
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත.
රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇත.
රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පොලිස් නිලධාරීහු කණ්ඩායමක් අද එහි පැමිණියහ.
ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් බාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd