පොළොන්නරුව දිස්ත්රික්කයේ නියඟය සමඟ පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින පවුල් දසදහසකට ආසන්න පිරිසකට බවුසර් 15 ක් මගින් පානීය ජලය බෙදාහරින බව දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානයක්කාර මහතා පවසයි.
වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස හයක පවුල් පානීය ජල අර්බුදයෙන් පිඩා විදිති.
පානිය ජල ලිටරය රුපියල් හතළිහකට ද ලීටර 30 ජලය සහිත බුලියක් රුපියල් 200 -250 ත් අතර මිලකට ජලය අලවි කරතියි වැලිකන්ද දිඹුලාගල ගම්වාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ප්රශ්න වලින් පවා ගසාකන අය ඉන්න මේ රටද ලෝකේ උතුම්ම රට? (නි)
මේ තමයි අපේ ශ්රී ලංකාවේ මිනිසුන්ගේ හැටි. දුප්පතාගෙන් වතුරෙනුත් ගසාකන දුෂිතයෝ. (නි)
මේක තමයි රටේ හැබෑ තත්ත්වය.මහා එකාගේ ඉදල පොඩි එකා දක්වා අපේ රටේ ගසා කෑම තමයි වෙන්නේ. ඕවා ජන්මෙන්ම එන පුරුදු අපේ එවුන්ගේ.(අ)
පොළොන්නරුවේ කූඨ වෙළෙන්දෝ නැතිබවයි මම හිතාගෙන හිටියේ
මෙන්න ධර්මද්වීපයේ වැඩ! (නි)
ඉස්පිරිතාලේ මෝචරියේ වැඩකරන මිනිහටත් කීයක්හරි අතමිට මෙලෙව්වෙ නැත්තම් වෙලාවට මිනිය නොදෙන රටේ වතුර ගැන මොන කතාද? (නි)
මේ දේවල් වෙනකම් ආණ්ඩුව නිදිද. කවුද පොළොන්නරුවේ ඇමති? මේ ප්රශ්න යාපනය පැත්තේ තිබුණා නම් බලන්න තිබුනා (නි)
අද කාලේ හැටියට නම් සල්ලි වතුර වලටත් වඩා වැදගත්... (නි)
හිරාන්, ඔයා හරියටම හරි (නි)
ඔන්න මිනිසාගේ හැටි. වතුරෙනුත් ගසාකනවා (නි)
මේ වගේ අය තමයි අර වතුර නැති අප්රිකානු රටවල ඉපදිලා දුක් විඳින්නේ! (නි)
සුනාමියෙන් පවා ගසා කන්න පුරුදු කොරපු නායකයෝ හිටිය රටක් . දෙවියන්ගේම පිහිටයි. (ම)
කෝ ඔය සේනාව .මේවා පේන්නේ නැද්ද ? (බ)
රටේ ලොකු පුද්ගලයාගේ ප්රදේශයේ තියෙන ගැටළු මේ වෙනතෙක් එතුමා නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. (ම)