IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


‘රජයෙන් අධිකරණයට බලපෑම් නෑ‘

අධිකරණ විනිසුරුවරුන්ට ස්වාධීනව නිදහසේ සිය රාජකාරි මැනවින් ඉටු කිරිමට නම් විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑමි කිරීමි සහ අත පෙවීමි සිදු නොවිය යුතු බවත් වර්තමානයේ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑමි කිරිම් සහ අත පෙවීම් නොමැති බවත් උතුරු මැද පළාත් බද මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර මහාධිකරණයේ  පැවැති උත්සවයක දී තිලකරත්න මහතා මෙසේද කීවේය. ‘විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි කිරිමට නම් ඔවුන්ගේ රාජාකාරියට කිසිවෙකුගේ බලපෑම් අතපෙවීම් එල්ල නොවිය යුතුයි.එමෙන්ම විනිසුරුවරුන් සහ නීතිඥයින් අතර හොද සබදතාවයත් තිබිය යුතුයි. විනිසුරුවරුන්ට අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි.‘

‘විනිසුරුවරුන්ගේ රාජාකරියට අද බලපෑම් කිරීම්  අතපෙවීම් නැහැ. විනිසුරුවරුන්ට නිදහසේ රාජකාරි කිරිමට අවස්ථාව සැලසී තිබෙනවා. අනුරාධපුරයේ නීතිඥයින්ගේ සහාය උපරිමයෙන් විනිසුරුවරුන්ට ලැබෙනවා. සමහර විට නීතිඥයන් අතර ප‍්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒවා විනිසුරුවරුන්ට අදාළ නැහැ. අනුරාධපුරයේ අධිකරණ වල ඉඩ පහසුකම් කිසිසේත්ම ප‍්‍රමාණවක් නැහැ. නව ගොඩනැගිලි කිහිපයක අවශ්‍යතාවය දැඩිව පවතිනවා.‘

‘කලාපයේ විනිසුරුවරුන්ට හරි හැටි නිල නිවාස නැහැ. අනුරාධපුරයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සිටිනවා. ඒ අතරින් නිල නිවසක් තිබෙන්නේ මට පමණයි. අනෙක් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාටම නිල නිවාස නැහැ.‘

‘අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරියට නිල නිවාසයක් නැහැ. නොචිචියාගම සංචාරක මහේස්ත‍්‍රාක් අධිකරණයේත් අඩුපාඩු රැසයි. ඒ බව තඹුත්තේගම මහේස්ත‍්‍රාත්  මට නිරන්තරව දුරකථනයෙන් දැනුම් දෙනවා.‘

‘අධිකරණ කාර්ය මණ්ඩල වලට නිල නිවාස නැහැ. විශේෂයෙන් අධිකරණ ඇමැති අධිකරණ කලාපයක පිහිටි මහාධිකරණයකටවත් අඩුම තරමින් වෑන් එකක් වැනි වාහනයක් ලබාදිමට ඇති හැකියාව සොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා‘.

‘සංචාරක අධිකරණ වලට කාර්ය මන්ඩල රැුගෙන යාමට සිදුව ඇත්තේ පුද්ගලික වාහන කුලියට ගනිමිනුයි. වාහනයක් තිබෙනව නම් බැංකු කටයුතු වලටද පහසුයි.‘



අදහස් (0)

‘රජයෙන් අධිකරණයට බලපෑම් නෑ‘

සුමුදු Wednesday, 14 September 2016 11:33 AM

දැන් ඔය අධිකරණ ඇමති තුමා මිලියන 700 ක වාහනයක් ඕඩර් කළේ ඕකට වෙන්නැති මගේ හිතේ. මෙතුමාට ගහපු අය තාම ඇල්ලුවෙත් නෑ නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 268 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site