
(යොහාන් භාසුර,ක.ග.කරුණාරත්න,නිමල් ජයරත්න)
උතුරු මැද පළාතට අඛණ්ඩව ඇඳ හැළෙන වාර්ෂාව හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් වර්ෂාව අඛණ්ඩව පැවතුණ හොත් තවත් මාර්ග යටවීමේ අවදානමක් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගය යටව ඇති බවත් ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයෙන් මාර්ගය යටවීමෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
කළා වැවේ වාන් දොරටු දෙකම අඩි 16 බැගින් විවෘත කිරීම නිසා කළාවැව සහ තඹුත්තේගම මාර්ගය අවුකන පාලම සහ වලව්වේ ගම දුම්රිය පාලම අසළින් යටවී ඇති බව කී වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම මාර්ගය කලා වැව පිවිසුම අසළින් වසා දමා ඇති බව ද සඳහන් කළේය.
පරාක්‍රම සමුද්‍රයේ දොරටු ද මේ වන විට විවෘත කර ඇත


(රොමේෂ් මධුෂංක)





2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජරට වැව් වාන් උතුරයි:පොලොන්නරුව යටවේ