(අංජුල මහික වීරරත්න)
පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය.
දහඩියෙන් මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත් රට ගොඩ ගන්නා බව බය නැතිව ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා සජබෙ, පොහොට්ටුව,ජවිපෙ , දෙමළ සන්ධානය,එජාපය, එක මවකගේ දරුවන් සේ එකතු විය යුත්තේ රට ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණ තිබෙනවා. ඔබ සැමට ස්තුතිය පුද කරනවා.අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කටයුතු කළා.
අද අප අපේ පක්ෂය හැදු නායකයන් සිහිකරනවා. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල,ජේ.ආර්. ජයවර්ධන,ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා .ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතනට පැමිණ සිටිනවා.
මා අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි.එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා .මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා.අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා.ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණාදැයි කියා මා දන්නේ නැහැ .ආර්ථිකය කඩාවැටිලා.මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයාගේ ...........
ඩී.එස් සේනානායක මැතිතුමා බිහිකළ ( UNP ) ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂය අලුත් අදහස් වෙනුවෙන් සහ අලුත් පරපුරක් වෙනුවෙන් සක්තිමත් කරමු. ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය සියලුම දෙනා එක්ව අනාගත සැමරීම මගින් අලුත් දේශපාලන පරපුරට පණිවුඩයක් ලබාදී තිබේ ආසියානු රටවල් සහ මැදපෙරදිග රටවල් මේවනවිට වේගවත් සංවර්දනක් කරා ගමන් කරමින් සිටි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය වෙනස් කළයුතුව තිබේ. දියුණු කිරීමට අවශ්‍ය සියල්ල රට තුල පවතී. නමුත් රටක දියුණුවට අත්‍යවශ්‍ය වනාවූ අවංකත්වය, විනිවිදබව, මනුෂත්වය සහ විස්වාසය දේශපාලනයේ සහ පරිපාලනයේ පෙනෙන්නට නොමැත
තවටික දවසකින් කියාවි මේක ගොඩගන්න බැරි රටක් ඒ නිසා අවුරුදු 10 කට රට අරගල කරුවන්ට බාර දෙනවා කියලා. ISGA ගිවිසුම් වෙනස් වෙලා නැවත එවි.
අපිට ඔය කිසිදෙයක් එපා ! ඔහෙ ඔහෙගෙ වොක්ස්වැගන් කොම්පනියත් අරගෙන දෙයියන්ගෙ නමින් තොලොන්චිවෙලා යන්න !
කවදද 2048 ද? මෙයාගෙ මෙ බයිලා අහලාම එපාවෙලා.
රනිල් රාජපක්ෂ සහ නඩය තොලොංචි වෙලා යනකන් රටට කිසිම සෙතක් නෑ.
දැනට කරගෙන යන්නකෝ.. ඊළඟ ඡන්දෙදී පොහොට්ටු සජබේ යූ.එන්.පී. උත්තර ඔක්කොම ගෙදර අරින්න අපි බලාගෙන ඉන්නවා.