රජය වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් සිල් මාතාවක් අද 22 උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩට ඉදිරියේ සිට දළදා මාළිගාවට මුහුණලා සත්‍යග්‍රහයක නියැලී සිටින්නීය.
මෙම සිල් මාතාව කොතැන සිට මෙම ස්ථානයට වැඩම කළාදැයි කිසිවකු නොදන්නා අතර කිසිවක් කතා නොකරයි.
සත්‍යග්‍රහය කරන ස්ථානය අසල තබා ඇති දැන්වීමක සදහන් වන්නේ මෙම රජය වහාම ඉල්ලා අස්විය යුතු බවයි. අද උදේ සිට පවතින වැසි කාලගුණයද නොසලකා මෙම සිල් මාතාව සත්‍යග්‍රහයේ යෙදී සිටින්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ සටනට ජයවේවා! (නි)
වහාම භික්ෂු හැඳුනුම්පත චෙක් කරන්න. එය නැතිනම් අත්අඩංගුවට ගන්න. (බ)
දැන් නම් චීවරේ දරා ගත්ත අය වැඩි හරියක් ඉන්නේ ගිහියන්ගේ ඉත්තන් ඒවගේම රුකඩ වෙලා ,ටික දෙනයි ඒ චීවරය දාගෙන නියම විදියට සංසාර ගමන කෙලවර කර ගන්නේ , මේ ඉන්නෙත් කවුරු අන්දලා එවපු කෙනෙක් ද කියන සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ හදන්නේ ජනප්‍රිය වෙන්න , හැබැයි ප්‍රතිඵලය ජනයට අප්‍රිය වීමයි (බ)
මේ සිල් මාතාවට මගේ ප්‍රණාමය. මහා ගඟක් හැදෙන්නේ කුඩා දිය බිඳුවකින් පටන් අරන්. එළාරගේ කාලේ පටන් මහා සඟරුවන රටට ජාතියට ආගමට විනකරන රජවරුන්ට, පාලකයන්ට විරුද්ධව සටන් කළා. (නි)
ඔය තරම් කලකිරිලනම් වනගතවෙලා භාවනා කරන්න යන්නකෝ මේ තරම් හැගීම් වලට වහල් වෙන්නේ නැතිව (බ)
සම්බුද්ධ ශාසනයට මේ ආණ්ඩුවෙන් වන විනාශය කාටවත් පේන්නේ නැද්ද ඒකයි හේතුව (බ)
දැන් මෙතන අදහස් දක්වන අය එදා කුඩාපොල හාමුදුරුවන් වගේ උත්මයින්ටත් විරුද්ධව කථා කරාවි. හැබැයි ඉහළම තැන්වල වැජඹෙමින් අඹුදරුවන් පරිහරණය කරමින් පාරාජික වෙලා ඉන්න අය ගැන නම් කටවත් අරින එකක් නැහැ. ඇයි හමු වෙන්න ගියත් අඩියක් ගහන්න දෙනවනේ. (බ)
කාන්තාවක්..... මෙහෙණින් වහන්සේ නමක්...... මොනතරම් එඩිතරකමක්, වීරත්වයක් තිබේද...... පිරිමියෙක්වත් තනියෙන් නොකරන දෙයක්..,,,, ජීවිතය ගැනවත් නොසිතා කරන උතුම් දෙයක්....., රටේ පවතින භයානක වැඩපිළිවෙළ තේරුම් ගත් මහා උත්තමාවියක්...... දිගාසිරි වේවා (බ)
මහින්ද මැතිතුමනි අපි ඔබ සමගයි. (බ)
මේක කොමෙන්ට් දැක්කම ඉන්නේ ඔක්කොම බුද්ධාගම් විරුද්ධ වාදියෝ අපේ රටේ බුදුදහම නොතිබුනිනම් ඔය කයිවාරු ගහන උන්දලට ආගම අදහන්න ලැබෙයිද? අරාබි රටවල් ගැන හොයල බලන්න. සරල අදහස තේරුම් නොගත්ත මැට්ටෝ සෙට් එකක්නේ අපි අතර ඉන්නේ .(බ)
