පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන්විලදී පැවසීය.
පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ, සම්පත් වැනසූ, සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපති කීවේය.
මෛත්‍රී අභිනන්දන උළෙල අමතමින් අරලගන්විලදී ජනපති මෙසේද කීවේය.
‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාලා, ජාතික ධනය විනාශකරලා, කෝටි ගණන් සල්ලි පිටරට බැංකුවල තැන්පත් කළ අය හොයා, ඒ අය නීතිය ඉදිරියට ගෙන ඒම, රටකරවන නව ජනාධිපතිතුමාගේ යුතුකමක්. ඒකට මුළු රටම ඔබතුමා සමඟ සිටිනවා. "සුදනෝ" වෙන්න හදන හොරුන් තාම ඉන්නේ හැංගිලා! ඒ වුණත් ඒ වැඩ කන්දරාව පුළුවන් තරම් ඉක්මනට කළොත් ඔබතුමාටත්, මුළු රටටමත් හොඳයි (නි)
මොකද ඉතින් කොමිසම ප්‍රමාද? (නි)
වෙන වෙනම කොමිසම් දාන්න වෙයිද දන්නෙ නැහැ. මොකද කට්ටිය එච්චරටම ඉන්නවනේ! (නි)
මහත්තයෝ, ප්‍රමාද වෙන්න එපා (නි)
වැරදි අඩුපාඩු තිබුනා නම් පක්ෂය තුළම විවේචනාත්මක අරගලයක් ගෙනගිහින් වීරයෙක් වෙන්න ඕනෑ..අවදානම දරන්න ඕනෑ.හැමදේම අනුමත කරගෙන හැමදේටම අත උස්සලා දැන් තමන්ට විතරක් හොඳ වෙන්න පුලුවන්ද? පසුගිය රජයෙන් වරදක් වුණා නම් පසුගිය රජයේ තනතුරු දැරූ සියල්ලන්ම ඒකට වගකියන්න ඕනෑ.. (නි)
අල්ලස් කොමිසමටත් වඩා බලය සහිත පූර්ණ අධිකරණ බලය ඇති ජනාධිපති කොමිෂමක් පත් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. උදාහරණයක් ලෙස 1971 පත්කරණ ලද අපරාධ විනිශ්චය කොමිසම උදාහරණයට ගත හැක.(නදී)
මේ හරහා යමක් සිදු වෙයිද බලමු.(හේ)
මේක නම් හොද වැඩක්, නැති නම් මේ රට කන එකේ ඉවරයක් නැහැ. ලිස්සලා යන්න නොදී දඩුවම් කරන්න ඕන. (හේ)
ඡන්දේ ළං වෙද්දී ඔක්කොම එළි වෙයි (දිල්)
මට නම් දැන් මේවා අහල ඇති වෙලා. එක වතාවක් කට්ටිය ගෝල් ෆේස් එකේ එල්ලුවා (94 මැතිවරනෙන් පසු). 2002 තව කට්ටියක් එල්ලුවා. (නදී)
නොයන මගකට තවත් පාරක්. මෙච්චරකල් කෙසිවෙකුටවත් විරුද්ධව මොනවක්වත් කරලා නැහැ. (නදී)
මේ අපරාධ, වංචා , හොරකම් ඔක්කොම වෙලාතියෙන්න අගහරු ලෝකේ. ඒක නිසා පොලිසියට අත් අඩංගුවට ගන්න මිනිස්සු නැහැ. (නදී)
කොමිසම පත්කරනවා කියන්නේ ස්ථිරව තැන්පත් කරන එක. එතනින් ඉවරයි (නදී)
ඔබතුමා හරි. අපිටත් තියෙන ප්‍රශ්නය තමයි මේවා මෙතරම් ප්‍රමාද මොකද කියන එක. (නදි)
මේ හොරකම්.වංචා, දුෂණ වලට වගකිව යුතු තැනට නියම දඩුවම් දෙන්න (දිල්)
සරත් ෆොන්සේකා මහත්තයව සභාපති කරන්න, (හේ)
නීතිය සාමය සුරකින ලොවකට අපව රැගෙන යන්න , කොන්දක් තියන, එඩිතර, බුද්ධිමත් , මැරෙන්නවත් බයනැති , තුන්වරක් මාරයා පරාජය කළ සෙන්පතියනන් එනතුරු බලාසිටිමු.(හේ)
1977 ඉදලම පටන් ගත්තොත් තමා හොඳ (නදි)
ජනාධිපතිතුමනි, අතේ ලේ සහ මඩ තැවුරුනේ නැති අවංක උගත් අය පත්කරගන්න. (නි)
හරියට ඇල්ලුවොත් පක්ෂ -විපක්ෂ ඔක්කොම හිරේ .මුළු පාර්ලිමේන්තුවම හිස් වෙයි .(දිල්)
