එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය සේවකයන්ට වසර පහක නිවාඩු ගැනීමට ඉඩ දෙන බව කියනවා. එය සිදු නොවන දෙයක් බවත් ඒ වෙනුවට රාජ්‍ය සේවකයන්ගේ උසස්වීම් මෙන්ම ඔවුන්ගේ රැකියාද අහිමි කිරීමට උත්සාහ කරමින් සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන හමුවකදී පැවසීය.
වේදිකාවට ගොඩවූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කවියක් කීමට පටන් ගත් අතර එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්යාමට පටන්ගත්තේය.
ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ජන හමුව සංවිධානය කළේය.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාද එම රැලියට එක්ව සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ අංශය ශක්තිමත් කළ නායකයා ඔබතුමා. ඔබට ජය. (ම)
වසර දෙකක නිවාඩුවක් රජයේ සේවයකුට දැනටමත් ලබාගැනීමේ හැකියාව තියෙනවා මම හිතන්නේ .(අ)
හර හරි අපි දන්නවා ඇත්ත (නි)
රනිල් ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලැබුවේ ඔහුගේ ප්‍රබුද්ධිමත් ක්‍රියාමාර්ග,දර්ශනය ඇගයීමක් ලෙසය.(විශේෂයෙන් ඉන්දියාව හා පකිස්තානය උණුසුම් වූ අවස්ථාවේදී මැදහත්කරුවෙකු ලෙස 2001-2002 කාල සීමාව තුලදී කරන ලද කාර්යභාරය). මේ අතර හිටපු අගවිනිසුරු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ජාතියෙන් සමාව ඉල්ලීය. මහින්ද ඔහුටම හො. රා. කියාගත්තේ නිකම් නොවන බව හැමට පැහැදිලිය. (බ)
අපිට ඕන යහපත් රටක්. කැරට් අල නෙවෙයි. ඔයා දුන්නු සැප හොදටම ඇති. දැන් මේ නහින දෙහින කාලේ බණක් භාවනක් කරන ගෙදරට වෙලා ඉන්න සියලුම බලයන් යොදවලත් ජනවාරි 8 මිනිස්සු ඔයාව එපා කිව්වා නේ. එ්කවත් තේරෙන්නේ නැද්ද. (බ)
ගලබඩ, බටලන්ද කොමිසම් සභා වාර්තාවටත් අදාළවද යෝජනාව (බ)
මෙතුමා දැන් හැම මීටිමකදීම, පුවත්පත් සාකඡාවකදීම ආසන 117ක් ගන්න බවට බයිලාවක් කියනවා. මෙතුමා හිතන්නේ එතුමාලගේ ගොබෙල්ස් තියරිය අනුව බොරුවක් පුනරුච්චාරණය කළාම එය ඇත්තක් වෙනවා කියලයි. මැතිතුමනි, ආසන 117 සිහිනය 17 දාට බොඳවූ සිහිනයක් වනු ඇත. අපි ඒ හරක් ජනවාරි 8 වෙනිදා පට්ටිය පිටින්ම විකුණා දැම්මා.(බ)
අනවශ්‍ය විදියට රාජ්‍ය සේවයට හෙන්චියෝ ගෙන රජය සේවය කාබාසිනියා කළේ ඔබතුමා තමා ,දැන් මේක කිව්වේ (බ)
නැව ගිලෙනවා, මීයෝ එළියට පනිනවා. (නි)
රාජපක්ෂ මහත්තයෝ රාජ්‍ය සේවකයින්ට පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු ඉතා දීර්ග කාලයක් තිස්සේ හිමියි. මෙම වරප්‍රසාදය 1988- 1991 හා 1997-1999 ලෙස දෙවතාවකදී ලබාගෙන ඇත. මෙය විදේශ රැකියා හා අධ්‍යන ලෙස දෙයා කාරය. රනිල්ද ම/රා සේම අපව රැවටීමට උත්සාහ කරයි.(නදී)
