තම අමාත්‍යංශයේ රාජකාරි කාර්යක්ෂමව කිරීමට ඉඩ සලසා දෙන ලෙසත්, එලෙස ඉඩ නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සිදු වන බවත් දන්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යැවීය.
තමන්ට නොදන්වා අමාත්‍යංශයට අදාල තීන්දු තීරණ ගෙන ඇති බවත් විජේසිංහ මහතා කියයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ක්ෂණිකා හිරිඹුරේගමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් ඇමැති කබීර් හෂීම් මහතා දැන්වීයැයි ද, ඒ අනුව ඇය ඉල්ලා අස්වූ බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප පිළිගත යුත්තේ රටට අවශ්‍ය ඔලුගෙඩි මාරැවක් නොව පතිපත්තිමය වෙනසක් බවයි.
මේ රටේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් බදවා ගැනීම්වලදී උපරිම අධ්‍යාපන, ශාස්ත්‍රීය, පර්යේෂණ හා වෘත්තීය සුදුසුකම් තිබුණු අය බැහැර කර ඒ සදහා අවම සුදුසුකම් වත් නොතිබුණු අය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට බදවාගෙන මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම ගම්වල තියෙන මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපන මට්ටමටත් වඩා පහළ මට්ටමකට ඇද දැමීමට ක්‍රියා කරන ලද පසුගිය රජයේ ප්‍රබල බළල් අතක් වූ ක්ෂණිකා මහත්මිය හට නම්බු පිටින් ඉල්ලා අස්වීමට ඉඩ ලබා දීමත් ( කණෙන් අල්ලා එලියට නොදමා) කබීර් හෂීම් අමාත්‍යවරයාගේ නියම මහත්මා ගතියකි. එයට රටවැසි අපගේ ප්‍රශංසාව එතුමාහට හිමි වේ. (ස)
කබීර් දක්ෂයෙක්, ඉස්සෙලා කැබිනෙට් එකේ හිටිය, හොදට වැඩ කළා රජීව කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක්, පරම්පරාවට කත් අදිනව, ඉංග්‍රීසි විතරයි ඕනේ. වැඩ කරන්න බැහැ. (ස)
ක්ෂණිකා කියන්නේ රාජපක්ෂලාගේ හෙංචයිකම් කරපු කෙනෙක්. එයා අස්කරපු එකගැන රජීව්ට ඇති අමාරුව මොකක්ද? රජීව් විජේසිංහත් අන්තිම මොහොත වෙනකම් රාජපක්ෂලත් එක්ක හිටි නිසාද? (බ)
මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් (නදී)
මෙය ලිච්චවි පිළිවෙත නොවේ (නදී)
හිරිඹුරේගම නෝනා රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඇති මහජන මුදල් කෝටි ගණන් වියදම් කර පැරදුන රජා වෙනුවෙන් පිටුගණන් පුවත්පත් දැන්වීම් පළ කළා. එය විෂමාචාරයක් නොවේද? එයට අමතරව විශ්ව විද්‍යාල පරිපාලනය සහමුලින් අවුල් කළ බවට ඇයට තදබල චෝදනා ඇත.මහාචාර්ය විජේසිංහට අවශ්‍ය එවැනි කෙනෙක් තවත් ආරක්ෂා කරන්නද? තිබුන ක්‍රමයටම යන්න නොදී අප ඉතා අමාරුවෙන් මේ යහපාලන ආණ්ඩුව පත්කර ගත්තේ කුමටදැයි දැන් අපටම සිතේ. (බ)
ඔබතුමා විශ්ව විද්‍යාල වල ගැටළු හදුනා ගන්න උත්සහා කරන්න. හිරිබුරේගම නෝනා එයාගේ ගැටළු විසදා ගනී(දිල්)
නිපුණ ඔබ හරි (බ)
රජීව් ඇමතිතුමා හිතාගෙන ඉන්නේ එයා කැබිනට් ඇමති කියලද? (බ)
මාලන් හොදට කල්පනා කරලා බලන්න (දිල්)
යහ පාලනය කියන්නේ ඕකට තමා (නදී)
