මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරන සභා (කෝප්) නඩු පවරා වාරණ නියෝගයන් ලබා ගැනීමෙන් සිදුකර ඇති අගතියට රුපියල් මිලියන පහක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා පෙත්සමක් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඉදිරිපත් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය රජීව විෙජ්සිංහ මහතා විසින් මෙම ඉල්ලීම කැරිනි.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් ඉකුත් ජුනි මාසය වනවිට රජයට රුපියල් බිලියන 59ක පාඩුවක් සිදුව ඇති බව එම වාර්තා සටහන් අධිකරණයට ඉදිරිපත් කළ මහාචාර්ය රජීව විෙජ්සංහ මහතා , මීට මහ බැංකු අධිපතිවරයා සෘජුවම වගකිව යුතු බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටී.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරමින් මහාචාර්ය රජීව විෙජ්සිංහ මහතාගේ මෙම විරෝධතා ඉල්ලීම් කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා හමුවේ ඉකුත් 30 වැනිදා කැඳවි‚.කෝප් කමිටුවේ සෙසු සාමාජික විත්තිකරුවන්ගේ විරෝධතා ලබන බදාදා(05) ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා දන්වා සිටියේය.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ එකොළොස්වැනි වගඋත්තරකරු ලෙස මහාචාර්ය රජීව විෙජ්සිංහ මහතා නම්කර තිබූ අතර නීතීඥ සංජය ෆොන්සේකා මහතා හා ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඔහු වෙනුවෙන් විරෝධතා ගොනු කළේය.
සුජීව සේනසිංහ මහතා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු නොකරන බැවින් ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ මේ නඩුව පවත්වා ගෙන යා නොහැකි බවත්, එම පනත යටතේ විභාග වන නඩුවක් දිසා අධිකරණයට විමසීමට අධිකරණ බලයක් නොමැති බවටත් මහාචාර්ය රජීව විෙජ්සංහ මහතාගේ විරෝධතාවයේ සඳහන් වේ.
සුජීව සේනසිංහ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට ද්වේශසහගතව නඩුව පවරා ඒකපාර්ශවීය වාරණ නියෝග ගැනීමෙන් අගතියක් වූ බවත් ,එම හානියට මෙම රුපියල් මිලියන පහක වන්දි මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.
නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට කතානායකවරයා පත් කල කෝප් කමිටුවට එරෙහිවපැවරූ නඩුවෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය දිසා අධිකරණය විසින් ඒක පාර්ශවිකව නිකුත් කරනු ලැබුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේනතුවේ සභාගත කිරීමකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම වළකාලමිනි.සේනසිංහ මහතා පසුගිය 23 වැනිදා මෙම වාරණය ඉල්ලා අස් කර ගත් අතර අදාළ වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද විත්තිනරුවන්ට දන්වා සිටින ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජීව රටේ ජාතික භාෂාව හරියට කතා කරගන්න බෑනේ (ම)
අපි ඔය කවුරු ගැනත් දන්නවා හොඳට (නි)
අපි දැන් කවුරු කවුරු ගැනත් තේරුම්ගෙන සිටිමු (නි)
කට තියෙන පලියට කතා කරන කෙනයි කලදුටු කල වල ඉහගන්නා අයයි දෙන්නම මේ මැතිවරණයේදී පරජය කරමු. කෙසේවෙතත් මා සබරගමු සරසවියේ (2002-2006) අධ්‍යාපනය ලැබූ හෙයින් මගේ ගුරුවරයකු වූ මහාචර්ය රජිව දේශපාලනයට පැමිණ නම කැත කරගැනීම පිලිබදව බලවත් කණගාටුව පලකරමි (නදී)
තබා තිබු බලාපොරොත්තු පසුගිය කාලසීමාවේ කල කි දෑ වලින් සුන් විය. (නදී)
එජාපෙ බලයට අවොත් මේකේ වැරද්දක් වෙලා නෑ කියයි සන්ධානේ අවොත් ටික දවසක් අදාල අමතක කර පාඩුව මේ රටේ අහිංසක ජනතාවට (බ)