
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (27) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර අංක 01හිදී පැවැත්වෙන මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසිනි.
මෙම වැඩමුළුවේ ප්‍රධාන සම්පත් දායක ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ මහතාය.
ඔහු රටවල් 36 ක ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයකු ලෙස කටයුතු කරයි.
එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු ලෙසද කටයුතු කර ඇත.
මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරන්න තිබ්බේ මීට අවුරුද්දකට එකහමාරකට පෙර ජනාධිපති විසින්... දැන් හරි කරන එක ලොකු දෙයක්... හොඳට සිංහල දන්නා කෙනෙක් බබ්බුන්ට කියල දෙනවා වගේ ට්‍රාන්ස්ලේට් කරලා කියලා දෙන්න. 8 - පාස් කබ්බන්ටයි, දියවන්නාව ඇතුලේ කලුකොට් කාරයින්ටයි ඕවා තේරෙන්නේ නැහැ. ඒකනේ, තවමත් කොමිස් ගහන්නේ (ටෙන්ඩර් වටිනාකම වැඩි කරලා...
සා/පෙළ පාස් නැති අයට මොන පාඩම්ද?
මේ මනුස්සයා මේ දේශනය කළේ ඉංග්‍රීසිවලින් නම්, අබ සරණයි.
ස්වර්නම් ආචාර්යතුමන්ට සිදුවෙනවා පළමුව දොස්තර හොඳහිත මුණගැහිලා, සතුන් සමග කතා කරන භාෂාව ඉගෙන ගන්න...
අනේ ඔව්, කියලාම දෙන්න ඕනෑ. පෙරපාසල් යන ළමයෙක් වුණත් දන්නවා අර්බුදය මොකක්ද කියලා. දැනුයි මේ අයට කියලා දෙන්න හදන්නේ...
මේ වැඩේ කරන්න තිබ්බේ මීට අවුරුද්දකට, එකහමාරකට පෙර ජනාධිපති විසින්... දැන් හරි කරන එක ලොකු දෙයක්. හොඳට සිංහල දන්නා කෙනෙක් බබ්බුන්ට කියලා දෙනවා වගේ පරිවර්තනය කරලා කියලා දෙන්න. 8 - පාස් කබ්බන්ටයි, දියවන්නාව ඇතුලේ කලුකොට් කාරයින්ටයි ඕවා තේරෙන්නේ නැහැ. ඒකනේ තවමත් කොමිස් ගහන්නේ (ටෙන්ඩර් වටිනාකම වැඩි කරලා)
සා.පෙ අසමත් ඈයින්ට ඉංග්‍රීසියෙන් ආර්ථික අර්බුද ගැන කියල දෙනවා කියන්නේ, බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩක්.. අපරාදේ සම්පත් දායකයාට ගෙවන කාසි ගොන්න.
නේපාල ජාතිකයෙකු නේද කියලා දෙන්න ඇවිල්ලා ඉන්නේ... නියමයි එයාගෙ රට අද තිබෙන තැන... හිනා හිනා වෙන්න හිනා ..