රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය ලබන සඳදා (28) වැනි දා සිට උගැන්වීමේ හා පරිපාලන කටයුතු වලට යළි සම්බන්ධ වන බව රජරට එහි ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඕලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවසුහ.
සිසුන් පිරිසක් විසින් උපකුලපති පැය විසිහතරකට ආසන්න කාලයක් සිර කිරීමේ සිද්ධියෙන් පසු පසුගිය දෙවැනිදා ආචාර්ය මණ්ඩලය උගැන්වීම් කටයුතු හා විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු වලින් ඉවත් වුහ.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රජරට ඇඳුරෝ යළි උගන්වන්න යති
කුමාරි Thursday, 24 July 2014 05:58 AM
ගුරවරු හිතෙන කොට අයින් වෙනවා. නැවත උගන්වනවා. මේ අයට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද. (නදී)
ලකී Thursday, 24 July 2014 06:14 AM
රජරට කියන්නේ ඉස්සරහින්ම ඉන්න විශ්ව විද්‍යාලයක්. යු.ජී.සී එකෙන් කරපු ලංකාවේ ගණකාධිකාරී රෑන්කින් වල දෙවැනි තැනට තියෙන්නේ රජ රට. විද්‍යා පීඨය 3 වෙනි තැන. දන්නේ නැති අය හොයා බලන්න (නදී)
පෙඩ්රික් Wednesday, 23 July 2014 01:04 PM
රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය තුල කිසිම පිළිගත් කෙනක් නැත (නදී)
විජේවර්දන Wednesday, 23 July 2014 03:58 PM
පෙඩ්රික් මහත්මයාණෙනි ඔබ රජරට් ගැන දන්නා ප්‍රමාණය හා විශ්වවිද්‍යාලයක පිළිගැනීම ලැබෙන හැටිගන තවදුරටත් සොයාබැලිය යුතුය. ඔබට ස්තුතියි (නදී)
ෂාමි Thursday, 24 July 2014 08:14 AM
විද්‍යාවේදී කළමනාකරණ උපාධි පාඨමාලා තියෙන විශ්වවිද්‍යාල හතරෙන් එකක් තමයි රජරට විශ්වවිද්‍යාලය කියන්නේ. කළමනාකරණ උපාධි වලින් තියෙන හොඳම උපාධිය තමයි විද්‍යාවේදී උපාධිය. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාලවල ගණකාධිකරණ දෙපාර්තමේන්තු අතරින් දෙවෙනි තැනට තියෙන්නෙත් රජරට විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුව. ඉදිරියේදී රජරටට ඉංජිනේරු පීඨයකුත් ලැබෙන්න නියමිතයි. එතකොට රජරට කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යා , සමාජ විද්‍යා සහ කෘෂිකර්ම කියන පීඨ 6ක් තියෙන විශ්වවිද්‍යාලයක්. රජරට ගැන හරියට දන්නේ නැති අය කරණාකරල බොරු දේවල් පතුරන්න එපා.(අ)
නිශාන්ත Thursday, 24 July 2014 05:29 AM
රජරට සරසවියෙ පිළිගැනීමක් නැති කරගෙන තියෙන්නෙ ඩයස්පොරාවෙ සල්ලි වලින් යැපෙන කුරුටුගාමි සිසු නායකයන් නිසා. දෙමව්පියන් තම ළමයි තේරෙනවට අකමැතිම විශ්වවිද්‍යාලවලින් එකක් තමයි රජරට.(අ)