම්මත කරගත් ආණ්ඩුවක් නැහැ කොහෙවත්.තියෙන්නේ මධ්‍යස්ථ කාටත් පොදු ආණ්ඩුවක් පමණයි. (බ)
මෙයා දැන් හොඳයි අනික් කෙනා තමයි කචල්. (බ)
කෙටියෙන් කියනවා නම් රට සහ බලය කේන්ද්‍රගත වියයුතුයි. සම අයිතිවාසිකම් සමාන වියයුතුයි. සියලු ආගම් ආරක්ෂා කළයුතුයි. (නි)
බලය ඉල්ලන කොට දකුණේ සිංහලයෝ බකන් නිලාගෙන ඉන්න ඇති. අනේ සිංහලයට ගිය කල. (බ)
බුද්ධික මහතාණනේ ඉතිහාසයේ ලංකාවේ කුවේණි කාලයේ පටන් එන සිංහල ඉන්දියා සම්භවයක් තිබුනේ නැහැ. අපේ රටට මුලින්ම ආපු විදේශිකයා විජය රජු එදා පටන් දුක්ඛිත ජීවිත ගෙවන ඉන්දියානුවන් අද දක්වා ජීවිත පරදුවට තියා ලංකාවට අාවා (බ)
ඒ කතාවෙ නම් අසාධාරණයක් පෙනෙන්නෙ නැහැ. (නි)
මෙය මාතරදී ඔහොම කීවාට, යාපනේදී කියන්නේ අපිට ෆෙඩරල් ඕනේ කියලා. කවුරු කවුරුත් කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ කියලා තේරුම් ගන්න (බ)
රට නොබෙදා, බලය බෙදනවා. හරිම හොද කියමනක්. ලැබෙන බලය අනුව නිතිය කුමක් වුවත් සිංහලයනට, උතුර සහ නැගෙනහිට සමහර කොටස් බැහැ.බොදු සිදස්ථාන බැහැ .අදටත් විග්න්නේස්වරන්ලාගෙන් ඇසෙන්නේ එවැනි කියුම් නේ. දකුණේ දේශපාලන බල පෙරේතයන් සිටින නිසා සැමටම කලවමේ ඉන්න පුළුවන්, ඉන්පසු ඉතිරි ටිකත් ගිලගන්න පුළුවන්නේ. බුද්ධික පතිරණලාට මේවා හරි කියුම් වුවාට දේශපාලන බලපෙරේත ගැත්තන් නොවන අපි මේවා පිළිගන්නේ නැහැ. (බ)
රටේ වගේම බලයේත් කිසිම බෙදීමක් අවැසි නෑ,මේක ඉන්දියාව නොවෙය් පුංචි එක්සත් ශ්‍රීලංකාව. (බ)
උතුරේදී එකක් දකුණේදී තවෙකක් කියන මෙයාගේ දේශපාලනේ මුළු රටම දන්නවනේ. මිනිසුන්ට පාඩුවේ ඉන්න දීලා ඔයාල ජාතිවාදේ වපුරන්නේ නැතුව හිටියනම් ඒ ඇති. (බ)
දැක්කනේ. දෙමළ මහා විදුහල් හදන්න මුල්ගල් තියනවා. අපේ ළමයින්ට යාපනේ විශ්ව විද්‍යාලයට යන්න බැහැ. අපෙ තියෙන සුහදත්වය ඔවුන්ගේ තියෙනවද? අපේ සිංහල අයට පුලුවන්ද යාපනේ මොන්ටිසෝරියක්වත් දමන්න? (නි)
ෆෙඩරල් ක්‍රමයක් ඕනෑ වෙන්නේ රටක සිවිල් යුද්ධයක් ඇති වෙන්න කලිනුයි. නමුත් ලංකාව වගේ කුඩා දූපතක් ඒ ඒ ජාතීන් විසින් බලය බෙදීමක් ඉල්ලනවා කියන්නේ ඔවුන්ට අනියමාර්ථයෙන් රට බෙදන්න ඕනෑ කියන එකම තමා. රටට ආදරය කරන මිනිස්සු නැති රටකට හොඳම උදාහරණය තමයි අපේ රට. (නි)
60% මෝඩයින්ගේ තවදුරටත් මොළ සේදීමේ උත්සාහයක්ද? (නි)
මොකුත් බෙදන්න අවශ්‍ය නැහැනේ. ඇයි හැමදෙනාටම සමගියෙන් ඉන්න බැරි? (නි)
දකුණට එකක්, උතුරට තව එකක්, මේවා පූචානම් කතා. (ර)
බලය බෙදන්නේ මොකටද?මෙයාලට ඕනේ දේවල් ලැබෙනකොට. තව මොන මොන රහස් කතා තියෙනවද කවුද දන්නේ? (ර)
බන්දුල හරි. මොයගේ කතා විශ්වාස කරන්න බැහැ. (ර)
එහෙම නොකිය බැහැනේ මාතරදී..කොළඹ එන්න වෙන්නේ නැහැනේ..නැත්නම්..(බ)
ඇසළ, බලන් ඉඳල විතරක් නෙවෙයි විසිල් ගහල හුරේ දාල. (ර)
දැන් ඔය බලය ලැබුනම දෙමල ජනයට විමුක්තිය උදා වෙනවද? දෙමල ජනයාගෙන් බාගයක් ඉන්නේ රටේ අනිත් පළාත්වල, එතකොට එයාලත් ඔය බලය තියන පැතිවලට ගෙන්න ගන්නවද, නැතුව එයාලට විමුක්තිය දෙන්නේ කොහොමද? (ර)
මේගොල්ලෝ ඔක්කොම ඉල්ලන්නේ කුට්ටියම තමයි. (ර)