IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට කතගේ බඩු හොරාගත් කතට දඬුවම්

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සතු අයිපෑඩ් දෙකක් රන් ආභරණ, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ දෙකකට අධික  දෑ හොරකම් කළ බවට අධිකරණයේ දී වරද පිළිගත් මොහොමඩ් පරීනා නම් කාන්තාවකට එම බඩු ආපසු දෙන ලෙසත් රුපියල් විසිදහසක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (7) නියෝග කෙළේය. රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන  අලෙක්සැන්ඩ්‍රා නිකොල් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තවක  කළ පැමිණිල්ක් අනුව පොලිසිය,  ඇගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.  පෙර වැරදි ඇද්දැයි වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් ඇඟිලි සලකුණ  අංශයට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දඬුවම් කිරීම පසුවට කල් තැබිණි.



අදහස් (0)

රට කතගේ බඩු හොරාගත් කතට දඬුවම්

චාමින් Friday, 08 June 2012 12:23 PM

හක්ක පටස් ඔහේ ලියනවා විතරයි.

:       0       1

ඇටකිච්චා Thursday, 07 June 2012 10:56 PM

මොනවද කිව්වෙ..

:       0       0

සරත් Thursday, 07 June 2012 11:56 PM

මෙයාටත් රුපියල් 20ක දඩයක් ගහන්න තිබුණේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 08 June 2012 12:06 AM

පිටරට අයගේ බඩු හොරකම් කරන එක හොඳ නැහැ.කරන්න වෙන ඕන දේවල් තියෙනවානේ.

:       0       0

ජලා හුටන් පිස්සු වෙදා Saturday, 09 June 2012 02:26 PM

සොරකමට දඩුවම් දෙනු

:       0       0

රජිත් Friday, 08 June 2012 01:01 AM

අන්කල් සෑම්, අපි මේකේ විහිලුවට දාන ඒවා සීරියස් ගන්න එපා.අපි හොරුන්ට සුදු හුණු ගාන තීන්ත බාස්ලා නෙමෙයි

:       0       0

සංගීතාචාර්ය සුජිත් Saturday, 09 June 2012 03:39 PM

කිරි මාටින් තුමෝ, යුරෝපයේත්, අනික් රටවලත් වැසිකිලි හෝදන වගේම විවිධ ක්ෂේත්‍ර වල දස්කම් දක්වන ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? එමෙන්ම ලංකාවේ වැසිකිලි හේදීමේ රස්සාවක් වත් හොයා ගන්න බැරි අය කොපමණ සිටිනවාද? ඇයි ඔබතුමා මෙහෙම මිනිසුන්ට නින්දා කරන්නේ?

:       0       0

මාතර මල්ලි Friday, 08 June 2012 02:11 AM

අනේ සෑම්............

:       0       0

හේවාවිතාරණ Friday, 08 June 2012 02:22 AM

මේ වගේ පහත් වැඩ නිසා යුරෝපයේ ඉන්න අපිවත් ගණන් ගන්නේ හරිම පහත් විදියට

:       0       0

ශෘංගාර Saturday, 09 June 2012 06:28 PM

බඩු හොරකම් කරන එක විතරක්? පිස්සුද?

:       0       0

වරුණ Friday, 08 June 2012 08:31 AM

ශ්‍රී ලාංකීය නාමය කෙළෙසන අයට දැඩි දඩුවම් දිය යුතුයි.මුස්ලිම් කතක් නිසා ශරියා නීතිය ක්‍රියාත්මක කල යුතුයි

:       0       0

ලුම්බිණි Friday, 08 June 2012 08:51 AM

ඇයි අනේ පහත් විදියට සලකද්දී යුරෝපේ ඉන්නේ. එන්නකෝ ලංකාවට.

:       0       0

සරත් Friday, 08 June 2012 09:11 AM

හේවාවිතාරණ, යුරෝපයේ කොහොමත් අපිට ලොකු තැනක් නෑ කියලා එයාර්පෝට් එකෙන් ඇතුලු වෙද්දිම තේරෙනවනේ

:       0       0

අමල් Friday, 08 June 2012 09:42 AM

ලංකාවේ අයට ඉතින් යුරෝපාවල පුදුම විදියටනේ සලකන්නේ ?

:       0       0

සංගීතාචාර්ය සුජිත් Friday, 08 June 2012 06:07 PM

මේවගේ පුවත් ගැනත් දාන කොමෙන්ටු මොනවාද? රට ගිහින් වැසිකිලි හෝදලා හරි දෑතේ මහන්සියෙන් ජීවත් වෙන එක අගේ කරන්න ඕනේ. ලංකාවේ ඉඳන් බෝක්කු උඩ බුලත් විට කකා ඉන්නවට වඩා ඒක දාහෙන් සම්පතයි. මේ "වැසිකිලි" හෝදන අය එකතු කරලා එවන සල්ලි තමා අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය. මන් කියන්නේ බොරුද මහාචාර්ය අජිත්?

:       0       0

ඇටතිච්චා Tuesday, 12 June 2012 04:13 PM

සුජිත් නිශාන්ත, නිවසක මෙහෙකාරියක් ගන්නකොට දෙවරක් කල්පනා කරලා බැලුවොත් හොදයි.ඇති ඔයින් ගියා.. මම නම් ඊටත් වඩා පරිස්සම් වෙනවා..

:       0       0

කිරිමාටින් Saturday, 09 June 2012 11:21 AM

සංගීතාචාර්ය සුජිත්, මම කියන්න අදහස් කළේ අපිට යුරෝපයෙන් හොද රැකියා නොදෙන බව මිස විදේශ විනිමය හෝ මහන්සිය ගැන නොවේ.ඒක තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 11:17 AM

අනේද කියන්නේ...... යුරෝපා ගිහින් අපේ අය වැඩිපුරම කරන්නේ වැසිකිළි හෝදන එක

:       0       0

හක්ක පටස් Friday, 08 June 2012 11:21 AM

රට කතුන්ගේ බඩු හොරකම් නොකර වෙන මොනවා හොරකම් කරන්නද සුජිත් ආචාර්යතුමෝ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 07 June 2012 08:13 PM

නිවසක මෙහෙකාරියක් ගන්නකොට දෙවරක් කල්පනා කරලා බැලුවොත් හොදයි.ඇති ඔයින් ගියා..

:       0       0

සෑම් Thursday, 07 June 2012 08:36 PM

අවාසනාවකට හොරකම්, වංචා කිරීම් සාධාරණීකරණය පාටකයින් කොටසකුත් ඉන්නවා.... මම ඒ අයටයි කියන්නේ...... මේකටනම් මේවගේ comments දාන්න එපා..... අනේ පව් ආසාවට වෙන්න ඇති හොරකම් කරන්න ඇත්තේ හෝ පව් බඩ ගින්නට වෙන්න ඇති හොරකම් කරන්න ඇත්තේ කියල......

:       0       0

අමිල කටුනායක Thursday, 07 June 2012 09:05 PM

මේ කාරිය නම් හොදට කරල තියෙනවා.. දැන් ඉතිං මුහුණ පෙන්නන් වෙනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site