රජීව්ට ඕන දුශිතයෝ රකින්න. රජීව්ගේ නව ලිබරල් පක්ෂෙට චන්ද කීයක් තියෙනවා කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ ? ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල පක්ෂ මාරු කරපු එකට තිබුන නඩුව පහුගිය දවසේ ඇස කරගත්තේ නැති නම් අනිද්දා මන්ත්‍රීකමත් නැති වෙන්නයි තිබ්බේ. මෛත්‍රී මහත්තය නිදහස් පක්ෂ සභාපති නොවුනා නම් රජීව් ඇමතිතුමාට මන්ත්‍රී කමක්වත් නෑ දැන්. ඔය අස්වුණා කියල කාටවත් දැනෙන්නේ නැහැ. මෙතරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉදල කරපු සේවාවන් ගැන කියන්න කොන්දේසි දදා ඉන්නේ නැතිව. (බ)
යහපාලනය දොරේ ගලනවා .(ස)
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම්වලදී හිටපු විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිනිය වන ක්ෂණිකා මැතිිනිය කොයිතරම් දූෂිත ලෙස කටයුතු කළාද කියලා මේ රටේ උගත් මිනිස්සු හොඳටම දන්නවා. එවන් බඳවා ගැනීම් වලදී අධ්‍යයන ශාස්ත්‍රීය පර්යේෂණ වෘත්තීය සුදුසුකම් පසෙකලා ඒ වෙනුවට දේශපාලනිකව කඩේයාම එකම සුදුසුකම ලෙස සළකා පත්වීම් පිරිනැමූ අයට මේ සිදු වූ දෙය කර්මඵල විපාක පටිසන්දීමක් යනුවෙන් මට නම් සිතෙන්නේ (නි)
වැඩක් ඇති දෙයක් ගැන කතා කළානම් හොදයි (දිල්)
විශ්ව විද්‍යාල පද්ධතිය පහළ මට්ටමකට ඇදදැමූ අයට මෙලෙස පහසුවෙන් ඉල්ලා අස්වීමට අවස්ථාවක් ලබානොදිය යුතුව තිබුණා. දැන් කෙසේද අල්ලස් දූෂණ කොමිෂම හමුවට කැඳවන්නේ? (නි)
විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස මම දන්නවා පසුගිය රජය සමයේ කොයිතරම් නම් විශ්ව විද්‍යාල වල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවාගැනීම් අන්ත දූෂිතව සිදුවුණාද කියලා. මෙයින් සිදුවුණේ අපේ රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම ගරාවැටීමට ලක්වීමයි. අවසානයේදී අපේ රටේ සේවය ලබාගත හැකිව තිබූ ඉතාමත්ම දක්ෂ අධ්‍යාපන ශාස්ත්‍රීය පර්යේෂණ වෘත්තිය හැකියාව තිබූ ඉහළ මට්ටමේ උගතුන් පිරිසක් විදේශ රටවලට විශාල මුදලකට එහෙ විශ්ව විද්‍යාල වල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස පත්ව ඒ විදේශිය රටවල විදේශිය විශ්ව විද්‍යාල වල සේවයට එකතුවුණා. (නි)
මමත් සේවය කරන්නේ විශ්ව විද්‍යාලයකයි. අපි දන්නවා පසුගිය කාලවකවානුව තුළ පසුගිය රජය කෙතරම් දූෂිත ලෙස විශ්ව විද්‍යාල වල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා බඳවාගැනීම් සිදුකළාද කියලා. බොරුවට සම්මුඛ පරීක්ෂණවලට පිරිස් කැඳවලා තමන්ට අවශ්‍ය පිරිස් බඳවාගැනීමට කටයුතු කළා. දැන් ඒවා ගැනත් යළිත් විමර්ශනය කර බැලිය යුතුයැයි මම පවසමි. (නි)
පසුගිය කාලවකවානුව පුරාම අපි දැක්කේ වැරදි ආදර්ශ මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවෙනවා.මේවාට එරෙහි වෙන්න අපිට අවස්ථාව ලැබුනේම නැහැ. එවැන්නන් පුද්ගලික පළිගැනීම්වලට ලක්වුණා. ඉතාම ඉහළම අධ්‍යයන ශාස්ත්‍රීය පර්යේෂණ හා වෘත්තිය සුදුසුකම් තිබුණු අය කපාහැරලා ඒ වෙනුවට අවම සුදුසුකම්වත් නොතිබුණු අය තමයි මෙයාලා තෝරාගත්තේ. ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි, කරුණාකර මේ තත්වය නිවැරදි කිරීමට ක්‍රියාකරනු මැනවි! (නි)
