‘අද සංවර්ධනයක් නම් පේන්නේ නෑ. විදුලියත් කපලා. බඩු මිල ඉහළ දාලා. අලුත් ආණ්ඩුව දිගට හරහට පොරොන්දු කඩ කරනවා. රට වේගයෙන් සංවර්ධනය කරන්නයි ආවේ. හැබැයි වේගයෙන් පළිගන්නවා. ඒක නම් හොඳට කරනවා.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හපුතලේ රැස්වීමකදී පැවසීය.
‘මිනිසුන් අමාරුවේ වැටිලා. කන්නත් නෑ. විදුලියත් නෑ. මේ ගොල්ලන් තව ටික කලක් හිටියොත් රටට මොනවා වේවිද දන්නේ නෑ. ‘ යනුවෙන්ද හිටපු ජනපති විමසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් මෙරකම් කල අය අල්ලන එක පලිගේනීමක් වෙන්නේ කොහොමද? (ර)
වසර ගණනාවක් තිස්සේ බලයේ සිටිද්දී කළ මගෝඩිකම්, වංචා, අපරාධ ආදිය ටික ටික එළියට ඇදෙනකොට, සිපිරි ගෙවල් හීනෙන් දකිනවිට, අපාය හිතේ ඇදෙනවිට තුන්කොනින් දාඩිය වැටෙන එක ස්වාභාවිකයි. එ්ත් වැරදි හොයනකොට, ඒවා එළිදකිනවිට රජය එක පවුලකින් පළිගන්නවා කියා බෙරිහන් දීම හිටපු ජනපතිවරයෙකුගේ තත්වයට ඔබින දෙයක් නම් නොවෙයි. වැරදි කරන අය දඬුවමට යටත් නොවිය යුතුද? (නි)
අපොයි ඔවු. අපි ඔය ඔක්කොම දේවල් වල ඇත්ත දන්නවා (නි)
ඔව්නේ. එ්කත් හරියට කරන්නේ නැහැනේ මෙයාලා. (නි)
ආණ්ඩුව රට කනවා බලා ඉන්නකොට අපිට නම් දුක දැනෙනවා (නි)
එදා පලිගැනීම් තිබුනේ නැද්ද ? සරත් ෆොන්සේකාට , ලසන්ත වික්‍රමතුංහ , සහ බොහෝ අයට මොකද වුනේ ? මට වැටහෙන්නේ නැහැ , එ්කයි අහන්නේ (බ)
පොඩ්ඩක් බණ භාවනා කරගෙන හිටියොත් හොඳයි නේද? පරාජිතයෝ පස්සේ ගියොත් වළකට වැටෙන්න පුළුවන්. (නි)
ඒකවත් හරියට කෙරුනා නම් අද වැඩිදෙනෙක් හිරේ (නි)
එ්කත් හරියට කරන්නේ නැහැ වගේ (නි)
ජනතාව අලුත් රජයක් පත්කළේ දුෂණය සහ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා එම කාර්යන්හි නිරතවුවන් නීතිය ඉදිරියට පැමිණවිමටයි. එම කාර්යය කිරීම පළිගැනීමක් වන්නේ කෙසේද? ටිකක් නිදහසේ ඉන්න. එයාලත් ටික කාලයක් දෙන්න කකුලෙන් අදින්නේ නැතුව. සමහවිට එයාලට ඔයා කළදෙයට වඩා යමක් කරන්න හැකිවෙයි. (නි)
ඇත්ත නේන්නම්, මේ හොරු ටික ඉක්මනට අල්ලලා නඩු දැම්මා නම් අපිට පේනවා රජය වැඩ කරනවා කියලා. ඉස්සර වගේ අතුරුදහන් කරවන්නෙත් නැති නිසා එහෙම දේවල් කරවපු කට්ටියට පේනවා ඇති රජය මොකුත් නොකරන බව (නි)
අපේ රටේ දේශපාලුවන්ගේ ශබ්දකෝෂය තේරුම් ගන්න. අපේ රට=අපේ පවුල, අපේ මව්බිම=අපේ පවුලේ වත්කම, හොරකම =අවංකව වැඩ කිරීම, නීතිය ඉදිරියට ගෙනයාම=පළිගැනීම, ප්‍රජාත්නත්‍රවාදය=ඒකාධිපතිවාදය, බොරුව =ඇත්ත... තවක් ඔබ දන්නා දේ තිබේ නම් දැනගැනීම පිණිස අපිටත් කියන්න. (නි)