අපේ ගෞතම බුදුන් වහන්සේ ගේ අවදියේත් මෙවන් චරිත තිබුන බවට විනය පිටකයේත් ඇතුලත් වෙලා තියෙන බව ප්‍රකාශිතයි නේ. ඉතින් අපි මොකටද? කලබල වෙන්නේ. (බ)
පසුගිය ආණ්ඩුව කාලේ මෙතුමිය කොහෙද දන්නේ හිටියේ නේද. (නි)
නිදහස 1947 ඉඳල ලැබුන දා ඉඳල අපු රජයන් හැම එකක්ම ටික ටික හරි කළේ බුද්ධශාසනයේ විනාශයට වැඩ කරන එකයි. සිරිමා මුස්ලිම් කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම දුන්නා .අනිත්ආපු හැම කෙනාම කළේ ඒවම තමා. මේ කාන්තාව මේ දෙය කරන්නේ ඒ විනාශය නවත්වන්ද, (බ)
ඔය වගේ තවත් සිල් මාතාවක් අනෙක් පැත්තේ ඉඳගෙන "රජය ඉල්ලා අස්විය යුතු නැහැ" කියා උපවාසයක් කරන්න පටන් ගත්තොත් මොකද කරන්නේ.? බුද්ධ චීවරය ඉතා පුජනීය වස්තුවක්. ඊට නිග්‍රහ කරන අයට උපරිම දඬුවම් දීමට නීති සකස් කළ යුතුයි (බ)
බෞද්ධ ශාසනයේ අනාගතයට මේ වගේ වැඩ වලින් බලපෑමක් වෙනවා නේද? (නි)
ගරුතර සිල් මෑණියනි, ඔබතුමියගේ සත්‍යග්‍රහය සාර්ථක වේවා! අපේ ජාතියත් බුද්ධාගමත් විනාශකරන මේ ආණ්ඩුවට දිට්ට ධර්මවේදනීය කර්මය පළදේවා! (නි)
බුද්ධ චීවරයට අගෞරව වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ගිහියෝ නෙමෙයි, එයට විනය පිටකය තිබෙනවානේ. ගිහියෝ මොකටද මේ කලබල වෙලා? මෙහෙණින් වහන්සේ නමකට, දළදා මාළිගාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන්න බැරි නම් කොහෙද කරන්න පුළුවන්? මඩු පල්ලිය ඉස්සරහද? සත්‍යග්‍රහයට හේතු වූ කාරණාව වෙනම ප්‍රශ්නයක්. නමුත් බුද්ධාගමට ප්‍රමුඛතත්වය දෙන්න ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්න රාජ්‍යයක, සංඝ සමාජයේ අයෙකුට සත්‍යග්‍රහයක් කිරීමේ අයිතිය ගිහියෝ ප්‍රශ්න කරන්නේ කුමකටද? (නි)
ලක්විදු, ඔබට තියෙන අමාරුව කුමක්ද? ඇය දසසිල් මාතාවක්. ඇයට ආරණ්‍යගතව රුක්ඛ මූලගතව ජීවත් වියහැකිය. ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතිය ඒ නිසා නැති වෙන්නේ නැහැ. (නි)
සහන, අකිල, එක කාන්තාවක් කරන වැඩකට මෙච්චර නටන්නේ ඇයි? නුඹලා දෙන්නට මොකද බැඳුම්කර වංචාව ගැන කට හොල්ලන්න බැරි? (නි)
හෙට පෝලිමේ යනවා බලන්න පුළුවන් එ්කබද්ධයේ අය එතුමිය බලන්න (නි)
මෙහි අදහස් දක්වා ඇති සියල්ලන් සමඟම එකඟවෙමි (නි)