කරුණාකර මහජන බදු මුදල් වලින් නඩත්තු වන ආයතන පිළිබඳවත් නිසි පරිදි සොයාබලා වැරදි සිදු වී ඇත්නම් එම පත්වීම් අවලංගු කරවා සුදුසකම් ඇති අයට අවස්ථාව ලබාදීමට කටයුතු සැළැස්වීමට ඔබතුමාගේ අවධානය කාරුණිකව යොමු කරනු මැනවි. (නි)
පසුගිය කාලවකවානුව පුරා මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු කරන ලද දේශපාලන පත්වීම් වහාම අහෝසි කර ඒ වෙනුවට යළිත් වරක් සම්මුඛ පරීක්ෂණ කැදවා සුදුසු අය පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(දිල්)
කාටද මේ ක්ෂණිකා ගැන මෙච්චර කලබලයක් ඇතිවෙලා තියෙන්නේ? (නි)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වගේම තමයි මේ රටේ තියන සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම දැන් දේශපාලන පත්වීම් හරහා දේශපාලනීයකරණය වෙලා තියෙන්නේ. විශ්ව විද්‍යාලවල මේ තරම් ගැටුම් ගැටළු හා අර්බුද ඇති වෙන්න මේක ලොකු හේතුවක්. කරුණාකරලා විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සදහා ලබාදී ඇති දේශපාලන පත්වීම් සියල්ල අහෝසි කර ඒ වෙනුවට සුදුසුකම් ඇති අය තෝරා ගන්න කියලා ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.(නදී)
තම දැනුමෙන් තොරව,අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂිම් මහතා ඇයට අස්වනලෙස දන්වා ඇති බවත්, එය වැරදි පිළිවෙතක් බවත් නොවේද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජීව විජේසිංහ මහතා පවසන්නේ? නැතුව ඔහු ඇය වෙනුවෙන් පෙනීසිටිනවා නොවේ. (නි)
මේ කට්ටියම නීතීය දන්න තරම තමයි (දිල්)
රජිව් ඉවසන එක තමයි වඩා හොඳ (නි)
රජීව් මහත්තයෝ. ඔහේට ඇමති කමෙන් අස්වෙන්න හේතු වෙන ප්‍රශ්නේ ක්ෂණිකා නෝනා අයින් වුන එක වුනාට, සරසවි ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල වලට, පර්යේෂකයන්ට ඔයිට වැඩිය සිය ගුණයක් වැදගත් රටේ අනාගතේට බලපාන ගැටළු තියෙනවා. කියව කියව ඉන්නේ නැතුව වැඩ කරන මිනිස්සුන්ගේ ශිෂ්‍යන්ගේ ප්‍රශ්න ගැන සොයන්න. ඔයාට තියෙන එකම වැදගත් ප්‍රශ්ණය ඕක වුනේ ඇයි ? (නදී)
සන්නිවේදනය හරියට නැතිවුනාම ඔයවගේ දේවල් අනන්ත අප්‍රමාණ සිදුවෙනවා.(නදී)
දැන් පත් වෙලා ඉන්නේ උසස් අධ්‍යාපනයට අදාළ වැඩ කරන්නද ? නැතිනම් එක එක නෝනලට උන දේවල් ගැන සොය සොයා ඉන්නද ? (නදී)
මේ කියපු දේ හරියට තේරුම් ගන්න රජිව් ප්‍රස්ණ කරන්නේ මේ අන්තනෝමතික ක්‍රමවේදය සහ පිළිවෙලක් නැතිකම ගැනයි. මේ ආණ්ඩුව බලය ගන්න කොට කරන්නේ මොනවද කවුද කරන්නේ අමත්‍යංශ බෙදන්නේ කොහොමද කියල කිසි සැලැස්මක් තිබුනේ නැහැ. ඒ වගේම ආණ්ඩුවක් ගන්න ඕනෑ කමක් තිබුනෙත් නැහැ (නදී)
නිපුන, ඉඳුනිල් වැනි අයට කරුණු කාරණා තේරුම් ගැනීම අපහසු බවක් පෙනේ. (නදී)
