(අංජුල මහික වීරරත්න)
රටේ දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් හරියට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් දෙන්නැයි ඉල්ලමින් අද (3) දහවල් 12 සිට 12:30 දක්වා සේවයෙන් බැහැර වී සියලු රෝහල් වල නිහඬ උද්ඝෝෂණයක් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති විසිහතරක් මෙම විරෝධතාවයට එක් වන බව කී රත්නප්‍රිය මහතා මීට සමගාමීව දිවයිනේ රෝහල් නවයක හෙට පෙරවරු 7 සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම විරෝධතාවයේදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බව ද රත්නප්‍රිය මහතා කියයි.
කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල, පේරාදෙණිය, අනුරාධපුර ,කරාපිටිය, යාපනය, මඩකලපුව ,කලුබෝවිල සහ රත්නපුර රෝහල්වල පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී සිටීමෙි විරෝධතාවයක් පවත්වන බව කී රත්නප්‍රිය මහතා සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටින්නේ ගෙදර ඉන්න අවස්ථාවක් නොව වැඩ කරන්න අවස්ථාවක් යැයිද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට N 95 මාක්ස් එකක්වත් දෙන්නට ආණ්ඩුව අසමත් වී ඇතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර මාස 5ට යහපාලනෙන් පාර්ලිමෙන්තු ගිහින් කෝටි ගණන්වල සියලුම වරප්‍රසාද ගත්ත කෙනා නේද? රෝහල් 7යි නේද එකතු කරගන්න පුලුවන් වුනේ...?
ඔව් ගොන්නුන්ට මීහරකුනට කතාකරන්න ඕන උන්ට තේරෙන භාෂාවෙන් හැබැයි ඉස්සර අර ගොම සංගමය වගේ අහිංසක රෝගී ජීවිත බිල්ලට නොගෙන කරනදෙයක් කරලා " මම තමයි පොර " කියන මානසිකත්වය නැතිකරලා රටට වැඩක් කරන තැනකට මේ ආණ්ඩුව සහ එකේ නායකයින් දක්කාගෙන යන්න ඕන . නත්නම් මේ විදියට ගියොත් මහත් මිනිස් සංහාරයක් වේවි ( දැනටමත් පැයකට එක්කෙනෙක් මැරෙනවා ( උපුටනය : සන්ඩේ ටයිම්ස් පත්‍රය )
කොහොමත් රජයේ අය වැඩ කරන්නේ දවසින් බාගයයි
දවස් 2-3ක් පර්ලිමේන්තු ගිහින් v8 එකක් ගත්ත කුප්‍රකට ඇන්ජීඕ කාරයකු ප්‍රමුකව කරන ඉල්ලීම් එතරම් ගණනකට ගත යුතු නොවේ.
අනේ බයිලා නොගහ ඉන්න මහත්තයා. ඔයා තමයි නියම පොර. මතක් වෙනකොට ඔක්කාරයට එනවා. චික් විතරක්... මහජන බදු මුදලින් කෝටි ගාණක වාහනයක් අරන් පොරක් වෙන්න හදනවා. ලැජ්ජා නැද්ද හලෝ...?
අතීතය අමතක වෙච්ච ආත්මාර්තකාමියෙක් නේ...!!!
මේවගේ බංකොලොත් දේශපාලන පක්ෂෙක, බංකොලොත් මන්ත්‍රී කට්ටෙක් මහා පුටුවේ ඉඳගෙන, රටම කෝවිඩ් වසංගතයෙන් බැට කන මොහොතක මේ විදියට පාරවල්වල පිස්සු නටලා අර උතුම් "නයිටින්ගේල්" නාමයටත් අපහාස කරන්න එපා..