රජරට සරසවි සිසුන්ට සමාව දී ඉක්මණින් සරසවිය විවෘත කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී රජරට උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතාට උපදෙස් දුන්නේය.
සිසු පිරිසක් පසුගිය දා උප කුලපති ඇතුළු ගුරුවරු සමූහයක් දවසකට ආසන්න කාලයක් කාර්යාලයයේ සිර කරගෙන සිටියහ.
ඒ සම්බන්ධයෙන් නඩුවක් ද අධිකරණයේ පවතී.
‘විශ්ව විද්‍යාලය වසා තැබීම නිසා සියයට 95ක් ළමයින් දුක් විඳිනවා. සිසුන්ට නීතිය අතට ගන්න දෙන්න බෑ. ඔවුන් කළ යුත්තේ ඉගෙන ගන්නා එකයි. වැරදීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. ඒ නිසා මේ ළමයින්ට සමාව දී නැවත විශ්ව විද්‍යාලය විවෘත කරන්න.‘
ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා මීට පෙර වැරදි කළ සිසුන් 200කට පමණ සමාව දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට සමාව ලැබුනත් ආයෙත් පාරක් ඉගෙනීම පැත්තකට දාලා වැඩකරන්න බලයිද දන්නෙ නැහැ (නි)
සුසන්ත කතා කරන්නේ හරියට ඔස්ට්‍ර්ලියාවේ අගමැතිටත් එහා වගේනේ. (නදී)
මේ සිසුන්ගේ දෙමාපියන්ටත් වගකීමක් තිබෙනවා තමන්ගේ ළමයා ඉගෙනගන්න කියලා ගෙදරින් පිටවෙලා මොකද කරන්නේ කියලා ඉඳලා හිටලා හරි හොයා බලන්න. (නි)
මෙතන වෙලා තියෙන්නේ සමහරු ලංකාවේ නෑදෑයන්ට යාලුවන්ට පෙන්වාගෙන ඉන්නේ ඔස්ට්‍රේලියාව කියන්නේ කේතුමතී රාජධානිය කියලා. ලංකාවේ හිටියාටත් වඩා දාඩිය මුගුරු දමා ගෙන වැඩකරන බව පෙන්නන්න කැමති නැහැ. (නදී)
බන්දුල පෙරේරා ඒ පාර මෙල්බන් ගිහිල්ලද ?කොයි පළාතේද දන් නැහැ ඉන්නේ....? (නදී)
මෙතෙක් කාලයකට නැති , හිත උනුවිමක් පහල උනේ. උෟව පළාත හින්දා වෙන්න ඇති .සාදු ! සාදු!! (නදී)
මේ ගමන්ම ළමයින්ටත් මින් පසුවවත් වැඩි වැඩ අත්හැර ඉගෙනිම් කටයුතු පමණක් කරගන්නා ලෙස කිවා නම් වටිනවා (නදී)
නිකම්ම සමාව දුන්නොත් කවදාවත් හැදෙන්න් නැහැ . දෙන සමාවක් දෙමව්පියන් ගෙන්නලා ඔවුන් ඉදිරියේ ළමයින්ගේ නොපනත්කම කියලා දීලා සමාව දුන්නොත් හොඳයි. දෙමව්පියන්ටත් වගකීමක් තිබෙනවා තමන්ගේ ළමයි ඉගෙන ගන්න කියලා ඇවිත් මොනවද කරන්නේ කියලා. හැමදාම නැතත් ඉඳලා හිටලා හරි හොයලා බලන්න. (නදී)
නියම උත්තරේ සම්පත් . ඔය වීරයන් වගේ අනිත් කට්ටියට අභියෝග කරන්නේ කොයි විදියට ඔස්ට්‍ර්ලියාවට සැපත් වුන අයද කියල අපි හැමෝම දන්නවා. (නදී)
නිශාන්ත, එ්ක ඔබේ නොදන්නාකම. ඔබත් විශ්ව විද්‍යාලයකට ගියා නම් එ්ක ඇතුලේ තියෙන යථාර්තය තේරේවි. අන්තරේ කවදාවත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ ඒ ගොල්ලෝ ජේ.වී.පී එකේ බලල් අත් බව ජ.වි.පෙ. කවදාවත් ප්‍රසිද්දියේ කියන්නේ නැහැ අන්තරේ තමන්ගේ අතකොළුවක් බව. මේ දෙගොල්ලොම දන්නවා තමන් කරන්නේ වැරැද්දක් කියලා. තරුණයන්ගේ ජීවිත කාලකන්නි කරමින් තම පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දැරීම ඔබ විශ්ව විද්‍යාලේ නොගිය කෙනෙක් බවයි පැහැදිලිවම පෙනෙන්නේ. මෙයට පෙර අන්තරේ කැදවුම් කරුවන් අද ඉන්නේ මොන දේශපාලන පක්ෂයේ මොන තනතුරුවල මොනවා කරමින් දැයි විමසා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි (නදී)
කරුණාජීව, බන්දුල පෙරේරා මෙල්බර්න් යාම කෙසේ වෙතත් මෙම කරුණේ දී නම් බන්දුල සහ සම්පත් කියන දේ වලට එකඟ වෙනවා. මොකද මමත් ඔය අන්තරේ එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලෙක වසර පහක්ම ඉඳල තියන නිසා. අනික මම රජරට සිසුන්ට කියන්නේ මොන තත්ත්ව යටතේ හරි ලැබුණු නිදහසින් ප්‍රයෝජන අරන් තමන් ආව වැඩේ කරගෙන රටට සේවයක් කරන්න බලන්න.(නදී)
ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ඔස්ට්‍රේලියාව ගැන ලියන විදියයි,ඕස්ට්‍රේලියාවේ නැති කෙනෙක් [ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ] ඕස්ට්‍රේලියාවේ විස්තර ලියන විදියයි අතරේ තියෙන වෙනස අපි දන්නවා. සමහරුන්ට ඒ වෙනස තේරෙන්නේ නැතුව ඇති. ඒ වුනාට ඒක අපිට තේරෙනවා. මම ඔය ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකුයි කියාගන්නා අයට අභියෝග කරනවා පුළුවන් නම්, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්, [විදේශීය සිසුන් නොවේ] විශ්ව විද්‍යාලයට මුදල් ගෙවිය යුතු ආකාරය ,ක්‍රමවේදය, පිලිබදව සම්පුර්ණ පැහැදිලි කිරීමක් කරන ලෙසට. (නදී)
සමාව දුන්නට වැඩක් නැහැ. ශක්තිමත් රජයේ සුබසාදක කාර්යාලයක් තනි පුද්ගලික ගැටළු ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රස්න කල්ලි සමග නිරාකරණය කර ගැනීමට නොහැකි වනසේ විස්ව විද්‍යාලයට එනවිට දිව්රුම් දීමටත්, රජයේ නිලදාරීන් ශක්තිමත් හා අවංකව සේවය කිරීමෙන් කවදා වත් ප්‍රස්න ඇතිවන්නේ නැත. ඒ ඇරෙන්න තව ක්‍රම ඇත. මොලේ බලේ තියනවා නම් මොනවද කරන්න බැරි. (නදී)
කරුනාජිව මහත්තය දන්නේ නැති වැඩට ගිහින් වයර් මාරු කලා. සුසන්ත මහත්තය සුවිච් එක දැම්මා. ලොකු සද්දයක් ඇහුන විතරයි මතක..කාටුන් චිත්‍රපටියක් වගේ..මට හෙට අනිද්දා විභාගයක් තියෙනවා වැස්සකටවත් ගියේ නැති කැම්පස් එකේ. සදුදට හමුවෙමු..(නදී)
