තමා රජයට එක් නොවන බවත් රජයට එක් වෙතියි අසත්‍ය ප්‍රචාර ගෙන යනුයේ තම ගමන අඩාල කිරීමට බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මිහින්තලේ රජමහා විහාරයේ දී පැවැසීය.
එම ප්‍රචාර ගෙන යන අය අතර රජයේ හා විපක්ෂයේ පිරිස් සිටින බව තම අදහස යැයි ඔහු කීවේය.
ඇමැති ආරක්ෂක අංශයේ 15 දෙනකු තම ආරක්ෂාවට දී ඇත්තේ තමා නිදහස් කැර ගැනීමට ක්‍රියා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ ඉල්ලීමක් අනුව බව ද ඔහු පැවැසීය. යුද්ධය අවසන් කළ තමාගේ ආරක්ෂාවට 15 දෙනකු නොසෑහෙන බව ඔහු කීය. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා ආණ්ඩුවට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.....මේක ලංකාවනේ....
අපි ඔබ සමග ඉන්නේ රජය ඔබට කරු වැඩේට විරැද්ධ නිසයි.. ඔබ රජයට යනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඔබේ ගමන ඔබ යන්න.. කාගෙවත් වහලේක් වෙන්න අවශ්‍ය නැහැ..
ඡන්දේ ඉල්ලුව කාලෙට වඩා දැන් ඔබ තුමා ජනප්‍රියයි..ඒ ගැන හිතල සතුටු වෙන්න....
කවුද මෙයාව ගන්නේ රජයට....
කවුරු මොන ගමන ගියත් අපිට වෙන සෙතක් නෑ හැමදේම ඒ අයගේ වාසියටයි...........
මේ ශෝ එක කාව රවට්ටන්නද ?ඔබ තුමා දැන් නියම පොලිටික්ස් නේ....ඔහොම යන්....
ඔබතුමා වචන දෙක තුන කියකියා දැන් නිවසේ ඉදලා හරියන්නෑ මිනිස්සුන්ට අමතක වෙනව රටපුරා ආවරණය වන පරිදි ඔබට සහය දක්වන මිනිසුන් හමුවන්න ඔවුන්ට ගිහින් කථා කරන්න ජන රැල්ල ඇති කරන්නාහොද බුද්ධිමත් උපෙද්ශක මණ්ඩලයකින් ජනතාව අමතන ආකාරය උපෙදස් ගන්න ඔබේ සේවය රටට අවශ්‍යමයි.අනේක් පක්ෂ තරහ කරගන්න ඒපා...කේන්ති අරන් වචන පිටකරන්න ඒපා අපේ බලාපොරොත්තු නැති කරන්න ඒපා ඔබට ජයමයි !!!
රජයට ගිහිල්ල කේ.පී ට, කරුණාට ,පිල්ලයන්ට මචං කියතහැකිද ?
කොහොම කරත් ජනාධිපති විය නොහැකියි....
තැන තියන් කට වාහන වෙනදේ බලාගෙන ඉන්න, නොදන්නා දේශපාලනයට ගිහින් වරද්ද ගන්නේ නැතුව. ඔබ තුමාට දීර්ඝ යුෂ.
මෙයාට ඉතින් කොච්චර දුන්නත් මදිනේ ............. මතකනේ ඉඩමක් දීලා .........
ඔබ තුමා ස්වාධීනව කටයුතු කරන්න ,අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීරණ ගන්න. ඔබ සමඟ සිටි ජනතාව ගැන සිතන්න.
යුද්දෙට ගිය අයට කියන්නේ සිංහයෝ කියල...දේශපාලනය කරන්න ගිය අයට කියන්නේ සුනඛයො වගේ කියලා .ඔබතුමාම කැමති දේ තෝරා ගන්න..
ඔබ රජය සමග එකතුවුනත් නැතත් ඔබට දේශපාලන වශයෙන් අනාගතයක් තිබෙනවා යැයි කීමට අපහසුයි. අප රටේ දේශපාලන ඉතිහාසය අනුව ප්‍රධාන පක්ෂ දෙක හැර අන්පක්ෂවලට ඉදිරියට ඒමට හැකියාවක් ඇත්තේම නැත. එබැවින් ඔබ ඉදිරියේ තිබෙන්නේ මනාපයන් දෙකයි. එක්කෝ රජය නැතිනම් යූ.එන්.පි.ය.
අපිව මෝඩයට අන්දන්න හදන්න එපා.. අනිත් අය වගේ...
විපක්ෂයේ හිඳිමින් රට දැයට හොඳ මෙහෙයක් ඉටු කරන්න..
ඔබතුමා කොටලුවන්ගේ කතා වලට රැවටිලා දේශපාලනේට නාවා නම් අදටත් අපේ කාලේ සදාකාලික වීරයෙක්
ඔබ රජයට එක් වූවොත් රටේ විශාල ජනතාවක් යළිත් අතරමං වේවි
රජයට නොයෑමට ගත් තීරණයට අපි ඇත්තටම ගරු කරමු
ඔබතුමා රට ත්‍රස්දවාදයෙන් බේරා ගත්තා. දේශපාලන මුවාවෙන් රට කන දේශපාලනය කරන අයගෙන් රට බේරා දෙන්න. බඩු මිල ඉහළය ..රට වැසියාගේ ජීවිතය අනතුරේය..මන්ත්‍රීවරුන් ජනයාගේ මුදල් කොල්ලකා සැප විඳින්නේය. රට බේරා ගෙනිමේ ජාතික ව්‍යාපාරයක් අරබන්න අපි ඔබ සමගයි
ඔයා හරි සර්,ඔයා ඔයාගේ ගමන හදාගන්න..අපි එනවා ඔයා ළඟට..
