(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාර්ගවල විදුලි පහන්  සඳහා විදුලි බල මණ්ඩලය  පාලත් පාලන  ආයතනවලට  ලොකු බිල්පත් එවා ඇති බවත් මෙම බිල්පත් එම පළාත් පාලන ආයතන වලට  ගෙවා ගත නොකැකිවීමෙන්  විදුලිය කැපී මාර්ග අඳුරට යන අවදානමක් මතුව  ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පැවසීය.

පළාත් පාලන ආයතන බොහොමයක් අද පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.