දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් බාහිර රෝගී ප්‍රතිකාර අශයට පැමිණෙන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට නොහැකි වී ඇති බව ද කී සෞඛ්‍ය අමාත්‍යවරයා රසායනාගාර සේවා ක්‍රියාත්මක සියලුම රෝහල්වලට ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළුවන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීම තහනම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා හොඳ නැද්ද පාලන මිලක් දාන එක. එළියෙන් ගන්න කියන්නේ රෝහලේ තිබෙන සම්පත් ප්‍රමාණවත් නැති නිසානේ. අදාළ සම්පත් ලබා දීලා මේවා කරන්න. එතෙක් මිල ගණන් අඩු කරන්න. (නි)
මිතුරනේ, කලබල වෙන්න එපා. මේක හොඳ ක්‍රමවේදයක්. අද හදවත් රෝගීන්ගේ, වකුගඩු රෝගීන්ගේ, පිළිකා රෝගීන්ගේ පෝළිම හරි දිගයි. තමාගේ ප්‍රතිකාර දිනය එන්නට මාස ගණනක් තියෙන නිසා ඊටකලින් රෝගීන් මැරෙනවා. හරි ලාබයි. අද පුළුවන් රෝගියාටවත් පිටින් ලේ පරීක්ෂාව කරගන්නට නොදී ඒ පෝළිමත් දික්කළාම? (නි)
මහත්තයෝ, ඉස්සෙල්ලා යන්ත්‍ර ටික දීලා තහනම් කර නම් නේද හොඳ?(හේ)
මෙහිදී මුලින්ම සළකා බලන්න ඕනෑ රජයේ රෝහල් වල දිනකට ලේ හා වෙනත් පරීක්ෂණ කීයක් නියම කරනවද, ඒවායෙන් කොපමණ ප්‍රමාණයක් විශ්වාසවන්තව, කලට වෙලාවට කිරීමට හැකියාව තිබෙනවාද යන්නයි. ඒ අනුව මුලින්ම රජයේ ධාරිතාව වර්ධනය කර පසුව ක්‍රමානුකූලව බැහැරට යන ප්‍රමාණය අවම කළහැකියි. (නි)
ප්‍රායෝගික නැති ක්‍රමවේදයක්! පළමුව බැහැරට වෛද්‍ය පරීක්ෂණ යොමු කිරීමට අදාළ හේතු සොයා බලා, දැනට රජය සතු හැකියාව මැන බලා, පරීක්ෂණ වාර්තා වල නිරවද්‍යබව / විශ්වසවන්තභාවය අගයා හා රෝගීන්ගේ තෘප්තිමත් බව සොයා බලන්න. පසුව එකී හේතු වලට අදාළ ක්‍රියාමාර්ග ගන්න. අනතුරුව සෑහීමකට පත්විය හැකිනම් පමණක් ක්‍රමානුකූලව මෙවැනි නියෝග නිකුත් කරන්න. (නි)
මේ අලුත් තහනමෙන් රෝගීන්ට වෙන සේවය කුමක්ද? (බ)
හොඳ වැඩක්. සමහර රුධිර පරීක්ෂණ වාර්තා රෝහලෙන් ලබා ගැනීමට දින ගණනාවක් ගතවෙනවා. මේ නිසා රෝගී ප්‍රතිකාර අනවශ්‍ය අන්දමට කල් යනවා. මේ සඳහාද ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි. (බ)
කිව්වොත් ඔහොම කතාවක් ඔක්කොටම ඉස්සරවෙලා මැෂින් දීල ටිකක් කාලයක් එ්කේ අඩුපාඩු නැති වුනහම තහනම් කරන්න (බ)
මේ බොරු බයිලනේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට දවසට 1000 කට වැඩි ප්‍රමාණයක් යොමු වෙනවා..මේ හැමෝටම රුධිර පරික්ෂා කරගන්න අවශ්‍ය පහසුකම් ජාතික රෝහලේ ප්‍රමාණවත් නෑ..බාහිර රෝගී අංශයේ තියෙන රසායනාගාරයෙන් පරීක්ෂාවක් කරගන්න පැය 2 කටත් වැඩි ප්‍රමාණයක් යනවා..පෞද්ගලිකව රුධිර පරීක්ෂාවක් කරගෙන එන එක ඊට වඩා හොදයි....(බ)
ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර අලුතෙන් දුන්නත් ඒවා කඩලා, පුද්ගලික ආයතන වලින් ලේ පරික්ෂා කරවන්න එයාල වැඩ බලාගනීවී, හවසට ගිගිල්ල එයාලමනේ එම පුද්ගලික ආයතන වල වැඩ කන්නේ. (බ)
සෞඛ්‍ය අමාත්‍ය තුමා සිහිනයක් දකිනවාද දන්නේ නෑ, මේ සමිති කාරයොත් එක්ක ඔය වැඩේ කරන්න පුළුවන් වෙය්ද?, පිටින් පරීක්ෂා නතර කරනකොට එයාලගේ බඩට වදිනවා, 2012 කරාපිටියේ රෝහලේ රසායානාගාර වැඩ නොකරන නිසා, ලේ ඇතුළු සෙසු පරීක්ෂාවලට පිට රසායනාගාර වලට එක මාසෙට මට රුපියල් ලක්ෂ 6 කට වඩා වියදම් කරන්න වුනා, ඒ ගත්තු සියලුම ටෙස්ට් කිසිම වැඩක් වුනේ නෑ. අන්තිමට ගත්තු ඔක්කොම ටෙස්ට්ස් නෙගටිව්. (බ)
හොඳ දේකට දේශපාලන කන්නාඩි දාගෙන ගරහනවා (බ)
මෙවැනි ලේ පරීක්ෂා කිරීම් වලට වැයවෙන මුදල රුපියල් 250 කට සීමා කළයුතුයි. මේක රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළයුත්තක්. ඊටපස්සේ යටිමඩි ගැසීම් එතරම් රසවත් වෙන එකක් නැහැ (නි)
එහෙම එකක්වත් කළොත් ඇති (බ)
මේ වගේ දේවල් ගොඩක් හොඳයි. ඒත් ඉතින් පෝලිම්වල දවස් ගානක් ඉන්න වෙයි (නි)