අමුතු රටක් අපේ රට. වෙන අය බුදුදහම කෙළසනවා කියලා කෑගහනවා. ප්‍රමුඛස්ථානය නැතැයි කියනවා. උද්ඝෝෂණ වල ගිහිල්ලා කරණීයමෙත්ත සූත්‍රය දේශනා කරනවා. ගල් මුල් ගහන ගමන් පන්සිල් ගන්නවා. අපරාධ විමර්ශන අංශයට යන අයට එතන ගිහිල්ලා පිරිත් නූල් බඳිනවා. ටිකක් හිතන්න අපිම නොවෙයිද දහමට නිගා කරන්නේ. අනෙක් ආගම්වල අය මේ වැඩ දැකලා හිනාවෙනවා ඇති. අන්තිමට මේ මෙහෙණින් වහන්සේට කියන්න තියෙන්නේ "නිවටයා දැක්කම එළුවාත් නිකට පානවලු" කියලා තමා. (නි)
මෙතන මේ සමහරු බොරුවට සිල් මාතාවට බනිනවා. එතුමියට කරන්න පුළුවන් දෙය තමයි මේ කරන්නේ. මෙතන බනින අය සෙට් එක දේශපාලුවන්ගේ පස්සේ යනවා මිසක් රට ගැන හිතන්නේ නැහැ. මෙහෙමවත් විරෝධය ප්‍රකාශ කරන්න කොන්ද පන තියෙන එක ලොකු දෙයක්. (නි)
ඇන්ටන් කැලේට ගිහිල්ලා භාවනා කරන්න කැලයක් කොහෙද තියෙන්නේ බදුර්දීන් කැලෑවල් ඔක්කොම කපලනේ (බ)
සිල් මාතාව පෙනීසිටින්නේ සමස්ත රටවැසියාම වෙනුවෙනි. එතුමියට ජය! (නි)
ඔය කොලේ පවතින රජයට ජයවේවා කියලා ලිව්වා නම් වගකිවයුත්තන් කතාකරාවි (නි)
අනේ මෑණියනි, වැඩි ජන ඡන්ද ප්‍රමාණයක් අරගෙන බලයට පත්වූ ආණ්ඩුවක් මේ තියෙන්නේ. බලයට ගෙනා ජනතාවට පාඩමක් වෙන්න නිහඬ වෙන්න මේ අපි වගේ. (නි)
කසාවත අද ආයුධයක් වෙලා. පන්සල කෑම්ප් එකක් වෙලා. (නි)
සාමකාමී විරෝධයපෑමක්. ඉතාම උසස් දෙයක්. අපි කාටත් ආදර්ශයක්. මෙහෙම තමයි විරෝධය පාන්න ඕනෑ. (නි)
රට ජාතිය ගැන සිල්මතාවකට තියන කැක්කුම වෙන එක්කෙනෙක් ළඟවත් නැහැ වගේ. මුට්ටියේ ඉන්න කකුළුවෝ මතක් වෙනවා. (නි)
ඒ තරමටම මේ රජය එපාවෙලා මිනිසුන්ට! (නි)
ප්‍රියන්ත විමලගුණ මහත්තයෝ, සම්බුද්ධ ශාසනයට ඇතැම් චීවරධාරීන්ගෙන් සිදුවන විනාශය ඔබට පෙනෙන්න්නේ නැද්ද? (නි)
බුදුන්ගේ කාලේ දඹදිව තිබුනේ රාජ්‍ය පාලනයක්. ඒ කලේ හිටියේ භික්ෂුණීන් වහන්සේලා. ඒ කාලේ මේ වගේ දේවල් තිබුනාද? (නි)
නිදහස 1947 ඉඳල ලැබුන ද ඉඳල අපු රජයන් හැම එකක්ම ටික ටික හරි කළේ බුද්ධශාසනයේ විනාශයට වැඩ කරන එකයි.සිරිමා මුස්ලිම් කෙනෙකුට අධ්‍යාපන ඇමති කම දුන්නා .අනිත්ආපු හැම කෙනාම කළේ ඒවම තමා. (බ)
අර තවත් කට්ටියකුත් ට්‍රම්ප්ට විරුද්ධවත් උද්ඝෝෂණයක් කළේ... (නි)
ගම්මන්පිල මහත්තයලත් ඕකම ඉල්ලනවා. කෝ රජය ගානක් නැතුවනේ ඉන්නේ. අපරාදේ මේ බොරු වැඩවලට යොදවන කාලේ ප්‍රයෝජනයට අරන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න කටයුතු නොකරන්නේ ඇයි? (නි)
හාමුදුරුවරු ජනතාවට මඟපෙන්වීම ප්‍රමාණවත්, මට හිතෙන විදියට (නි)
දේශපාලන ගැත්තන්, මහා ලොකු බෞද්ධයන්ය කියාගන්න අය මෙන්ම බෞද්ධ චීවරයේ ගෞරවය රකින්නය කියමින් එම චීවරයට, බොදු අයිතියට නොසළකන අයට ඡන්දය දෙන අය කුමක් පැවසුවත් මෙම සිල් මෑණියන් මෙම සාමකාමී අහිංසක උපවාසයෙන් දක්වන්නේ අද සිංහල බෞද්ධ අයිතිය ගැන කිසිම ලෙසකින් සැළකිල්ලක් නොදක්වන රජයකට විරෝධය දැක්වීමකි. අඩුම වශයෙන් අද සිදුවන සිංහල බෞද්ධ අයිතිය වැනසීම නැවතීමට මේ රජයේ ඇස් මේ උපවාසය නිසාවත් අරුනොත් එය සැනසීමට කරුණකි. අද මෙතැන සිටිය යුත්තේ මේ දසසිල් මාතාව නොව මේ රටේ මහා නාහිමිවරුන්ය. (නි)
ඒ පාර හාමුදුරුවරු මදිවට සිල් මෑණිවරුත් පටන්ගත්තද? (නි)
කසාවත ඇඳගැනීම යනු ලෞකික ජීවිතය අත්හැරීමකි. දේශපාලනය යනු ලෞකික ජීවිතය වැළඳ ගැනීමකි. (නි)
මෙවන් මාතාවන් තමයි අපිට අවශ්‍ය (නි)
අනේ වාසනාවන් මෑණියනි! (නි)
සිල් මාතාවක් වීමේ මුලික අරමුණ හෝ සිල් මාතාවකගේ මුලික අරමුණ වියයුත්තේ කුමක්ද? (නි)
මේ ඔය අදහස් දාන අයටයි මේ කියන්නේ, මේ සිල්මෑණියෝ උපවාස කරන්නේ ආණ්ඩුව පෙරළන්න නොවෙයි. සිංහල ජාතියට කරන දේවල් උහුලගන්න බැරුවයි (නි)
මේ අයුරින් හෝ රජයට ඇස් ඇරවීමට හැකිනම් ලොකු දෙයක් (නි)
රට ජාතිය වෙනුවෙන් හැමදාම මුලින්ම පෙරට ආවේ චීවරයයි..... (නි)
අද මේ සිල් මාතාව කරන දේ කවදාහරි සමස්ත රටවැසියාටම කරන්න වේවි (නි)
මේ බනින අයට තමන්ගේ පවුලේ අයට විනකළත් කමක් නැහැ. රටට ආදරය කරපල්ලා මිනිසුනේ! (නි)
මේ විදිහට රටට යන්න දෙන්න එපා කියලයි කියන්නේ. සිල්මාතාව මෙහෙම කියන්නේ ඈයි කියලා කවුරුත් හිතුවොත් හොඳයි. (නි)
දළදා මාළිගාව ඉදිරියේ රේස් පදිනකොට වැඩහිටියේ කොහේද? (නි)
බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් ශාක්‍ය වංශය බේරගන්න කියල භික්ෂුණින් වහන්සේලා උපවාස කළාද? මේවා අනුමත කරන්න බැරි වැඩ (නි)
බෞද්ධයෙක් හැටියට මම නම් කියන්නේ මේ කරන්නේ නුසුදුසු වැඩක් (නි)
ඇයට මේ වෙලාවේ අපේ සහයත් අවශ්‍යයි (නි)
වරද කොතනද පසුව බලන්න සිල්මාතාවට සෙවනක් ලබාදී. සිල්මාතාව එකවර විවේචනය නොකර සිල්මාතාවගේ ඉල්ලීමට සුපුරුදු දේශපාලන ඇඟිල්ල දිගු නොකර සවන්දෙන්න. බෞද්ධ අපි කළයුතු වන්නේ එයයි (නි)
