(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර දෙකක තිබු රුපියල් ලක්ෂ අටකට වඩා වටිනා කමකින් යුක්ත ලැප්ටොප් වර්ගයේ පරිගණක පහක් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
රජරට විශ්ව විද්‍යාලයේ දුටුගැමුණු හා පංඩුල පිරිමි නේවාසිකාගාරයේ සිසුන්ගේ කාමර තුළ තිබු මෙම පරිගනක පසුගිය 08 වැනි දින හා 07 වැනි දිනයන්වලදි කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට සිසුන් පිරිසක් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මේ දිනවල රජරට විශ්වවිද්‍යාලයේ වසර අවසන් විභාග පැවැත්වෙන අතර සිසුන් තම කාමර වසා නොදමා ඉන් පිටව ගොස් සිටි අවස්ථාවේදි කිසිවෙකු විසින් මෙම පරිගනක සොරා ගෙන යන්නට ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලට මොකටද බන් ඕවා. ඉගෙනගන්නවා කියලා ඇයි . ඒවගෙන් වැඩක් ගන්න ඕනේ උන් ඒවා අරගෙන යන්න ඇති.