නව වසරේ දි නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ පනත ජනවාරි මාසයේ දී ගෙන එන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු කියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් 2016 අයවැයෙන් ඉල්ලා සිටි මුදලින් සියයට 90ක් ලැබීමට යෝජනා වී තිබීම සතුටට කරුණක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර මොනවා කරන්නද කල්පනාව? (නි)
හොඳ වෙනසක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
අද දෙමාපියන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය දරුවා පාසලකට ඇතුළත් කරගැනීම. දෙගොල්ලොම ජාතියේ අනාගතය දරුවන් බවට බෙරිහන් දෙනවා. නමුත් දරුවාට නිසි වයස වනවිට යන්න පාසලක් නැහැ. මේ රටේ සෑහෙන පිරිසකට ඉඩකඩම් නැහැ. ලොකු ලොක්කන්ට තමන්ගේ දරුවන් පාසලකට ඇතුළත් කරන්න හැම පහසුකමක්ම තිබෙනවා. (නි)
ලංකාවේ ආණ්ඩු මාරුවෙනකොට විතරක් නොවේ, ඇමති මාරුවෙනකොට, ලේකම් මාරුවෙනකොටත් අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරනවා. රටේ ජාතික අධ්‍යාපන සැළැස්මක් වෙනස්වීමකින් තොරව අඩුතරමින් එක දිගට වසර පහක්වත් ක්‍රියාත්මක වනවාද කියන කාරණය තුළ ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයක්. (නි)
ඉතා හොඳ සංකල්පයක් (නි)
ඇයි දැන් තියෙන ක්‍රමයේ අඩුපාඩුකම් වැඩිද? හැබැයි අපේ ළමයි අමාරුවේ දාන්න එපා. (නි)
අනේ කරුණාකරලා එපා. (නි)
එන හැමකෙනාම නව ප්‍රතිපත්ති සැදිය යුතුද? (නි)
මේ යන විදිය හොඳයි (නි)