නීතියෙන් තහනම් කර ඇති මිනී මෝරුන් සමහරු ඇති කළේ ඇයිදැයි මේ රටේ සබුද්ධික ජනතාවට මැනවින් වැටහේ. (නි)
1987 අපේ නෑදෑයෙක් රජයේ බැංකුවක වැඩ කරේ වසර 5ක් විදේශ ගත උනා කියා ලංකාවේ නිවාඩු දමා ! ඒ වගේම ජෙහාන් ගේ විස්තර කිරීම වැදගත්. ඔය කියන දේ රජයේ සියලුම ආයතන වල සිද්ද වෙනවා. පසුගිය රජය රුපියල් 23000 දී උපාදි දරින් ඒ ජේ ඔෆිස් වලට ගත්තා නිකන්මයි ඉන්නේ පලදායි සේවාවක් වෙන්නනේ නැහැ ඒ වගේම ඒ තරුණ තරුනිය්න්න්ට ජීවිතයේ උපරිම පල නෙලාගන්න වෙන්නේ නැහැ. මොකද මේක ලොකු රැවටිල්ල්ලක්.(නදී)
රාජ්‍ය සේවකයෝ ගැන ගොඩක් අය හිතන්නේ කාර්යාල වල ඉන්න ලිපිකරු නිලධාරීන්ගේ මට්ටමෙන්. මේ රටේ රාජ්‍ය සේවය ප්‍රශස්ත මට්ටමක පවතිනවා. නැත්නම් මේ රට නැත්තටම නැතිවෙලා. අවම පහසුකම් යටතේ සියලුම දේ නිකම් ලැබෙන්නේ ඒ යාන්ත්‍රණය නිසා (නි)
මහින්ද කියන්නේ ඇත්ත. ඔහු කියනවා ඔහු හොරා කියලා. එතුමාට ඡන්දය දෙමු. (නි)
අපිට ඕනෑ පණ ඇති නායකයෙක් (නි)
ඔය දෙගොඅල්ලන්ගේ කෙරුවාව අපි හොඳට දන්නවා දැන්.ඔය දෙක අතර එක පොඩි වෙනසක් කියන්න බලන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් (නි)
මමත් කැමතියි ඔය රාජ්‍ය සේවය පුද්ගලික කරනවට. කිසිම වැඩක් නැහැ ෆයිල් එකක් එහාට මෙහාට කරන්නත් අපි යන්න ඕනා (නදී)
දැන්නම් අප රැවටෙන්නේ නැහැ (නි)
ඔබතුමාට දැන් තේරෙනවා ඇති මිනිස්සු මොනතරම් අපුල භාවයකින්ද ඉවසාගෙන ඉඳල තියෙන්නේ කියල. ඡන්ද 100ක් වත් නැති පිරිස ඔබතුමාව ආයෙත් වලේම දානවා. අපට කනගාටුව තව අවරුදු දෙකක් අපටත් කන්ඩ දීල ඔබතුමාටත් ඇතිතරම් කන්ඩ තියෙද්දී අපිව මේ නරාවලට අැදලා දැම්මේ ඔබතුමා (නදී)
වසර 5 ක නිවාඩුව දැනටත් ක්‍රියාත්මක වන චක්‍ර ලේඛනයක් තියෙනවා රජයේ සේවකයන්ට (නදී)
ඔයා කියන ඒවා විතරනේ ඇත්ත. ඔයාගේ ඇත්ත අපිට හොදට මතකනේ (නදී)
මෙහෙම නිමාඩු දීලා කොහොමද රට සංවර්ධනය කරන්නේ? (නදී)
කොහොමත් නිවාඩු ගිහිල්ලා වගෙයිනේ ඉන්නේ? (නි)
නිමල්, තරංගනී බලන්න ඉන්න සෙනග. සී එස් එන් එකේ දැන් පෙන්නවා පිළියන්දල රැස්වීම, බලන්න ඉන්න සෙනඟ (නදී)
ඉහත මෝඩ ඉල්ලීම කළ දුල්මි ඔන්න මම නම් නෙමෙයි. (නි)
අවුරුදු පහක් දැන් දෙන්නේ පිටරට රස්සාවකට නේද? නමුත් කියන්නේ නම් මේක ලංකාවේදීත් ඕනෑම දේකට ගන්න දෙනවා කියලා (නි)
දරුවන්ගේ වැඩ කටයුතු වලට, දෙමාපියන් බලාගැනීමට බලපොරොතුවෙන් සිටින කන්තාවන්ට හොඳ අවස්ථාවක් (නි)
