විවිධ රාජය ආයතනවලට  අයත්  මෝටර් රථ 300 ක්  මැතිවරණ ප්‍රචාරක වැඩට  යොදා ගනිතියි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා  සංවිධානයේ පොදු දේපළ රැක ගැනිමේ වැඩසටහන පවසයි.

ආණ්ඩු පක්ෂයේ හා  විපක්ෂයේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් , පළාත් සභා මැති ඇමතිවරුන්ගේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සංස්ථා සභාපතිවරුන්ගේ සහ නිලධාරින්ගේ මේ වාහන භාවිතා කරන පිරිස් අතර  වෙතියි ද කියති.

මෙම වාහන සියල්ල රජය විසුරුවා  හැරිමත්  සමග යළි භාර දිය යුතුව තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ මේ වාහන භාවිතා  කරන බවත් විජේතුංග මහතා  රජයේ  වාහන සංවිතයට  එම වාහන ගෙන්වා  ගැනීමට  මැතිවරණ පනත ප්‍රකාරව නියෝග පණවන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා  ඉල්ලා සිටි බව කීවේය.