(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර දෙකක තිබු රුපියල් ලක්ෂ අටකට වඩා වටිනා කමකින් යුක්ත ලැප්ටොප් වර්ගයේ පරිගණක පහක් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
රජරට විශ්ව විද්‍යාලයේ දුටුගැමුණු හා පංඩුල පිරිමි නේවාසිකාගාරයේ සිසුන්ගේ කාමර තුළ තිබු මෙම පරිගනක පසුගිය 08 වැනි දින හා 07 වැනි දිනයන්වලදි කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට සිසුන් පිරිසක් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මේ දිනවල රජරට විශ්වවිද්‍යාලයේ වසර අවසන් විභාග පැවැත්වෙන අතර සිසුන් තම කාමර වසා නොදමා ඉන් පිටව ගොස් සිටි අවස්ථාවේදි කිසිවෙකු විසින් මෙම පරිගනක සොරා ගෙන යන්නට ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට සරසවි සිසුන්ගේ ලැප් ටොප් උස්සලා
මුදලිනායක Thursday, 09 March 2023 02:03 PM
උඹලට මොකටද බන් ඕවා. ඉගෙනගන්නවා කියලා ඇයි . ඒවගෙන් වැඩක් ගන්න ඕනේ උන් ඒවා අරගෙන යන්න ඇති.