ගරුතර සිල් මෑණියනි, ඔබ වහන්සේ වගේම අපත් හිතනදේම තමා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එදා කිවුවේ. කළු සුද්දන්ට ඒවා එදා තේරුනා නම් අද සිංහල බෞද්ධයා මේ වගේ අසරණ වෙන්නේ නැහැ තමන්ගේ රටේදීම. ඔබවහන්සේට මම දණ නමා වඳිමි! (නි)
ආණ්ඩු වෙනස් කරන ක්‍රමයක් තියෙනවා නේද? අද හවසට හොඳට බලාගන්ට පුළුවන් වේවි හොඳ බුද්ධිමත් කියන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ අයව වටකරගෙන මේ ගැන ඒගොල්ලන්ගේ අදහස් විමසන හොඳම විහිළුතහළු වැඩසටහනක්. (නි)
සිල් මෑණියන්ට ජයවේවා! රට නම් දැන් ඉවරයි. (නි)
රටට ජාතියට වින කරන දේශපාලකයන්ට කඩේ යන උදවිය තමයි මේ සිල් මාතාවට ගරහන්නේ. එතුමිය කරන්නේ සාමකාමී ඉල්ලීමක්. කිසිවෙකුටත් කරදරයක් නොවී මෙය කිරීමෙන් ශාශනයට වෙන හානිය මොකක්ද කියලා කඩේ යන උදවිය පැහැදිලි කළා නම් නේද හොඳ? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අපහාස කරපු රාජපක්ෂලා රට කරනකොට මේ මෑණියෝ කොහෙද දන්නේ නැහැ හිටියේ. (නි)
අනේ මන්දා මෑණියනි මොනවා කියන්නද කියලා (නි)
කවුරුහරි කොතනින්හරි පටන්ගන්න ඕනෑ. මෙවැනි අරගල වලට දොස් කියන්න එක වැරදියි. මේ අරගලය අපිට කලින් තිබුන ජාතියේ ආණ්ඩුවක් ලබාගන්න නම් මේක මෙතනින්ම නවත්වාදමන එක නුවණට හුරුයි. නමුත් මෙම ක්‍රියාවෙන් ජනතාවගේ ඇස් ඇරවන්න බලාපොරොත්තු වෙනවානම් මගේ සුබ පැතුම්. (නි)
බල ජනප්‍රියත්වය වෙනුවෙන් බුදු දහම බිලි දෙනවා , නැත්නම් මෙයාට මානසික රෝගයක් (බ)
මෙයාට දේශපාලනය ගැන අවබෝධයක් තියේනම් මේ බහුබූත වැඩ කරයිද .(බ)
සුවීප් වල ගාන අඩුකළා වගේ ජනපති ඉල්ලා අස්වෙයි.අපි බලාගෙන ඉමු (බ)
මිනිහෙක් හොයාගන්න බැරිව කහකඩ පොරෝගෙන කන්නත් නැතිව ඉද ගෙන මේ නිවන්යන්න මග හොයන හැටිද ?අබුද්දස්ස්ස කාලේ ... (බ)
ආණ්ඩුව හා රජය කියන්නේ දෙකක් කියලාවත් නොදන්නා මේ සිල් මාතාවගේ අවබෝධය ගැන කවර කතාද? (බ)
අනේ සාසනේ , මේ මොකද වෙන්නේ ? අපි ඔබට වදින්නේ ආණ්ඩු පෙරලන්න කියල නොවේ. (බ)
පොදු ජනතාව රජය පත්කර ගත්තේ, කාගේ හරි වුවමනාවට ඉල්ලා අස්වෙන්නද..? (බ)
කාගේ හෝ බලපැමක ප්‍රතිපලයක් වෙන්න ඇති. ගිහි සමාජයේ කටයුතු දේශපාලන කටයුතු පුජ්‍ය පක්ෂයට කැපයි ද මන්දා . බුදු පියාණන් වහන්සේ මෙහෙණි ශාසනය ඇරඹීමට අදීමදි කළේ සාධාරණ හේතු ඇතිව බව මෙතුමිය ඔප්පු කරනවා වගේ. (බ)
මෙයාද දන්නේ නෑ අර ගමන්පිල කියපු ලෝකේ හොල්ලන චරිතේ? බලාගෙන පොදු අපේක්ෂිකාව වෙලා එයිද කවුද දන්නේ. (බ)