ශිෂ්‍ය කාලයේදී , කිසිම අපහසුතාවයක් ප්‍රශ්නයක් නැතිව ඉගෙන ගත්තු කිසිම කෙනෙක් මේ ලෝකයේ නැහැ. සරසවි සිසුන් දරා ගැනීමේ හැකියාව පුහුණු කර ගත්තේ නැතිනම් උගත් වැඩිහිටියන් ලෙස සමාජයේ අනෙක් උදවිය සමග හොදින් කටයුතු කිරීමේ හැකියාව නැතිව යනවා. තමන්ට ප්‍රශ්නයක් ඇතිවූ විගස එය විසඳා දීමට සමාජයේ සියල්ලන්ම බැදී සිටිනවා කියලා හිතන්න හොඳ නැහැ. (නදී)
අලයෝ කලේ බඩු දා ගෙන දැක්කීම. පොද්දෝ කලේ හරිදේ වටහාදීම ජෙප්පෝ කලේ බොරුවට බෙරිහංදීම බොරුවක් නෙවෙයි ජෙප්පෝ මෙහි රජවීම 2002 අවුරුදේ කැලණිය කැම්පස් එකේ හොස්ටල් එකේ ලියල තිබුන ජනප්‍රිය කවියක් මතක් උනා නිව්ස් එක දැක්කම (නදී)
ශිෂ්‍ය සංගම් විවිද ඉල්ලීම් සිසු පරපුර වෙනුවෙන් ඉල්ලනකොට මර්දනය කරනවා. ඊට පස්සේ ජනතාව නොමග යවන්න බොරු ප්‍රචාර කරනවා. සරසවි වල වෙන ප්‍රශ්න දන්නේ ඉගෙන ගන්න අය විතරයි. (නදී)
පුදුම නම් තොගයක්නේ දැන් බන්දුල පෙරේරා පාවිච්චි කරන්නේ. මම කලින් හිතා ගෙන හිටියේ නම් දෙකයි කියලයි.(නදී)
කරුනජිව නොදන්නා දේට අත දාල වයර් මාරු කරලා තියෙද්දී සුසන්ත මහත්තය ස්විච් එක දාල. ඩෝන් ගාන සද්දයක් විතරයි අපිට ඇහුනේ. හරියට කාටුන් චිත්‍රපටියක වගේ. (නදී)
සුසන්ත මහත්තයෝ, අද තියන තාක්ෂණ දියුණුව නිසා ඔස්ට්‍රේලියවේම ඉන්න ඕන නැහැ යමක් දැනගන්න. ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම තියනවා නම් රජය පොලී නැති ණයක් දෙනවා ඉගෙන ගන්න. රස්සාවක් ලැබුනම ආදායම අනුව බදු ගෙවන ගමන් ඒ මුදලත් ගෙවන්න ඕන. පී ආර් නම් තියෙන්නේ හෝ විදේශ සිසුවෙක් නම් එම අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනික ඔය අදහස් දාන අය දාල තියෙන්නේ මම හිතන හැටියට ඔය විදේශ සිසුන් ගැනයි. තාක්ෂනය ගැන තේරුමක් නැති සුසන්ත නම් ඉන්නේ ඔස්ට්‍රේලියාවේද ? නැතිනම් අන්ද මන්ද දුපතේද දන්නේ නැහැ. ඒ අතින් ලංකාවේ අය තියෙන සුළු දෙයින් හෝ උපරිම ප්‍රයෝජන ගන්න දක්ෂයි. (නදී)
බන්දුල පෙරේරා, ආණ්ඩුවට කඩේ යනවද? කැම්පස් එකක් ඇතුලට ඇත්තටම ගිහින් බලනවද? (නදී)
මමත් මේ බැලුවේ වෙන රටවල ළමයි පුදුම දුකක් විදලාලු සරසවි වල ඉගෙන ගන්නේ. හැබැයි ඒ විදේශ වලින් ගිය ළමයි. ප්‍රංශයේ නම් මවගේ කුසේ 5 මාසේ ඉදලම සරසවි අධ්‍යාපනය ඉවර වෙනතුරුම රජයෙන් වියදම් කරනවා. ආයිත් කවදාවත් ආපසු ලබා ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ළමයි ගැන දුකයි.(නදී)
ඉදිරි පරම්පරාවේ අනෙක් සිසුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කරන කැපවීමට අපගේ ප්‍රණාමය.(නදී)
මගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් තුන් දෙනෙක්ම මෙවර ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට තේරී පත් වුනා. විශ්ව විද්යාලයකට යන්න ලකුණු ගන්නවා කියන එක ඒ තරම් ලෙහෙසි පහසු කරුණක් නෙමෙයි. රෑ එලි වෙනකම් පාඩම් කරලා "අන්ත දුක්" විදලයි විශ්ව විද්‍යාලයකට සමත් වෙන්නේ. ඒ අස්සේ ඔවුන්ගේ මොළ හෝදන්න කියල බලහත්කාරයෙන්ම හමුදා පුහුණුවකුත් පටන් අරන්. විශ්වා විද්යාල ආචාර්ය කෙනෙක් කිව්වා අපි විශ්ව විද්යාලයෙන් එලියට යවන්නේ හැමදේකටම "එහෙයි " කියන ජාතියේ දරුවන් නෙමෙයි කියලා. ඒ නිසා නැවත අපි ඒ දරුවන්ගේ මොළ යථා තත්වයට පත් කරනවා කියලා. (නදී)
ඔය ගමන් අපේ මාසික වේතන වැඩි කර දෙන්න බැරිද? (නදී)
සුසන්ත, ඔයා හිතාගෙන ඉන්නේ ඔයා විතරයි ලංකාවෙන් ඕෂ්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ කියලද?ඔයා හරි විශාරදයෙක් වගේනේ වචන වලින් ඉන්න රට ගැන පේන කියන්න. අපි මෙහෙ හිටියට අපේ අක් මුල් තියෙන්නේ ලංකාවේ. බොරුවට කළු සුද්දෙක් වෙන්නේ නැතුව ඉන්න. මෙහෙ පුරවැසිභාවය තිබෙන අයට ආණ්ඩුවෙන් දෙන නය මුදල නැවත ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට ගෙවිය යුතුයි. වසරක ඩොලර් 51,000 කට වැඩි ආදායමක් ලැබෙනවා නම් මෙසේ ලබා ගත් අධ්‍යාපන නය මුදල ගෙවීම අනිවාර්ය අතර ආදායම වැඩි වෙද්දී ආපසු ගෙවිය යුතු නය ප්‍රතිශතය වැඩි වෙනවා. මම වැඩ කරන තැනත් ඉන්නවා හෙල්ප් නය වාරික තමන්ගේ ආදායමෙන් බදු රඳවාගැනීම් ම් වලට අමතරව අටෝ එකට යවන අය. මෙහෙ පුරවැසියන්ටත් ලැබෙන්නේ ණයක් මිසක් සහනාධාරයක් නොවෙන නිසා මෙහෙ හෙමෝම උසස් අධ්‍යාපන ලබන්නේ ගෙවලා. නමුත් ලංකාවේ එදා ඉඳන් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපනය (ජේවීපී රූකඩ කෑ ගැසුවත් නැතත් කොහොමත් ලබා දෙන) යන වචනයට මුවා වී මේ කරන අපරාධය පල දීල තමයි ඔය බංකොලොත් දේශපාලන පක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. (නදී)
ඔක්කොමලා පෝය පටලවා ගෙන දේශපාලන පක්ෂයකට දොස් කියනවා. (නදී)
ඇමරිකානු ජනාදිපති ඔබාමා මේ ළගදි තමයි එයාගේ ශිෂ්‍ය නය බරින් නිදහස් උනේ. (නදී)
"ලොකු මහත්තුරු වැස්සකටවත් වී.වී. ගියා නම් ඔහොම කියන එකක් නෑ කවදාවත්" ලොකු මහත්වරු වී වී ගියකාලේ වී වී එක ඔය ජරා තත්වයේ තිබුනේ නැහැ. ඒ කාලේ ඔතන බොහොම වැදගත් ස්ථානයක්. ඒ වගේම එයින් පිට උන අයටත් වැදගත් ස්ථානයක් සමාජයේ තිබුනා. මම කතා කොරන්නේ නිකුලස් ආටිගල මහතාගේ කාලය ගැන. එ්කට දැන් වී වී ඒකේ කීවම පොලිසියත් බැටන් පොල්ල අතට අරන් කතා කොරන්නේ. කොහොම උනත් සමාව දීපු එක වැරදියි. (නදී)
