
(අංජුල මහික වීරරත්න)
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙලකින් පමණක් බවද ජනාධිපතිවරයා කීය.
තමා බාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් බාර ගැනීමට අකමැති වු රටක් බව කී ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දී තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහඳ කථා බහට එක් වෙමිනි.
“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදී රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද පිළිතුරු ලබා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත් රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම කියලා තියනවා .ආයිත් අර්බුධයක් නොවෙන්න හරි තීරණයක් ගන්න ඕනි .මොකද මේ කතා කරන්නේ අවුරුදු 40 ක් විතර දේශපාලනය කරපු කෙනෙක් ඒ අයගේ කට්ටිය තමා මෙච්චර ප්‍රපාටහ්යකට රට ඇදලා දැම්මේ
මේකත් රනිල්ගේ බ්‍රේස්ලට් රත්තරන් කතාවට දෙවෙනි නැහැ තරුණය කියන්නේ අව්රුදු 15-24 වයසේ පුද්ගලයෝ. ඔවුනට රට ගොඩ ගන්න දුන්නොත් වඳුරන්ට දැලිපිහිය දුන්නා වගේ හිටී. ඔවුන් කියනදේ කරන්න හොඳ බව ජෙප්පෝ සහ ප්‍රභාකරන් ඔප්පු කර තිබෙනවා.
ආ ඇත්තද?? එතකොට 2048 වෙද්දි තමනුත් තරුණ වෙනවා කියලද හිතං ඉන්නෙ?? නාකි ලොන්තයෝ බදාගෙන රට කෑවා කියලා අපි කියන්නෙ අහවල් අමාරුවට නෙමේ.. දැන්වත් ගෙවලයෙක් වගේ බදාගෙන ඉන්න එක අත ආරියවංශ හොඳයි.. කොහොමත් තරුණ පරපුර නාකි මල ඉලව් ටිකට පාඩමක් කියලා දෙයි..
මට හිතෙන්නෙ දැන් පරක්කු වැඩියි ලොක්කා. පෙරහැර ගිහිල්ලා ඉවරයි .. දැන් ගිහින් විවෙකයෙන් ඉන්න. වයස ගැන හිතලා,.
ඔබ සහ ප්‍රේමදාස ප්‍රමුඛ එජාප පාලනය විසින් තරුණයින් 60000ක් අමානුෂික ලෙස ඝාතනය කරනු ඇත.
පුදුම සෙනග ගොඩක් නෙ ඉන්නෙ