බුද්ධ රූපයක් පච්චයක් සේ පිටේ කොටාගෙන මහනුවර දළදා වීදියේ අවන්හළකට ආ නෙදර්ලන්ත කාන්තාවක වෙනත් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව මහනුවර සංචාරක පොලීසිය කියයි.
අවන්හල් සේවකයන් සමග ඇති කර ගත් ගැටුම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
ලංකාවට ආ පසු පච්චය කොටා ගත් බව ද ඇය කියා ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රට කතකගෙ පිටේ බුද්ධ පච්චයක්
ලීල් Friday, 08 February 2013 01:33 AM
ඇයි මේ අනවශ්‍ය කලබල කරන්නේ? (නි)
වරුණ Thursday, 07 February 2013 02:30 PM
බුද්ධ රූපේ තියෙන තැන හමගහලා යවන්න .(ස)
නීලා Thursday, 07 February 2013 02:31 PM
පච්චයක් කොටා ගන්න තහනමක් නෑ ...ඉතින් ඇයි මොකද්ද වරද ?? මට තේරෙන්නේ නෑ .(ස)
මාලක Thursday, 07 February 2013 02:32 PM
මමත් පච්චයක් කොටා ගන්නයි හිතන් ඉන්නේ .(ස)
ඉසාම් Thursday, 07 February 2013 02:40 PM
පච්ච කොටන එක සාමාන්‍ය දෙයක් .(ස)
ඉමල් Friday, 08 February 2013 03:50 AM
අපේ තාත්තගේ පපුවේ ඉස්සර ගහලා තිබුනා දුප්පතාගේ හිතවතා කියලා.(නදී)
මාලා Thursday, 07 February 2013 02:47 PM
මේකේ තියෙන වැරැද්ද මොකද්ද ? .(ස)
නඩරාජ් Thursday, 07 February 2013 02:50 PM
වරුණ ,හමගහන්න ඕන සුද්දිව නෙමෙයි පච්චෙ කොටපු ලාංකිකයව .(ස)
ලලිත් Thursday, 07 February 2013 02:54 PM
චන්ඩි කාන්තාවක් වගේ . වැරදිලා හරි වැරදි පච්චයක්නේ කොටලා තියෙන්නේ ?? .(ස)
ලාරා Thursday, 07 February 2013 03:01 PM
අල්ලා දෙවියන් වුණත් සත්තු මරාගෙන කන්න කියලා තියෙන්නේ කන්න දෙයක් නැතිම නම් විතරයි. (නි)
නිමල් Friday, 08 February 2013 04:47 AM
බුදු සරණයි! අම්මා බුදුවේවා! ඒකට වඩා බුද්ධ රූපයක් පිටේ සටහන් කරගන්න එක වෙන දෙයක්. මේක සටහන් කරපු එකාටයි දඩුවම් කරන්න ඕනේ.(නදී)
පියල් Friday, 08 February 2013 05:14 AM
ආගම් වලට නිගා නොකරන්න (දී)
චන්ද්‍රකුමාර Thursday, 07 February 2013 03:20 PM
පච්චා කෙටීම වරදක් නොවේ. නමුත් සෑම ආගම් ශාස්තෘවරයෙකුටම සිතින් කයින් සහ වචනයෙන් ගෞරව කළ යුතුයි. (නි)
පාලි Thursday, 07 February 2013 03:39 PM
ආගම ප්‍රදර්ශනය කිරීමක්නේ . මුකුත් කියන්න එපා. ..(ස)
තිලකගේ Thursday, 07 February 2013 03:53 PM
අසීමිත නිදහසේ අතුරු ප්‍රතිඵලයක් .(ස)
පාලි Thursday, 07 February 2013 03:55 PM
මතකනේ අර චිත්‍රපටිය... (නි)
ගමගේ Thursday, 07 February 2013 04:00 PM
පින් සිද්ද වෙයි ආගම් වලට නිගා කරන්න එපා (දී)
උපුල් ගලප්පත්ති Thursday, 07 February 2013 04:01 PM
"බුදු සරණයි " , "අම්මා බුදු වේවා" මේ වගේ පච්ච කොටපු අය මම දැකල තියනව. .(ස)
සමන් Friday, 08 February 2013 07:46 AM
ඒ ගැහැණියට වදින අයත් ඉදීවි බී ගත්තායින් පසුව.(නදී)
අනුර Thursday, 07 February 2013 04:29 PM
පච්ච කොටන එක හරි, නමුත් බුදු රූප යොදා ගැනීම අනුමත කරන්න බෑ (ස)
ජයතිස්ස Thursday, 07 February 2013 04:45 PM
එයාද වැරදි? පච්චය කොටපු කෙනාද වැරදි? (නි)
මුතුකුඩ Thursday, 07 February 2013 05:18 PM
මේක පච්ච ප්‍රශ්නයක්. මෙවැනි දේවල් තුළින් සිදුවන්නේ ලංකාවට පැමිණෙන විදේශිකයන් ලංකාව සම්බන්ධව පවතින සුභවාධී දැක්ම අසුභවාදීවීමයි. (නි)
ඉසුරු Thursday, 07 February 2013 05:37 PM
අත්අඩංගුවට ගන්න ඕනේ විතරක් නොවෙයි දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
ඉසුරන්දි Thursday, 07 February 2013 05:47 PM
මෙයාට වෙන කොටා ගන්න පින්තූරයක් තිබුණෙම නැද්ද ? (ස)
රාජු Thursday, 07 February 2013 05:51 PM
ඉතින් දෙයියනේ කවුරුහරි ඔය සුද්දන්ව සුද්දියනව දැනුවත් කරනවද මේ මේ දේවල් කරන්න එපා කියලා, ලංකාවට එනකොට? ඔය සුද්දි නොදැන කරපු දෙයක් නම් සමාව දෙන්න තියෙන්නෙ. කොහොමටත් සුද්දි අත්අඩංගුවට අරන් තියෙන්නෙ වෙනත් චෝදනාවකට නේද? (නි)
හිල්ම් Thursday, 07 February 2013 05:55 PM
ඒකේ පුදුමේ කියන්නේ ලංකාවට ආවට පස්සෙලු ඒක කෙටුවේ (දී)
නිත්‍යා Friday, 08 February 2013 10:01 AM
වෙන මුකුත්ම තිබුණේ නැද්ද ? (ස)
ආනන්ද Thursday, 07 February 2013 06:22 PM
භක්තිය වැඩි නිසා කළා වෙන්නත් පුලුවන්. (නි)
විජිත Thursday, 07 February 2013 07:25 PM
අපිට අපේ ඇගේ ඕන තැනක පචිච කොටාගන්න පුළුවන්.(නදී)
සමන් Thursday, 07 February 2013 07:30 PM
ලංකාවේ බෞද්ධාගමේ අය කරන දේවල් වල හැටියට මේක සුලු දෙයක්. (නි)
තිලකගේ Thursday, 07 February 2013 08:25 PM
එයාගේ ආගම බෞද්ධ නම් වෙන්න බැහැ.(නදී)
උපුල් Thursday, 07 February 2013 09:50 PM
බෞද්ධ රුවක් සහ බුදු සරණයි කියා පච්චා කොටාගත් අයෙක් අපේ ගමෙත් හිටියා. හැබැයි කවුරුවත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැහැ. (නි)