පළිගන්න ඉගැන්නුවේ කවුද එතකොට? (නි)
දේශපාලකයා සාමාන්‍ය ජනයාව අන්දන හැටි ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවෙද්දී බොහොම හොඳට පැහැදිලි වෙනවා මේ කියන දේවල් තුළින් (නි)
පැරදුනාම ධර්මිෂ්ටව හැසිරෙන්න ඕනෑ. කොළඹට ගිහින් අවකැපෙන දේවල් දොඩවන්නට හොඳ නැහැ. එතකොට අැතුගලත් පුපුරනවා (නි)
මහින්ද මේ කතාකරන්නේ. කොහෙන්ද .ඔබ රට කරනකොට මේ ට්‍රාන්ස්ෆෝමර් අලුත් වැඩියා කෙරුවද ,අවුරුද්දට සැරයක් වත්. දැන් තමයි. හොරු අල්ලන්නේ ,නුඹ තමයි පළිගත්තේ. (බ)
ඒ කතාව සම්පූර්ණ ඇත්. මේ ආණ්ඩුවෙන් නීතිය ක්‍රියාත්මක රාජපක්ෂට පමණයි. (බ)
මෙතන තියන ලෝක බොරුව තමයි හොරු ඇල්ලීම. අපිට හොරු පෙන්නන්නේ ලෝක බොරු කාරයෝ ටිකක්. මෙයාල විරුද්ධවාදින්ට හොරු කියල මඩ ගහනවා (බ)
සරත් ෆොන්සේකා අද ඔතන ඉන්නේ මහින්ද මහත්තයා නිසා. පළිගත්තා නම් අද කොහෙද දන්නෙ නැහැ (නි)
හොරු අල්ලන්න මෙපමණ අමාරුද? දැන් අවුරුදු එකහාමාරක් ගෙවිලා නේද? හේතුව මොකක්ද? (නි)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකාපු කම්බා හොරු ඇල්ලීම තමයි පළවෙනි කාරණාව වෙන්න ඕනෑ. ඒ අතින් මේ රජය පන මදි. (නි)
ජනතාව අලුත් රජයක් පත්කරේ දුෂණය සහ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා එම කාර්යයන්හි නිරත වුවන් නිතිය ඉදිරියට පමුනුවිමටයි. එම කාර්යය කිරීම පලිගැනීමක් වන්නේ කෙසේද? (ර)
තවත් බලය ඉදිරියේ නොනැමී දැන් විවේකයෙන් ඉන්න (නි)
ඡන්දයෙන් පැරදිලා මැදමුලන වලව්වේ ඉඳලා පරණ පුටුවක ඉඳගෙන පුවත්පතක් බල බලා හිටපු මනුස්සයා දැන් කොහොමද? මම නම් ඔය ටික දන්නවා. මොකද රාජපක්ෂලා කියන්නේ කවුද කියලා මම දන්නා නිසයි. (නි)
ලක්ෂ 62 ක බලයක් දුන්නේ අසරණ මිනිසුන්ගෙන් ගසාකාපු කප්පරක් ධනස්කන්දය නැවත ජනතා සතුකරලා ජනතාවට සහන දෙන්න මිසක්, කම්බා හොරුන්ට සමාව දීලා නැවත බලයට එන්න අවකාශය හදන්න නෙමෙයි. (නි)
දැන්නම් හොඳටම පිස්සු හැදිලා තියෙන්නේ. තව අවුරුදු 2ක් සැපෙන් ඉන්න තිබෙද්දී සැප නැතිවුණාම ඔහොම වෙනවා තමයි (නි)
අපේ සිරිසේන මහත්තයත් සිරි සඟ බෝ රජ්ජුරුවෝ වගේ එයාම තමාට තිබ්බ බලතල මාස හතරකින් කප්පාදු කරනවා කියල එක එහෙම කළා. ඇත්තටම් එහෙම කරන්නේ අවුරුදු දෙකින් කියල කීවත් ඒ වෙලාවේ යහපාලනය කැමති අය මොනවත් කියන එකක් නැහැ. දැන් වෙලා තියෙන්නේ "වලිගය නැති ගොනා වැනී" කීව වගේ හොරු කචල් දාද්දි වැනි වැනී ඉන්න. එදා දුර දිග හිතුවේ නැද්ද? (බ)
සමන්ත, ඔය විදිහට පෙනෙන්නේ කාටද කියලා දන්නෝ දනිති! (නි)
වංචා දුෂණ සෙවීම ගැන මේ රජයේ මන්දගාමි බව ගැන අපි නම් ඉන්නේ කණගාටුවෙන් . (ර)