එ්ක බොරුවක් වෙන්නේ මොකටද? රනිල් කියන්නේ අවුරුදු 5ක් පඩි නැතිව නිවාඩු දෙනවා කියලා. සමහර රට යන කට්ටියට වගේ. මේකෙන් රජයට බර අඩු වෙන්න පුළුවන්. ගොඩක් රජයේ සේවකයන්ට වැඩ නැති පඩි ගෙවනවානේ. (නදී)
මෙයා අපේ රට කාලා දැන් එනවා සුදනා වෙන්න. මේ වගේ අයට කතා කරන්නවත් දෙන්නේ නැහැ වෙන රටක නම්. (නි)
ඔබතුමා මොනතරම් සද්ද දැම්මත් ජනතාව රැවටෙන්නේ නැහැ.ඔබතුමාට කිහිප සැරයක්ම කතිරය ගැහුවා. වුණදෙයක් නැහැ රටට.රටේ නායකයෙක් වුණොත් රටේ ප්‍රශ්න විසඳන්න ඕනෑ.රට බේරාගන්න අණදුන්න බව ඇත්ත. ඒ මුවාවෙන් රටේ ජාතික ධනය ඔබගේත් ඔබ වටා ඉන්න අයගේ සැපවිහරණයට ගන්න එක සාධාරණද? (නි)
රාජ්‍ය සේවයම තමයි හැමෝම අල්ලගන්න බලන්නේ.... (නි)
රාජ්‍ය සේවකයො කොහොමත් වැඩිපුර ඉන්නේ ගෙදරනේ! (නි)
අනේ කතා ඇති! (නි)
වැඩිපුරම ඉන්න රාජ්‍ය සේවකයෝ පැය 8න් පැය 2ක්වත් වැඩ කරන අය නෙමෙයි. මාත් රාජ්‍ය සේවයේ ඉන්න හින්දා ඕක හොඳට දන්නවා (නි)
ආ! සරත් එන්. සිල්වාත් ඇවිල්ලා තියෙන්නේ? (නි)
රාජ්‍ය සේවකයන්ටම ඔක්කොම දෙන්න, අපේ බදු මුදල් වලින්. තමන්ගේ අයිතිවාසිකම් විතරයි බලන්නේ.රාජකාරිය හරියට කරනවා මදි.පුද්ගලික අංශයට බින්දුව තමයි.කවුරුවත් නැහැ හොයන්න බලන්න.කොහොමටත් මෙයාලා නිවාඩු වගේ තමා ඉන්නේ.රාජ්‍ය සේවක ඡන්දෙන්ම දිනාගන්නකෝ. (නි)
ඔබගේ කාලයේ හිටිය රාජ්‍ය සේවකයෝ වැඩිහරියක් කළේ රස්සාව කරන එක නෙමෙයි, දේශපාලනය කරන එක. නිකන්මයි හිටියේ. වරප්‍රසාද ගත්තා විතරයි, රජාට ප්‍රශස්ති ගී කියලා. ඒ වගේ අයව නම් සදහටම නිවාඩු යවන එකයි කරන්න ඕනෑ. රට හැදෙන්නේ එතකොට. (නි)
අනේ! එකල සිටි සමහර රාජ්‍ය සේවකයො ඔබට දණගහලා වඳිනවා දැකලා තියෙනවා. මේවා නිකන් කියන කතා නෙමෙයි.ඇස් දෙකට දැකපුවා මේ කියන්නේ. (නි)
බල තණ්හාවේ සීමාවක් නැති අය මෙම මැතිවරණයේදි පරාජය කරමු. දේශපාලනයෙන් විශ්‍රාම යවමු. (නි)
රාජ්‍ය සේවකයින්ට වසර 05 ක නිවාඩු දෙනවා කියන්නේ බොරු කියලා මහින්ද මහත්තය මොන පදනමකින්ද කියන්නේ? ඒක එහෙම නම් ත්‍රීරෝද මල්ලිලට ඔබතුමා දෙනවා කියන තීරුබදු සහන, රක්ෂණ වන්දි ඕවත් බොරු වෙන්න ඇති කියලා හිතෙන්නේ නැද්ද? (නි)
ඔබගේ කාලයේ රජයේ බහුතර සේවකයො රස්සාව කළේම නැහැනේ. ඡන්ද වැඩ කළා විතරනේ. (නි)
කාටවත් පඩි වැඩිකළා කියලා ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අයව වැඩ කරන්න පොළඹවන්න ඕනෑ. පුහුණු කරන්නත් ඕනෑ. නිකන් හිටියොත් කිසිම දිමනාවක් නොලැබෙන විදියට ක්‍රම සකස් කරන්න ඕනෑ. එතකොටයි වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් මෙතෙක්කල් වුණා වගේ පඩිය අරගෙන නිකන් ඉන්න එක තමයි කවුරු කවුරුත් කරන්නේ. (නි)
