විනීතා එම් ගමගේ
රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
තමන් හමුදාපතිවරයාව සිටියදී හමුදාවේ පැවැති ජවය හෝ ශක්තිය අද දකින්නට නැති බවත් යුද්ධය පරදින අවස්ථාවල පවා අදට වඩා ජවයක් තිබු බවත් හෙතෙම කියා සිටියේය.
2015 ජනවාරි 8 වැනිදාට පෙර තමන් සමඟ ආරක්ෂක කටයුතු පිළිබඳ වත්මන් බලධාරින් සාකච්ඡා කළ නමුත් එදායින් පසු කිසිදු අවස්ථාවක ඒ ගැන එක වචනයක් හෝ කථා නොකලේ යැයි ද අමාත්‍යවරයා කීවේය.
ආරක්ෂක කටයුතුවලදී තමන් දෙකේ කොලේ වෙන්නට ඇතැයි පැවසූ ෆොන්සේකා මහතා තම උපදෙස් හෝ අදහස් වත්මන් බලධාරින්ට වැඩක් නැතිවා වෙන්නට ඇතැයි ද පැවැසුවේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි තිරසර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසිය.
‘‘අද යුද්ධය නැති නිසා හොඳයි. නැත්නම් ඇත්තටම රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න බැහැ.
යුද සමයේ 40,000 ක් මිය ගිය කථා ඇහෙනවා. නමුත් හිටියේ එල් ටී ටී ඊ භටයින් 35,000 ක් පමණයි. එයින් 12000 ක් අත් අඩංගුවට ගත්තා. මිය ගිය පිරිස මම හිතන්නේ හාර පන්දාහක් වෙන්න ඇති කියලයි. අවසන් සටන් සමයේ උතුරේ රතුකුරුස සංවිධානය හිටියා. සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට නැවක් තිබුණා. ඔය කියන විදියට හතලිස් දාහක් මියගියා නම් පුදුකුඩි ඉරුප්පුවල උදැල්ලක් ගහන ගහන ගාණෙ ඇට කටු අහු වෙන්න එපායැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ෆොන්සේකා ගැන තිබුණේ ලොකු තරහක්. මේ කතා දැක්කට පස්සේ මගේ හිත ටිකක් වෙනස් වුණා. නමුත් මේ කතා විශ්වාස කරන්නට ටිකක් ප්‍රමාද කරන්න වෙනවා.
රටේ ආරක්ෂාව ගැන කිසිම පැහැදීමක් නැහැ.. මේ කැලවැද්දෝ මොනවා කරනවාද දන්නේ නැහැ..
අවංකව කියනවා නම් අපට කිසිම දෙයක් ගැන පැහැදීමක් නැහැ. තම තමන්ගේ බඩගෝස්තරය හා බලපරාක්‍රමය ගැන පමණක් හිතන දේශපාලුවන් ඉන්නා රටක මහජනතාවට එවන් කලවැද්දන්ගෙන් හා අම්බරුවන්ගෙන් මොනවා බලාපොරොත්තු වන්නද?
මේ පාලකයෝ රටක් ගැන හිතන්නේ නැහැ. සංගක්කාරව ටීම් එකේ තියාගන බැට් කරන්න දෙන්නේ නැතුව බෝල් කරන්න කියනවා වගේ වැඩක්. ඔහුට දැනුමක් ඇති ක්ෂේත්රයට ඔහුව පත්කළ යුතුයි. නිකන් හිතන්න නීතිය හා සාමය අමාත්‍යංශය ඔහුට දුන්නොත් මේ රටේ විනය කොතරම් තැනකට එයිද?
රටක ආරක්ෂාව සම්බන්ධයෙන් බාර දිය යුත්තේ ඒ සම්බන්ධයෙන් මනා අත්දැකීමක් පලපුරුද්දක් ඇති කෙනෙකුට නොවේද? භෝජනාගාරයේදී එකට කන බොන මගුල් තුලාවලදී හමුවෙන, පැතිමාරු කරනකොට සුහදත්වය තබා ගන්න ඕනෑ නිසා මේ දේශපාලකයන් කරන්නේ ජනතාවට බොරුව කරලා කාටත් පොදු රූකඩයක් වැනි කෙනෙකුට මෙම අමාත්‍යධුරය සිදුකිරීමයි.
අනිවාර්යයෙන් මෙතුමාට නීතිය, සාමය අමාත්‍යාංශය දිය යුතුමයි. මෙතුමා එඩිතරයි, අවංකයි... කිසිම කෙනෙකුට බයත් නෑ. අපි බලාගෙන ඉන්නේ එය ඉෂ්ටවෙයි කියා...
එයාට කළ හැකි දේ එයාට වඩා අනික් අය දන්නා නිසයි වැඩ දන්නා අය එයාගෙන් ප්‍රයෝජනය ගත්තේ... සංගක්කාරට බෝල් කරන්න දෙන්නේ නැහැ වගේම මෙයාටත් බැරිවැඩ කවුරුත් දෙන්නේ නැත. කොටින්ම ජනතාව මෙයාව ටීම් එකට ගන්නත් අකමැති වුණානේ.
අපිට මුළු රජය ගැනම පැහැදීමක් නැත. ඔබ ඔපමනම රටට ආදරේනම් ඔය ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට ඉඩ දෙන්න එපා. ඒක ඔබලා අවුරුදු 4 යුද්ද කර ගත් ජයග්‍රහණය පාවා දීමක්. දමිලයින් කරන්න හදන්නේ කෙක්කෙන් බැරි උනදේ මේ අමනයින් කවා කොක්කෙන් කර ගන්නයි
නොකිය කියන්නේ මට ආරක්ෂක අමාත්‍යාශය දෙන්න කියලද?
අබාධිත රණවිරුවන් පාරවල් ගානේ යනවා උද්ඝෝෂණ කරමින් විශ්‍රාම වැටුප ඉල්ලා , ආණ්ඩුව ඔවුන්ට පහරදීලා ඔලු පැලුව. අදටත් කොටසකට විශ්‍රාම වැටුප නැහැ. මෙයා අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාවක් කියල අහිංසක ද්‍රවිඩ ජනය ලක්ෂ 3 කගේ ජිවිත බේරපු හමුදාව පිටරට්ටුන්ට පාවා දුන්න . දැන් හමුදාවේ ජවයක් ගැන කතාකරනවා නින්දෙන් නැගිටලා වගේ.
දැන් කොහොමත් ත්‍රි ෆෝර්සස් ගැන එතරම් සලකන්නේ නැහැනේ... ඒ වගේම රණවිරුවෝ.. මේවා දකිද්දි ඇඟේ මාළු නටනවා...