(ඉන්දිකා රාමනායක)
 
හෙද  පරිපුරක වෛද්‍ය  අතුරු හා වෛද්‍ය සේවාවන්  වල ගැටලූ සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යවරයා  එකග වු විසදුම්   වාහාම කි‍්‍රයාත්මක කරන ලෙසට හා  එසේ නොකළහොත්  දැනට අත්හිටුවා ඇති  දීප ව්‍යාප්ත  වැඩවර්ජනය කි‍්‍රයාත්මත  නිරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ  සභාපති   සමන් රත්පි‍්‍රය  මහතා අද  (25) පැවසීය.
 
සමන් රත්නපි‍්‍රය මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල  හෙද සංගම් කාර්යාලයේ   අද පැවති  මාධ්‍ය හමුවකදීය.
 
 ඉකුත් අහෝස්තු මස 8 දින හෙද  පරිපුරක වෛද්‍ය  හා අතුරු වෛද්‍ය සේවාවන්   වර්ජනය නිරත වීමට සුදානමින්  සිටියදී     වර්ජනයට පෙර දින    සිය ගැටලූ සම්බන්ධයෙන්   සෞඛ්‍ය අමාත්‍යවරයා  සමග සාකච්ඡාවක් පැවැත් වු බවත්  උසස්වීම් විෂමතාව,  මාණ්ඩලික සේවා තත්ත්වයන් අහිමි කිරීම සම්බන්ධයෙන් ගැටළු උපාධිධාරීන්   උපාධිධාරී වෘත්තිය වැටුප් තලයක පිහිටු වීම සම්බන්ධයෙන්  ගැට`ථ විසදීමට අමාත්‍යාවරයා එකග වු බවද  රත්නපි‍්‍රය මහතා පැවසීය.
 
මේ හේතුව නිසා කි‍්‍රයාක්මක කිරීමට  බලාපොරොත්තුව තිබු වැඩ වර්ජනය තාවකාලිකව අත් හිටවු බවද හෙතෙම කියා සිටියේය.

 සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කැබිනට්   ප‍්‍රති‍්‍රකාවක් සකස්කළ ද   අවසාන විසදුමක් ලබා දෙන්න මෙතෙක් කටයුතු කර නොමැති බවද හෙතෙම  කීය.