ජනපතිතුමනි බොරු දේශප්‍රේමින් නොව සැබෑ ලෙසම රටට ආදරය කරන බහුතර ජනයාගේ බලාපොරොත්තුවක් තමයි ඔබ ඉටු කිරීමට සුදානම් වෙන්නේ .ස්වාධින විනිසුරන් පත් කර දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව කටයුතු කිරීමට කොමිසමට බලතල පවරන්න .වත්මන් ආණ්ඩුවේ අයටත් චෝදනා ඇත්නම් කොමිසම හමුවට පමුණුවන්න .මෙවැනි පිරිසිදු පාලනයක් තමයි අපි බලාපොරොත්තු වුනේ .ඔබට ජය .(හේ)
කොමිසමට පත් කරගන්නේ කාවද? කියන ප්‍රශ්නය තියෙනවා.හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මේක.(හේ)
ඒකට නැකතක් තියෙන්නේ ලබන සතියේද? (නදී)
‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘ ලිබියාවේ ගඩාෆි ට වගේ පැය 24 උත්තර නුදුන්නට කවදා හෝ දවසක සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලන්න සිද්ද වෙනවා. (නදී)
නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි කියන එක සර්ට ප්‍රශ්නයක් උනාට අපට නම් හිතාගන්න පුළුවන් (නදී)
නිවැරදි හැම කෙනකුටම සාධාරණය ඉටු විය යුතුයි.ඒ වගේම වැරැදි කරුවන්ට දඩුවම් දිය යුතුමයි (දිල්)
‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘ අවුරුද්දක් ගත වෙලත් කියන්න තියෙන්නේ ඔය දේම තමයි කියල ඉතාම පැහැදිලියි.(නදී)
ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගැනීමට මරණ සහතිකය අතේ තියන් හැම රැස්වීමකටම සහබාගි වුන ජෙනේරල් සරත් ෆොන්සේකා කැපිල ගිහින්. ඉදිරියේදී විසාල කැපවීමක් කරපු හොරකම් නොකරපු නායකයෙක් වන රනිල්වත් කැපිලම යාවි. දැන් යන්න හදන ගමන ගැන මට නම් දැන් පැහැදිලි චිත්‍රයක් තියෙනවා. (නදී)
අඩුම වශයෙන් මහා බන්ධාගාරයේ තිබෙන රත්තරන් ටොන් දහස් ගානට මොකද වුනේ කියලවත් හෙව්වද? (නදී)
ආණ්ඩුවෙත් දෙන්නෙක් ඉන්වා ඇතුළට දාන්න ඒකෙන්ම ගත්තොත් නරකද? පස්සෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න අනිත් 223ම අතුළත දාන්න බැරියැ. (අ)
එදා ජෙනේරල් ෆොන්සේකාට ජනාධිපති කරව ගන්න නොලැබීම රටේ අවාසනාව කියලයි මට හිතෙන්නේ. එහෙම වුනානම් අද වෙනකොට වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට සම්බන්ද සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් ලැබිල ඉවරයි. (නදී)
මහින්දගේ හොර අල්ලන්නෙ කොහොමද? දැන් ඉන්න ආරක්ෂක ලේකම් වැඩ බාරගත්තට පස්සෙ කිව්වේ හිටපු ආරක්ෂක ලේකම් එයාගේ හොද හිතවතෙක් කියලා. ගිය ආන්ඩුවෙ අයගේ හොද යාලුවෝ මේ ආන්ඩුවෙන් දැන් නිලතල වලට පත් කරලා හොර අල්ලන්නද හදන්නෙ...? (නදී)
පත් කොර ගත්තු ජනාධිපති ලේකම්ගෙන්ම පේනවා මොකාටද එන්න හදන්නේ කියල. (නදී)
ජනතාව බලාගෙන ඉන්නෙත් ඔබතුමා කියන දේවල් ටික වනතුරු තමා. කාලය නම් ගෙවී යනවා. චාම් ගතියත් ටිකෙත් ටික අඩුවේගන යනවාද ? (නදී)