අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු අද සවස පැයකට ආසන්න කාලයක් වැසි පැවතියේය.
‘සෑහෙන වැස්සක් ලැබුණා.ඉඩෝර ගතියත් නැති වුණා‘ යැයි අනුරාධපුර වැසියෝ කීහ.
දිවයිනේ බොහෝ පළාත් හි ඉඩෝර තත්ත්වයක් ඇතත් ඉඩෝරයක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ මාසේ අග වන විට බලාපොරොත්තු වු අන්තර් මෝසම් වැසි ලැබෙතියි ද ඒ වන විට දැන් පවතින කාලගුණය වෙනස් විය හැකි යැයි ද කියයි.
සෑම පෙබරවාරීයකම වැසි අඩු කාලගුණ තත්ත්වයක් පවතින බවත් අන්තර් මෝසම් වැසි නොලැබුණොත් පමණක් නියං තර්ජනයක් ඇති වන බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
දැනට පවතින අධික ඌෂ්ණත්වය තුරන් වී යතියි ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමාගේ පින තමයි.... (ත)
අනුරාධපුර ජීවත්වන අහිංසක ගොවිජනතාවට ස්වභාව ධර්මයාගෙන් සුභ ප්‍රතිචාරයක්.(අ)
ජයශ්‍රී බොඩි හාමුදුරුවන්ගේ පිහිට (අ)
රජරටට කෙසේ වෙතත් කොළඹට නම් වැසි ලැබුණොත් හොදයි.දැනටම වතුර කපනවා වතුර නැහැ කියල.(දිල්)
අද සවස අනුරාධපුරට නගරෙට පමණි වැස්ස ලැබුනේ නගරෙන් පිටට නැ වැස්ස ඕනේ නගරෙට නොවේ නගරෙන් පිට ගම්බදට එහෙට වැස්ස නම් ගොවීන්ට ගොවිතැන් කරන්න පුළුවන්
අනේ වාසනාවන්. (අ)
අපරාදේ නියගයයට කියල ලෝකබන්කුවෙන් ණයක් අරන් එකෙන් කොටසක් කොමිස් ගහගන්න දතා කට මැදගෙන කට්ටියක් සුදානම් වෙලා හිටිය මේ වැස්ස නිසා ඔක්කොම වතුරේ ගිය , වහින්න වහින්න ඔක්කොම කුණු හෝදගෙන යන්න , රජරටට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි. (අ)