(අංජුල මහික වීරරත්න)
සුප්‍රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් අගමැති හරිනි සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් පෙනෙන්නේ රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43:2 වගන්තියෙහි අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳී සිටින බව පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ යැයි කී එජාප මහලේකම් වරිය මේ වන විට ව්‍යවස්ථාවේ ඒ වගන්තිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් විසින් බිඳ දමා තිබෙන බව කීය.
කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතුකෝරළ මහත්මිය මෙසේද කීවාය.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණ ගැන කතා කළා.ඒ වගේම හිතුනොත් නීති හදලා කුමන්ත්‍රණ මැඩ පවත්වනවා වගේ තර්ජනයකුත් දැම්මා.එතුමා අතීතයේ හැසිරිච්ච ආකාරය ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ.
ඒ වගේම සුප්‍රීන් සැට් රොකට්ටුව ගැන අහපු ප්‍රශ්නයකට අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙනවා. ඒ ප්‍රශ්නය අයත් වන්නේ මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයෝජන මණ්ඩලයට.ඒ ගැන පිළිතුර හදන්න ඕන මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා.මේ ගැන අර්බුදයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේදී ඒක සාකච්ඡා කරලා පිළිතුරක් දිය යුතුව තිබුණා.
සුප්‍රීන් සැට් රොකට්ටුව යැවීම රාජ්‍ය සම්පත් කිසි ලෙසක භාවිතා නොකළ පෞද්ගලික ආයෝජනයක් බව සුප්‍රීන් සැට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
ඒ වගේම අගමැතිවරියගේ පිළිතුරෙන් පසු ඇමති වසන්ත සමරසිංහ ඊට පරස්පර උත්තරයක් ලබා දුන්නා.කැබිනට් මණ්ඩලයේ තිබෙන මේ පරස්පරතාවය මොකක්ද?ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43:2 වගන්තියෙහි අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳී සිටින බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.අගමැතිවරිය එකක් කියන විට වසන්ත සමරසිංහ ඇමතිවරයා තව එකක් කියනවා.
අගමැතිවරිය අපහසුතාවයට පත් කරන්න හිතා මතාම යටි කුමන්ත්‍රණයක් ලෙස මේ පිළිතුර හදා දුන්නාද ප්‍රශ්නයක් අපට තියෙනවා.ඒ අනුව ජනාධිපතිතුමා කියපු කුමන්ත්‍රණය තියෙන්නේ එතනමද කියන ගැටලුවක් අප හමුවේ ඉතිරි වෙනවා.
ඒ වගේම එදා ජනපති පාර්ලිමේන්තු කතාවේදී පාර්ලිමේන්තුවේ කියන්නේ බොරු යැයි ප්‍රකාශයක් කළා. ඒ කියන්නේ එතුමා විපක්ෂයේ ඉඳගෙන එදා කිව්වේ බොරුද?මේ රටේ ජනතාව වැඩිපුරම නොමග යැව්වේ ඒ කතා තමයි.මේ පැටලැවිලි මොනවද කියලා හිතාගන්න බෑ.එක පැත්තකින් අගමැතිවරිය අමාරුවේ දානවා.කැබිනට් සාමූහිකත්වය ආරක්ෂා කරන්න බැරි ඇමතිවරු ඉන්නවා කියන එක රටක් ජාතියක් ලෙස ලැජ්ජා විය යුතු කාරණයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉස්සර අපිට මතකයි. සෑහෙන්න එකමුතු කැබිනට් එකක් තිබ්බා. කෙහෙලිය රටේ දුප්පත් මිනිස්සුන්ට බාල බෙහෙත් ගේනකොට ඒ කැබිනට් එකේ ඔක්කෝම ඒක අනුමත කළා. හැබැයි කෙහෙලිය හිරේ ගිහින් අල්ලස් කොමිසමෙන් කජු සීයාගෙන් ප්‍රශ්න කරනකොට කියපු උත්තරේ තමයි කැබිනට් පේපරේ වගකීම තියෙන්නේ ඇමැතිට කියලා...
සමගියෙන් පැනලා ගිහින් සිලින්ඩරේ කරගහපු තමුන් ගැන මොන කතාද?
ඔය සුන්බුන් විපක්ෂයෙන්. ඔයිට වඩා... දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔහොම යමු මැඩම්....
ප්‍රකාශ නම් පරස්පර තමයි. ඒත් මෙයාගේ ප්‍රකාශයත් පරස්පරයිනේ. වසන්ත සමරසිංහ කියන්නේ නියෝජ්‍ය ඇමැති කෙනෙක්. එය කොහොමද කැබිනට්ටුවේ ඉඳගෙන සාමූහික වගකීමක් දරන්නේ? නියෝජ්‍ය ඇමැතිවරු කවද්ද කැබිනට්ටුවේ ඉඳගත්තේ?
තාල නම් තාලෙට.. එහෙත් මේ වගේ මී බෙටි කුමටද?
බොරු කියන්න ගියාම පැටලෙනවා තමයි. ඔක්කොම කතාවෙලා එක බොරුවක් කියන්න. ඒත් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා කියමනක් තියෙනවා නේ. එකයි අගමැතිනිට නම් උනේ. හැබැයි දැන් ඒක නිසා බොරුවෙන්ම ජීවත්වෙන මණ්ඩලේ කචල්.
කැබිනට් වගකීම තියෙන්නේ රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ගැන විතරයි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඇසුව ප්‍රශ්ණයකට නිළධාරීන්ට වැරදි තොරතුරු සැපයු විට ඒක කැබිනටුවේ සාමූහික වගකීමට යටත් වෙන්නේ කොහොමද කියලා තලතා අපිට කියලා දුන්නා නම් හරි......