අපි උදේ ගිහිල්ලා යළි සවසට එනවා... ඒ පැය අට සතුටින් ගතවෙනවා. ....අපිත් එතනමයි...රටත් එතනමයි... (නි)
රාජ්‍ය සේවකයායි පුද්ගලික සේවකයායි අතර ඉන්නවා අර්ධ රාජ්‍ය සේවකයෝ. ඒ අයට මොනවත් නැහැ. නමුත් රටට වැඩක් කරන මිනිස්සු එතනත් ඉන්නවා. ඒ අය ගැන කතාවක් නැහැ. මොකද ටික දෙනානේ ඉන්නේ. ඡන්ද ප්‍රමාණය අඩුයිනේ. කරුණාව තියෙන්නේ ලක්ෂ ගානක් ඉන්න රාජ්‍ය සේවකයෝ ගැන තමයි. (නි)
කෝනාර, ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න ඒ අයව වැඩ කරන්න පොළඹවන්න ඕනෑ කියන කතාව මසුරන් වටිනා කතාවක්. එහෙත් දේශපාලකයෝ දෙන්නේ ඉතාම නරක ආදර්ශයක් නේද? බොරුවෙන් වංචාවෙන් නීතිවලට පයින් ගහමින් රජ සැප විඳිනකොට හොඳින් වැඩ කරන්න පෙළඹවීමක් කෙසේවෙතත් ඇතිවෙන්නේ කළකිරීමක් නෙමෙයිද? (නි)
රංගනී ඔයගොල්ලන් කන්තෝරුවේ පැය කියක් හරියට වැඩ කරලාද ඔය තවත් අවස්ථා ලබා ගන්නේ. මගේ බිරිඳ පුද්ගලික අංශයේ වැඩකරන්නේ, කිරි දරුවෙකුත් ගෙදර තියලා උදේ හත වෙනකොට කාර්යාලයේ. ප්‍රසුති නිවාඩුවෙන් පසුව ගත්තු නිවාඩුවට හරියන්නත් එක්ක වැඩ (නදී)
නිවාඩු ගත්තත් නැතත් නිවාඩු වගේනේ ඉතින් ඉන්නේ. ඇති වැඩක් නෑනේ. පුලුවන්නම් පෞද්ගලික සේවකයන්ට නිවාඩුවක් දෙන්න.(ම)
රාජ්‍ය සේවය ගණනින් මෙන්ම ගුණාත්මකවද සංවර්දනය කල යුතුය (නදී)
සේවකයින්ට පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හිමියි.ආයතන සංග්‍රහය (1986) 12 පරිච්ජේදය 16 පැහැදිලිව වසර 5 වැටුප් රහිත නිවාඩු ගත හැක. මමද වරක් නිවාඩු ගෙන ඇත. මෙය ප්‍රේමදාස මහතාගේ වැඩක් බව මගේ මතකයි. මොකද සජිත් නිහඩ? (ම)
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ නිවාඩු නෙවෙයි හොරුන්ව සහ මිනී මරුවන්ව පෝරකේට යවනවා බලන්න. (නදී)
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ නිවාඩු නෙවෙයි හොරුන්ව සහ මිනී මරුවන්ව පෝරකේට යවනවා බලන්න. (බ)
වසර පහ නෙවෙයි කොහොමත් රජයේ සේවකයෝ හැමදාම නිවාඩු ගිහින් වගේ තමයි. උදේ වැඩට එන්නේ 10 ට. ඇවිත් ඈනුම් ඇරලා දවල් පැයේ පුද්ගලික වැඩ වලට එලියට යනවා. ඒ ගිහින් එනකොට උදේ රාජකාරි වැඩකරගන්න ආපු මහජනතාව තවමත් බලාගෙන ඉන්නවා. සමහරු හවස 3 වෙද්දී මාරු වෙන්නේ දිග ඇරපු ෆයිල් ටික එහෙමම තියලා සුමානයක් නිවාඩුදාලා. ඔක්කොමත් හරි මහජනයාට කතා කරන විදිය. අනේ අපි නම් හරි සතුටුයි ඔය උන්දලාව අවුරුදු 5 ක් නිවාඩු යවලා ඒ අදාළ වැඩ ටික පුද්ගලික අංශයට භාර දෙනවා නම්. (බ)
රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ නිවාඩු නෙවෙයි හොරුන්ව සහ මිනී මරුවන්ව පෝරකේට යවනවා බලන්න. (බ)