ජෙනරාල්තුමනි,ඔබ,රනිල්,සජිත් සමඟ පොදු විපක්ෂයක් රටට අවශ්‍ය වේ.ජයවේවා!!!!!!!!!!!!!
ඔබතුමා හමුදාපති මිසත් ජනාධිපති නෙමෙයිනේ.ඒ නිසා එක එක්කෙනාගේ කතා අහන්නේ නැතුව පවුලේ අයත් සමග නිවසට වී සිටින එක හොදයි නේද?
ඔහු දේශපාලනය ගැන දන්නේ නෑ.අපිට මිලිටරි නායකයෙක් අවශ්‍ය වෙන්නේ නෑ රට පාලනයට
ලංකාවේ දේශපාලනය කරන්න කිසි දෙයක් දෙයක් දැන ගන්න ඕන නෑ. ඒක තමයි එකම සුදුසුකම .
ෆොන්සේකා මහත්තයෝ,දේශපාලන මඩ ගොහොරුවට යන්නේ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න
එතකොට යුද්ද සමයේ ඔයාත් එක්ක හිටපු ගුවන්,නාවික සඑ පොලිස් පිරිස් වලට මොකද වුණේ?
රජයට නෙයන එක හොදයි.. ඔබ වෙනුවෙන් කරදර උනු මිනිස්සු ගැන හිතන්න..රට ගොඩ ගන්න... නාස්තිය දූෂණය නැති කරන්න.
යන්න එපා.. නෙමෙයි. ගන්නෙ නෑ
එහෙනම් ෆොන්සේකා මහත්තයෝ 100 දෙනෙක් ඇතිද ?
ෆොන්සේකා මහතා යළි ජනාධිපතිතුමා සමඟ එක් වී සහයෝගයෙන් ක්‍රියා කිරීම අවස්ථාවේ හැටියට සුදුසුම දෙයයි.මොකද ජනාධිපතිතුමා තමයි නිදහස ලබා දුන්නේ.ඉතින් ඒකය කළගුණ සලකන්න ඕන..
මෙච්චර අමාරුවෙන් දොවා ගත්ත කිරි කළේ....
ඔබ රජයට එක්නොවුනත් ඔබ රජය සමගයි. රජය ඔබ සමගයි.
යන්න එපා..
මා හිතන්නේ මොහු හිතන තරම්ම මෝඩ නැහැ
යන්න එපා...එහෙම ගියොත් අපි කළේ නිශ්පල වැඩක් වෙනවා...හැබැයි ඔබ ඉවසන්න ඔනෑ..දැන් යන විදිය හොඳ නෑ
පව් කියල නිදහස දුන්නම එකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා මෙයා.15 වෙනුවට 1500 ද ඉල්ලන්නේ.
කෝ ......කේ බංඩාර උන්නැහේ නැහැනේ...
විපක්ෂයේ බොරැවට හසුනොවී රජයට එක්වී රටට සේවයක් කරන එක හොදයි..
අපිට වෙන සෙත මොකද්ද? අවත් එකයි ගියත් එකයි..
විපක්ෂයේ ඉදල හරි දේ කරන්න..
''පුත, ළග පමණක් නොබලන්න දුරත් බලන්න" යැයි දීගායු කුමාරයට තාත්ත කිව්වලු
මා හිතන්නේ මොහු යළි රජයට එක්වුනොත් අපිට වාසි දායකයි කියලයි.
ඔයා යන්න මහත්තයෝ......
යන්න එපා.........
පොන්සේකා මහත්තයෝ ඇයි දැන් එල්.ටී.ටී.ඊ නැතිවෙලත් ආරක්ෂාවට 15ක් මදි කියන්නෙ.. රටේ සල්ලි නාස්ති කරන්න එපා..
ඔබ ගියොත් රෙදි විකුණන කඩ වලට තමයි පාඩු.මොකද ඔබතුමාට ඡන්දේ දුන්න ලක්ෂ 40 කට විතර ඇදුම් නැතිව තමයි පාරේ යන්න වෙන්නේ....
පහළවක් මදිනම් මුළු රටම ආරක්ෂාවට ගන්න..
දේශපාලයෙදී සදාකාලික හතුරොත් නෑ සදාකාලික මිතුරොත් නෑ..
මැතිඳුණි,..ඔබ සුවිශේෂී පුද්ගලයෙක් ..බලයට කෑදර දේශපාලුවෙක් වෙන්න එපා ඔබ අපිට දෙවි කෙනෙක් වගේ..
රංග නගා....එයිද ????
කුණු ගොඩට යන්න එපා මහත්තයෝ
කළණ මිතුරන් සමග යන ගමනට සුභ පැතුම්....!!
හිටපු ජෙනරල්තුමා ආණ්ඩුවට ගියාම රංග ශානිට තියෙන වාසිය මොකද්ද? වාසි පැත්තට හෝයේයා කියන මනුස්සයන් ඉන්නතුරැ මේ රටට ගොඩ ඒමක් නැහැ..
ඔබයි අපේ නායකයා...