සුසන්ත කියන්නේ ඔස්ට්‍ර්ලියාවේ නොමිලේ අධ්‍යාපනය දෙනවා, එහෙ ඉන්න ලාංකිකයන් ඒ ගැන බොරු කියනවා කියලාද ? මගේ දරුවාට පුරවැසි කම නැති නිසා අපි අතින් වියදම කරලා තමයි ව්‍යාපාර පරිපාලන උපාධියට උගන්නන්නේ. ඒ ළමයා අපිට බරක් වෙන්න කැමති නැති නිසා පිරිසිදු කරන්නියක් ලෙස අර්ධ කාලින රැකියාවක් කරනවා. මට මගේ දරුවා ගැන ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නැහැ. සුසන්ත මේ රටේ ඔබ කියන විදියට ඔක්කොම නිකම් ලැබෙන රටක් නම් මෙලහකට ලංකාවේ දේශපාලකයෝ ඇරෙන්න ඔක්කොම ගුවන් යානා වලට බෝට්ටු වලට ගොඩ වෙලා මෙහෙ ඇවිත්. හරියට දැනගෙන කතා කරන්න. (නදී)
සුසන්ත, ඔස්ට්‍ර්ලියානු පුරවැසියන්ට ආණ්ඩුවෙන් ණයක් දෙනවා තමන් රැකියාවට ගිය පසු උසස් අධ්‍යාපන වියදම ආපසු ගෙවීමට. කිසිම ළමයෙකුට ආණ්ඩුවෙන් ලංකාවේ වගේ නොමිලේ නැතිනම් සුළු මුදලට නවාතැන් ලැබෙන්නේ නැහැ. සියලුම සරසවි සිසුන් තම තමන්ගේ නවාතැන් ගමන් බිමන් පොත් පත් වියදම් පුද්ගලිකව දරාගත යුතුයි. විදේශ සිසුන් පමණක් නෙවෙයි පුරවැසි සිසුන්ද අර්ධ කාලින රැකියාවල නිරත වෙමින් වියදම් සොයා ගන්නවා. සමහරු හිතන්නේ ඔස්ට්‍රේලියාව කිව්වම නිකම් වාඩි වෙලා ඉන්න කොට අතට පයට ඔක්කොම ලැබෙන රටක් කියලා ද කොහෙද ! (නදී)
සම්පත් අවශ්‍ය දේවල් විස්තර කරලා තිබෙන නිසා මම වැඩි පුර කියන්න යන්නේ නැහැ. සුසන්ත ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ කොහෙද ? නැතිනම් එක්කෝ නාවුරු වලද නැතිනම් පැපුවා නිව් ගිනි වලද ? ඔය විදියට වීරයෝ වගේ අනෙත් උදවියට අභියෝග කරගෙන එලි බහින්නේ ඔය මම කියපු තැන් වලින් රට ඇතුලට ආපු කට්ටිය . ඒකයි ඇසුවේ. (නදී)
මම කිව්වේ විශේෂයෙන් මෙහි ඇවිත් ඉගෙනීම් කරන ලංකාවේ ළමයින් ඇතුළු විදේශ රටවල සිසුන් ගැන. පුරවැසි ළමයින් වුනත් මෙතන උසස් අධ්‍යාපනය ලබන කාලයේ ඉතා මහන්සි වෙනවා. මගේ අසල්වැසි සරසවි සිසුවෙක් රාත්‍රී කාලයේ හෝටලයක කුස්සියේ වැඩ කරමින් දවාලට අධ්‍යාපනය ලබනවා. සුසන්ත ඉන්න පළාත නම් කේතුමතී රාජධානිය වගේ තමයි පේන්නේ. අපිටත් කියන්න අපි කැමතියි ඔය පළාතට එන්න . (නදී)