කුවේනිගේ ඉදලම වහල් චින්තනය තිබෙන මිනිස්සු 90%ක් ඉන්න මේ රට ගොඩගන්න බැහැ. නිම්මි වගේ අය ඒ කාලේත් මෙහෙම කියන්න ඇති. මේක ජාතියේ ජාන වල වැරැද්දක්.මෙහෙ අය හිතනවා ආරච්චිල වැඩක් කරල දුන්නහම ඒක උදව්වක් කියල, ඉතින් කෘතගුණ සලකනවා.පැණි මුලක් හරි දඩමස් හරි ගිහින් දීල පහට විතර නැමිලා දෙය්යෝ බුදු වෙන්ඩ! කියල ප්‍රර්ථනා කොරනවා. සමහර විට හාමිනේව බලන්නත් එන්න දෙනවා. (බ)
ඇයි ලයිට් කපන එකත් හරියට කරනවා. (ර)
අනිත් අයට හොරු කියන්නේ කම්ඹා හොරු. කොච්චරක් කියල හරියට කවුරුත් කියන්නේ නැහැ. එකෙන් තේරෙනවාමේ ආණ්ඩුව කරන්නේ බොරුවක් කියල. බලය ගන්න විතරයි. (බ)
ඇයි මෙයා මේ පදනම් විරහිතව කියවන්නේ. ලයිට් කපන්නේ ආසාවට නෙමෙයි. (ර)
මහින්ද මහත්තය යුද්දේ ගැනවත් රටේ සංවර්ධනය ගැනවත් හිතන්නේ නැතුව ඕක හරියට කළානම් හරි (බ)
විරුද්ධවාදිට විතරක් නිසා පලි ගැනීම් කියන්නේ. (ර)
හොරු අල්ලන එක පලිගැනීමක්ද ? (ර)
ටිකක් නිදහසේ ඉන්න. එයාලත් ටික කාලයක් දෙන්න කකුලෙන් අදින්නේ නැතිව. සමහවිට එයාලට ඔයා කළදෙයට වඩා යමක් කරන්න හැකිවෙයි. (ර)
අපෙ හාමුදුරුවනේ! පළිගත්තේ නැහැ. ශිරාණි බණ්ඩාරනායකයි, සරත් ෆොන්සේකටයි කරපු දේට කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම කියල.අපේ හාමුදුරුවනේ මේගොල්ලෝ පළිගන්නවෝ.. (බ)
නලින්, තේරෙන්නේ නැත්නම් කතා නොකර ඉන්න. කොළපාට කණ්ණාඩිය ගැළෙව්වොත් සමහරවිට තේරෙයි. (නි)
විරුදධවාදීන්ට විතරක් නීතිය අස්ස කුලප්පුවෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක පළිගැනීමක් තමයි. (ර)
පොල් ගහන එක හරියට කරන්න . නැත්නම් __දෙවියෝ තමාගේ පිළිකුල පෙන්නන්න සාක්කුවේ තියෙන පොකට්ටුව ගිහින් කොහේ හරි දාන්න පුළුවන්. ආරංචි විදිහට එකට ඒ දෙවියොත් දඩුවම් ලබල (බ)
දින 100 වැඩපිළිවෙල බොරු ගොඩක්. අවුරුද්දක් ගෙවිලා ගිහින් මොනවද කරලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම රට ආපස්සට නොවේද යන්නේ? රට විතරක් නොවෙයි අපි වැඩකරන ආයතන වුණත් ඔහේ යැවෙනවා හැර අලුත් පිබිදීමක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව පවා ඉබාගාතේ ගිහිල්ලා. මැච් බලන්නවත් හිතෙන්නේ නැහැ. මේ විදියට හිතෙන අය තව ඉන්නවද? ඒ මම විතරද? (නි)
එ්කවත් හරියට කරන්නේ නැති නිසා හොරුටික තාමත් එළියේ (නි)
දැන් විකාර කියවන්න එපා. හරියට කළා නම් මෙලහකට හැමෝම ඇතුළේ. (නි)
ඔහොම කතා කරන්න තරමට වත් නිදහසක් තිබීම ගැන සතුටු වීම සුදුසුයි. (ර)
කොහෙද අල්ලපු හොරු ඉන්නේ... (ර)