(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ පරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රේගුව විවිධ හේතු මත රාජසන්තක කරන කළ පාරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලක් හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් යටතේ සතොස අළෙවිසල් ජාලය වෙත ලබාගන්නා බවත් මෙම යාන්ත්‍රණය මෙහෙයවීමේ කටයුතු වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම ආයතන එකතුව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව සතුව රාජසන්තක කළ වියලි කහ, උළුඳු පිටි, කරවල ආදි ආහාර ද්‍රව්‍ය රැසක ටොන් ගණනක තොගයක් ඇති බව ද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේක ජනාධිපතිතුමාට යෝජනා කලේ කොරෝනාවට රට වහලා කහ අල්ලපු කාලේ...
හොඳ යෝජනාවක්? කළින් ඕවාට වගකීවේ ඇමැති හොරු...
අපි නොදන්න ආර්ථික ඔස්තාර්... දේශපාලුවන්ගේ හිතවතුන්ටත් කොටහක් ෂුවර් එකටම යනවා ඇති...
එතකොට ඇමැතිතුමා පරිභෝජනයට සුදුසු කහවලට මොකද කරන්නේ? සතොසට දෙනවද? පුච්චනවද?
තීරණය හොඳයි.. ක්‍රියාත්මක වීම නම් වෙන්නේ ඉබි ගමනින්...
ආහාර විතරක් නොවේ සියලුම රාජ සන්තක කරන මත්ද්‍රව්‍ය, තහනම් නොවන දෑ මෙසේ විකුණන්න...
කහ ටොන් ගණනක් පිච්චුවට පස්සෙද මේක මතක් උනේ?