(දයාරත්න ඇඹෝගම)
ජලය නොමැතිකම නිසා රජරට විශ්ව විද්‍යාලය අද (28) සිට සැප්තැම්බර් 3 වැනි දා දක්වා වසා දැමීමට එහි පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය පැපොල රෝගය නිසා රජරට විශ්ව විද්‍යාලය මීට පෙර පසුගිය අගෝස්තු 10 වැනි දා වසා දැමු අතර විශ්ව විද්‍යාලය පෙරේදා (27) යළිත් විවෘත කිරිමට නියමිතව තිබුණි.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය ජල පහසුකම් ලබා දීමට අපොහොසත් වීම නිසා රජරට විශ්ව විද්‍යාලයේ සියළු පීඨ වසා දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර ඇත.
යළි රජරට විශ්ව විද්‍යාලය සැප්තැම්බර් 3 වැනි දා ආරම්භ කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූලික පහසුකම්වත් ලබා දිය නොහැකි ස්ථානයක විශ්වවිද්‍යාලයක් ගොඩනැගුවේ ඇයි? මේකේ ගොඩක් ළමයින් අතර වකුගඩු ආශ්රිත රෝගී තත්ත්ව සුලභයි. මේ ඉන්නේ රටේ අනාගතය..