ලංකාවේ සරසවි සිසුන් හිතන්නේ ඒ උදවියට තරම් ප්‍රශ්න මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා. මමත් 60 දශකයේ අග කාලයේ පේරාදෙණිය සරසවියේ ඉගෙන ගත්තේ . දැන් මම ඔස්ට්‍ර්ලියාවේ දරුවන් සමග විශ්‍රාම සුවයෙන් දිවි ගෙවනවා. මම වගකීමෙන් කියන්නේ මේ රටේ කෝටිපතියෙකු නෙවෙයි නම් උසස් අධ්‍යාපනය ලබන කාලය පුරවැසියන්ටත් ලේසි පහසු නැහැ. ලංකාවේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය නිසා ලැබී තිබෙන වරප්‍රසාද තේරුම් ගන්න වෙනත් රටකට යන්නම ඕන. (නදී)
ඡන්දෙට ලෑස්ති වෙනවා වත්ද (අ)
සමාවකින් පසුව දෙයක් සිතට ගන්නේ තමන්ගේ වැරදි හදුනා ගන්නේ මොලයක් බුද්ධියක් තියෙන අය ..මොළ හෝදපු එවුන් කරන්නේ ඒ සමවෙන් ප්‍රයෝජන අරන් ඒ වැරැද්ද ඊට වඩා හොදට නැවත වරක් කිරීම.විනයක් නැති ආයතනයක පැවැත්මක් නැහැ.අනෙක් සිසුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මේ දේශපාලන පිළිල ඉවත් කිරීම කල යුතුම දෙයක්.මේ ගැටලුවට ජනාධිපති තුමාගේ මැදිහත් වීම අනවශ්‍ය දෙයක් .කරපු ක්‍රියාවේ බරපතල කම වැටහෙන්නත් මින් ඉදිරියට විශ්ව විද්‍යාල පද්ධතියේ මෙවැනි තලෙයිබාන් සිදුවීමක් නොවෙන්නටත් මේ සිදුවීමට සම්බන්ධ සියලු සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට ඔවුන් විශ්ව විද්‍යාල වලින් නෙරපා දැමිය යුතු බවයි මගේ හැගීම. (අ)
බන්දුල පෙරේරාට පහල වෙන හැගීම් නම් කියලා වැඩක් නැහැ. (අ)
දැන් ඉතිං පතුරු ගහවි අන්තරෙ ජනාධිපතිව. එයාලා බලාගෙන ඉන්නෙ ළමයි එක්නෙක් දෙන්නෙක් වත් මැරිලා පනහක් සීයක් ගෙදර යවලා විනාසයක් වෙනතුරු. එතකොට තමයි ඩයස්පොරාවෙ පුටු රත්වෙලා කුරුටුගාමී නායකයන්ට කරල පැහෙන්නෙ. වාසි ලබන සියයට පහ තෝරගෙන ගෙදර යැවුව නම් අනිත් අයට වත් නිසි කලට අධ්‍යාපනය ලබන්න තිබුණා. (ස)
බන්දුල, අදහස් ඉදිරිපත් කිරීමේදී මුල මැද අග හොඳින් වටහා ගන්න. මේ ශිෂ්‍යයන් මෙතෙනට පත්කළේ කවුද? තප්පුලන්නේ නැතිව හිටියොත් වඩා හොඳයි. (ස)
මෙයාව විධායක ජනපති කරමු.! අනේ කව්රුවත් නම් බැහැ කියන්න එපා හොඳේ....(ස)
ලොකු මහත්තුරු වැස්සකටවත් වී.වී. ගියා නම් ඔහොම කියන එකක් නෑ කවදාවත්... ඒ ළමයිට තියෙන ප්‍රශ්න මෙයාලට ගානක් නෑ.... (ස)
මේ ප්‍රශ්න මෙහෙම සංගම් වලට යන්නේ ඇයි? ළමුන්ගේ ප්‍රශ්න වලට අදාළ වගකිවයුත්තන් කොහේද? (නි)
මේ උදවියට සමාව දුන්නාට හැදේවිද ? ඔතනට යන්නේ ඉහළ බුද්ධි මට්ටමක් තිබෙන විශේෂ කුසලතාවකින් යුතු තරුණ කොටසක්. එහෙත් සමාජයේ විනයගරුකව හැසිරිය යුතු ආකාරය නම් ඔවුන්ට ලැබී නැහැ වගේ (නි)
බන්දුල කාටද මේ කඩේ යන්නේ ? (නදී)