ළඟදී මුල්ලෙරියාවෙන් නිදහස් කරපු කෙනෙක්ද දන්නේ නෑ, රටම හිනස්සන වැඩ. (බ)
ඔව් ඔව් දැන් ආණ්ඩුව ඉල්ලා අස්වේවි බලන් ඉන්න (බ)
බුදු සිවුරට ගිය කලක් . අනේ මෙහෙම අය තමයි අද ශාසනයේ හුගක් වෙලාවට වැඩ වසන්නේ (බ)
දස සිල් වඩන්නේ මෙහෙමද. ? අපේ සම්බුද්ධ සාසනේ ට ගියකල.!. මේක අපේ පින්කෙතක්ද සමහර වෙලාවට හිතෙනවා. (බ)
බුදු දහමට ගැළපෙන දෙයක් නොවෙයි නේද ඔය ක්‍රියාව. (නි)
නිමල් ලලිතගේ අදහස කියවන්න. එහි සියලු දේ ගැබ්ව ඇත. තව දුරටත් කට වහගෙන හිටියොත් සිංහල බෞද්ධයින්ට මුහුදට පනින්න තමා වෙන්නේ. (නි)
බුද්ධාගම නැතිවෙන්නේ මේ වැඩ වලින් නම් දැන් රජය ගෙනයන වැඩපිළිවෙළ හරිද එතකොට? (නි)
මෙතන අදහස් දාආ තියෙන වැඩි දෙනා නම් රටට ජාතියට විතරක් නෙමෙයි තමන් හදාවඩා ගත් දෙමව්පියන්ටවත් ගරු නොකරන පිරිසක් බව හොඳට පැහැදිලිය. පුෂ්ප, ඔබ හරි. කව්රුහරි කොහෙන්හරි මිනිසුන්ගේ මනස අවදි කරදෙන්න ඕනෑ. මෑණියනි, ඔබට අපේ උත්තමාචාරය! (නි)
බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන් දළදා මාළිගාව අසළින් වහාම ඉවත්වන ලෙස ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලමි (නි)
සිල් මාතාවට මගේ හදපිරි ප්‍රණාමය! (නි)
දැන් ජයන්ත කියන්න රාජපක්ෂලාට මෙරට දෙන්න කියලද අාපහු. එතකොට මේ බුද්ධ ශාසනයට අපහාස කරපු ඔවුන්ට රට කරන්න දුන්නම කළගුණ සැළකෙනවද. එතකොට අපේ බුදුදහමට මොකද වෙන්නේ..? කවුද බුදුදමට නිග්‍රහ කරන අයට විරුද්ධව නැඟීසිටින්නේ? වෛරය ඔලුවේ තියාගෙන ඉන්න කිසිම කෙනෙකුට නියම නායකයෙක් වෙන්න බැහැ. (නි)
මේ වෙන දේවල් වල හිතනවට වඩා ගැඹුරක් තියනවා. (නි)
බුද්ධාගම විහිලුවකට ලක්නොකර කරන ඕනෑම දෙයක් කරන්න (නි)
සිල් මෑණියන් උපවාස කරන්නේ බුදු දහමට රජය කරන වැරදි වැඩ බලාගෙන ඉන්න බැරිකම නිසා වෙන්න ඇති (නි)
ආණ්ඩුවට පක්ෂ අය මෙම ක්‍රියාවට විරුද්ධවත් මහින්ද වාදීන් මෙම ක්‍රියාවට පක්ෂවත් අදහස් දැක්වීම සාමාන්‍ය දෙයක්. මට තියෙන ප්රශ්නය තමයි මේ ආණ්ඩුව එපා කියන අයගේ විකල්පය මොකක්ද කියල.අපි පැතු යහපාලනය 100 ට 100 නොලැබෙන එක මත පිළිගන්නවා.අපිට ඕනේ දේශපාලන විකල්පයක්. (බ)
අනේ බුදු පියාණෙනි, නැවත වඩින්න! (නි)
සිල් මාතාවට කරන්න පුලුවන් දේ තමයි ඇය කරන්නේ. අපි ඇයට සහය වියයුතුයි නේද? (නි)
මේ සිල් මාතාවගේ සත්‍යග්‍රහයේ බලයෙන් අමන දේශපාලුවෝ භංගවේවා! (නි)
ඇයගේ නිහඬ සටනට අපේ ආචාරය! (නි)