(නිමල කොඩිතුවක්කු)

මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන මුදල් නොමැතිකමට විසදුමක් ලබාදිය හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.