රජිව්ට ඔලුව තියෙනවා. කබිර්ටත් ඒ වගේ විශේෂ දක්ෂකම් තියෙනවද ? දැනගන්නත් එක්ක කියන්න. (නදී)
යහපාලනය මෙයා ගණන් ගන්න එපා(දිල්)
යහ පාලනය, නිස්ශබ්ද වන්න. (නදී)
කරුණාකරලා ඔබලා ඔබලාගේ ප්‍රශ්න හමස් පෙට්ටියට හරි දාල දැන් ජනතාවට වුණ පොරොන්දු ඉටු කරන්න..ඔබලා කොපමණ උඩ පැන්නත් ඔබලාගෙන් ජනතා සේවයක් නම් වෙන්නේ නැහැ කියල ජනතාව දන්නවා. (අ)
මට තියෙන ප්‍රශ්නය දුප්පතුන් වගේ පෙනී සිටි ෆොන්සේකා හා සිරිසේනලා කෝටි ගනන් වියදන් කරලා ජනාදිපති ඡන්දයක් කලේ කොහොමද කියන එකයි. (නදී)
මෙතුමා එක්ක වැඩ කරන්න බැරි බවයි පෙනෙන්නේ. දින 100 ඇමතිකමක් නිසා තම තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහන්න යන්නේ නැතුව සමාදානයෙන් වැඩකරන්න. හරි ලොකුවට හිතාගෙන ඉන්න එපා. වැඩකට නැති ප්‍රශ්න අල්ලාගෙන රට අවුල් කරන්න හදන්න එපා (නි)
සාමුහික හැඟිමෙන් වැඩ කරන්න බැරි නම් කොච්චර උගත් උනත් වැඩක් නැහැ. සමහරු ඉන්නවා යන යන තැන ප්‍රශ්න. පසුගිය රජයෙන් දුන් දේශපාලන පත්විම් ලද අය සමඟ වෙනත් රජයකට වැඩ කරන්න බැහැ. ඒක හරිම සරල සත්‍යයක්. ක්ෂනිකා මැතිනියගේ මහාචාර්ය කම නැති කලා නෙමෙයිනේ. අපි දැක්කනේ මහින්ද මහත්තයා වෙනුවෙන් පත්තර පිටු ගනන් ලිපි ලියනවා ඡන්ද කාලේ. දිලා තිබුනු දේශපාලන පත්විම අහෝසිකලා විතරයි, ඒකට තමන් ඉල්ලා අස්වෙන්නේ ඇයි? (නදී)
අනේ මහාචාර්යතුමෝ, සාමුහික රජයක ඇමතික්මක් ගත්තා නම් සාමුහික හැඟිමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. නිකං පොඩ් දේවල් වලට සමස්ත පද්දධතියම අවුල් කරන්නේ නැතුව (නදී)
කරුණාකර විධිමත් පරීක්ෂණයක් පවත්වන්න (නි)
කලින් රජයෙන් දුන් දේශපාලන පත්වීමක් අහෝසි කළාට පරික්ෂණ මොකටද? බොරුවට මහජන මුදල් නාස්ති කරන්න එපා. මීට වඩා ජාතික වැදගත්කමකින් යුතු දේවල් වලට විධිමත් පරික්ෂණ කරන්න කාලය හා සම්පත් වැයකරන්න. (නි)
කියා කියා ඉන්නේ වහාම අස්වෙලා යනු (නදී)
මහැදුරු රජීව් මහත්තයට මන්ත්‍රී කමත් ඇමති කමත් දෙකම ලැබුනේ නිකම්නේ. ඔබ තුමා පුළුවන් නම් ඔය අමත්‍යංශයේ වැඩක් කරලා පෙන්නලා ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා පෙන්වන්න. දුෂිතයෝ දේශපාලන පත්වීම් ලාභියෝ අයින් කරන්න ඕනේ කියන එක මේ ඡන්දෙ ලැබුන ජනතා මතය. ඔබ තුමා ජනතා මතයෙන් අාපු මන්ත්‍රී කෙනෙක්වත් ඇමති කෙනෙක්වත් නොවෙයි නේ. ඔබ තුමා ජනතා මතයට හිස නමන්නේ නැති නම් ඔබ තුමා අයින් වෙන්න. හැබැයි රජය ජනතා මතයට පයින් ගහල ඔබේ මතයට හිස නැමුවොත් ජනතාව ඒ දුන්න බලය ඊලග ඡන්දෙ දී ආයේ දෙන එකක් නෑ. (නදී)
ඔව් මේ විශ්ව විද්‍යාල පද්දතියේ මිට වැඩිය විසදිය යුතු ප්‍රශ්න බොහෝ තිබෙනවා. ඇමති තුමා තේරුම් අරන් වැඩ කරනවා නම් බොහොම හොඳයි. හිරිබුරේගම නෝනා කල දේවල් මුළු රටම දන්නවා. එයාට යන්න දීල ඔබතුමා විශ්ව විද්‍යාල වල ගැටලු හදුනා ගන්න උත්සහ කරන්න. නෝනා එයාගේ ගැටළු විසදා ගනී. (නදී)