බුද්ධිකා අපේ විශ්ව විද්‍යාලවල ළමයින්ට වෙනින් රටවල ශිෂ්‍යන්ට වගේ ඉගෙන ගන්න ගමන් කම්කරු රැකියා කරන්න වුනා නම් තිබෙන ප්‍රශ්න මොනවද කියල හිතේවි. අතට පයට හැම දේම ලැබෙන කොට අපේ රටේ සරසවි සිසුන්ට ඒවායේ වටිනා කමක් නැහැ. ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගන්න ඕනා. ඒ වෙනුවට මිනිස්සු හිර කරගෙන බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියනේ මේ කට්ටිය කරලා තියෙන්නේ. (නදී)
මේ උදවියට රස්සාවක් කරලා දරු පවුල් නඩත්තු කරන්න තරම් ප්‍රශ්න නැහැනේ බුද්ධිකා ? ඉගෙන ගන්න ආවා නම් හැකි පමණින් ඒ කටයුතු හොඳින් කරගෙන උගතුන් හැටියට සමාජගත වෙන එක නේද වැදගත් ? මේ ලෝකේ ප්‍රශ්න නැත්තේ කාටද ? (නදී)
මේ බන්දුල පෙරේරා කියන්නේ එස්.බී ද ? (නදී)
මමත් බන්දුල පෙරේරාගේ අදහසට එකගයි. නිවරදි මගට එන්නේ එය වැරදීමකින් වූ දෙයක් ලෙස අවබෝධ කරගත් පිරිසකුයි. නමුත් ඕනෙම උපාධිධාරියෙක් දන්නවා මේ කැරලි පසුපස ඉන්නේ ජේවීපී/කුරුටුගාමීන් මෙහෙයවන අන්තරේට කඩේ යන මහා ශිෂ්‍ය සංගම් කියලා. සමාව දුන්නා කියලා ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍ර වෙනස් කරන්නේ නැහැ. එය ප්‍රයෝජනයට අරන් තව දුරටත් විශ්ව විද්‍යාල සිසුන්ගේ අනාගතය විනාශ කරමින් තම බංකොලොත් දේශපාලන අරමුණු ඉටු කරගන්න උත්සාහ කරන එක. මේ පිළිල විශ්ව විද්‍යාල වලින් ඉවත් කරපු දවසට තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට යම් පිලිගැනීමක් ලැබෙන්නේ. නැතිනම් මේ බංකොලොත් දේශපාලන පක්ෂයකට කඩේ යන අතලොස්සක් නිසා අහිංසක සිසුන්ගේ වටිනා කාලය අපතේ ගොස් උපාධිය අවසන් කරන විට වයස අවුරුදු 28ක් වීම නවත්වන්න බැහැ. සැන් මම ඉන්න ඕස්ට්‍රේලියාවේ අවුරුදු 22 වෙනකොට ළමයි උපාදි අරන්, එ්කත් තමන් ගෙවලා තමයි ඉගෙන ගන්න ඕනේ (නදී)
සුසන්ත ගේ හත්මුතු පරම්පරාවම "ඔසීලා " වගේ පේන්නේ. පුදුමයි තවම සිංහල මතක තිබෙන එක. (නදී)
මේ උදවියට වෙලා තියෙන්නේ අධ්‍යාපනය නොමිලේ ලැබෙන නිසා ඉගෙන ගන්නවා වෙනුවට ඇඟේ පතේ හිරි ඇරගන්න මොකක්හරි 'බාල්දියක් පෙරලාගන්න' එක. (නි)
ඕස්ට්‍රේලියාවේ ළමයින් සුළු රැකියා, කුලී වැඩ කරලා ඉගෙනගන්න සල්ලි හොයාගන්නේ. අපිට ඒ කාලයේ සරසවියේදී මොන ප්‍රශ්නද තිබුනේ කියලා හිතෙනවා මෙහෙ ළමයින් උසස් අධ්‍යාපනයට විඳින කරදර දැක්කම. මෙහෙ දරුවන්ට වයස 15 /16 වෙනකොට දෙමව්පියන් කියනවා රැකියාවක් කරලා තමන්ගේ වියදම හොයාගන්න කියලා. ලංකාවේ ළමයින්ට වයස්ගත වෙනතුරු අම්මලා ඇඳ ළඟට උදේ තේ එක ගෙනවිත් දෙනවා. ඒත් තමන්ගේ ඉගෙනගන්න වැඩේ පිළිවෙලකට කරගන්න බැහැ. (නි)
සමාවදීම දේව ගතියක් (නි)