රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000 ක් දක්වා වැඩිකර සියලු දීමනා සමග රුපියල් 35,000ක වැටුපක් ලබාදීමට අගෝස්තු 17 වැනිදායින් පසු පත්වන සන්ධාන රජය යටතේ කටයුතු කරන බව වෘත්තීය ඒකාබද්ධ සමිති බල මණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ එය පැහැදිලිව දක්වා ඇති බවත් ඔහු පැවසීය.
සන්ධාන මැතිවරණ ප්‍රකාශනය ලබන සතියේ එළි දැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ ඔය ටික කරගන්න බැරිවුණ ඔබතුමාලට විපක්ෂය වෙලා ඕවා කරන්නේ කොහොමද? (නි)
අනේ මන්දා! මේ රටේ වැඩකරන මිනිසුන්ගේ යැපීම් පිළිබඳ කාරණාව, කවදා දේශපාලකයාගේ පොරොන්දුවලින් මිදී නියමිත ක්‍රමයකට සැකසෙයිද?(ම)
අනේ මහත්තයෝ බලය තියෙන කොට නේද මේවා කරන්න තිබ්බේ. දැන් කලබල වෙන්න ඕනි නැ (ම)
එහෙම දෙනවා කිව්වනම් ඔබතුමන්ලා දීල බලන්නකෝ.. අවුරුදු 10ක් හිටිය කෙනනේ නේද?වෙන රටකින් ඇවිත් ඡන්දෙ ඉල්ලන්න නැනේ.. දිනුවට පස්ස බලාගන්න පුලුවන්න ඔබතුමාට දෙන තරම නේද?දැන් ඉතින් අරලිය ගහ මන්දිරයේ සාකච්ඡා කරන්නත් ඔබතුමාට යන්න බැරිවෙන්න ඇතිනේ නේද? (බ)
එතකොට සන්ධාන මැතිවරණ ප්‍රකාශය කරන්නේ ජනාධපතිද? හිටපු ජනාධිපතිද ? සෝමවීර චන්ද්‍රසිරි මහතා හොඳ සිහියන්ද කතා කරන්නේ? ලැජ්ජයි (බ)
මහින්ද මේවා කරන්න කලින්. අපේ මුදල් තැන්පත් ඒවා සේරම අරගන්න ඕන නයට අරන් පාරවල් හැදුවලු. අන්තිමට හැදුනේ. ඒ ප්‍රබු කට්ටිය. තවත් කයිවාරු කියනවා අතේ සතේ නැහැ. මහ බැංකුව හිස්, හොරකම් කරපුව ආයේ බාර දෙන්නද යන්නේ ? (නදී)
ඉතිං ඕක කළින්ම කළානම් අායෙ අායෙ කියන්නෙ මොකටද (බ)
අපිට මතකයි2010 දී පොරොන්දු වූ 2500 දුන්නු හැටි. (බ)
එදා යටිතල පහසුකම් වලට ආයෝජනය-අද බඩට ආයෝජනය (බ)
අනේ අම්මප සන්ධානය මේ තරමටම බංකොලොත් වෙලාදෝ (බ)
දෙගොල්ල තරඟෙට වැඩි කරන්නේ ගෙදරින් ගෙනත්ද දන්නේ නැහැ (බ)
එක්සත් ජාතික පක්ෂය විසින් රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10000 න් වැඩි කරනවා කිව්වාම සිනහ වු කට්ටිය නේද මෙහෙම කියන්නේ. බලයේ ඉන්නකොට නොකළ දේවල් ඉස්සරහට කරාවිද කියල අපට නම් සැකයි (අ)
2500 මතකද? (බ)
ඔන්න රඟදෙන බයිලා එන්නේ දැන් තමයි. කැරකිලා.(ම)
ජන්දයට ඉස්සර පොරොන්දුව පසුව කඩවුණ පොරොන්දු වනවා කිපවරක් අප දුටුවා තවත් රැවටිලි නොහැක ජවිපේ තමයි දැන් විශ්වාස කරන්ඩ පුලුවන් (ම)
එතකොට රජයේ සේවකයෝ විතරද කන්නේ බොන්නේ අඳින්නේ. (ම)
මොකද දන්නේ නැහැ? රජයේ සේවකයින් මතක් වුණේ පරදීවි කියල භයද?(ම)
ඇයි පුද්ගලික අංශයේ අපි වටින්නේ නැද්ද අපිට මොකුත් නැ. අපි රටේ මිනිස්සු නෙමෙයිද ? (ම)
මන්ත්‍රී කෙනෙක් වෙලා ඔච්චර දේවල් කරන්න පුලුවන්ද කියල පුදුමයි (බ)
මෙන්න රජයේ සේවක වෙන්දේසිය පටන් ගත්ත .ඇවරයි දැවරයි තුන් ඇවරයි (බ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලෝකයට කියන්න වෙන්නේ මෙහෙම තමයි.(ම)
ඔය කියන දේවල් කරයිද? (ස)