
(බී.ජී.චතුරංග)
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
ඉකුත්දා පැවැති දෙවන වාරයේ මෙම ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබා දී තිබූ අතර සාමාන්‍යය ක්‍රම වේදය වන්නේ ප්‍රශ්න 7ක්, ලබා දී ප්‍රශ්න 5ට පිළිතුරු සැපයීම.එහිදී අනිවාර්යෙන් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර ඉතිරි ප්‍රශ්න 6න්, 4ක් තෝරා ගෙන පිළිතුරු සැපයිය යුතුය.
ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාගය පෙරහුරුවක් වුවද, මෙලෙස ප්‍රශ්න පත්‍රය වැරදි සහගත ලෙස මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ගැටලුවක් ඇති වන බව මෙහිදී දෙමව්පියෝ පැවසූහ.
උතුරු මැද පළාතේ මෙවර දෙවන වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබා දුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳවද ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කිසිදු වියදමක් දරා සකස් කර නැති බවත්, කලාප කාර්යාල වලට යම් යම් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට බාර දුන් බවය. ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජරට දරුවන්ට ප්‍රශ්න හතරක් දී පහකට ලියන්න කියලා
ravin Sunday, 12 November 2023 05:10 PM
මේ පළාතේ අධ්‍යාපන කට්ටියට නේද පහුගිය දවස්වල ස්ථාන මාරු බැහැකිව්වේ?
Samarakoon Sunday, 12 November 2023 07:10 PM
දරුවන්ට ඔහොම අවස්ථාවක් ඇතිවුනොත් ප්‍රශ්න පත්‍රය සකස්කළ අධ්‍යාපන කාර්‍යාලයේ නිලධාරින් හා අමාත්‍යාංශයේ ලොක්කෝ ගැන ඇහැක් විදියට රචනාවක් ලියන්න කියලා කියලා දෙන්න ගුරුභවතුන් දැනගන්න ඕනෑ.. එහෙම කියන්නේ මෙම අමාත්‍යාංශයේ ලොක්කා දීපු උත්තරයෙන් කෙනෙකුට සෑහීමකට පත්වෙන්න බැරි නිසා තමයි...!
Don Sunday, 12 November 2023 10:51 PM
පස්වන ප්‍රශ්නය තමයි අධ්‍යාපන මටට්ම පහත වැටීම.
janaka Monday, 13 November 2023 08:32 AM
ඕව මහ ලොකු ප්‍රශ්න නෙවෙයි.. ඒත් ඉතිං මේවා බලන් නැද්ද ගුරුවරු...? බස්නාහිර පළාත් ගුරු විභාගේ එහෙම් පිටින්ම ටියුෂන් ගුරෙක්ගේ පොතකින් උපුටලා දමලා තිබ්බේ... අපේක්ෂකයෝ 5000කට එහා ලියපු විභාගයක්...!
Janindri Friday, 20 September 2024 07:02 PM
සතුටුයි...!