වත්මන් රජය මුළු ලෝකයේම හිත් දිනාගෙන ඇති බව කීවත් විදේශ ආයෝජන කිසිවක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නැතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රජය තමන්ගේ වරදින් ඇති වී තිබෙන ආර්ථීක අර්බුදයන් ඇතුළු සියලූ දේවලට තමන් වගකිව යුතු බව කීවත්, ඒ සියල්ල සිදුවී ඇත්තේ ඔවුන්ගේම වරදින් බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේදී රටේ ආර්ථීක දර්ශකයන් ඉහළ මට්ටමක තිබූ බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේදී අද (15) පැවති දේශනයකදීය.
‘මැතිවරණයකින් ජනමතය උරගා බැලිය යුතුය‘ යන තේමාව යටතේ මෙම දේශනය පැවැත්විණි.
තමන්ගේ කාලයේ ජනබලය උරගා බැලූවේ මැතිවරණ පවත්වා වුවත් වත්මන් රජය මැතිවරණවලින් පලා යමින් රැස්වීම්වලට විවිධ බලපෑම් කර ජනතාව ගෙන්වා බලය පෙන්වීමට යන බව ද රාජපක්ෂ මහතා පැවසීය.
එය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය සමග තරග කිරීමට බව කී මහින්ද රාජපක්ෂ මහතා ජනබලය පෙන්වීමේ අරමුණින් ආණAඩුවක් විපක්ෂයක් සමග මේ අයුරින් තරග කරනු මීට පෙර තම ජීවිත කාලයේදී දැක නැතැයිද සඳහන් කළේය.
මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබාගැනීම බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුනගේ කියමන හරියට හරි. තණ්හාව නිසයි වැඩ වැරදුනේ (නි)
අපරාදේ කියන්න බැහැ, ඔයාලගේ පාලන කාලේ කවුරුවත් බඩගින්නේ හිටියේ නැහැ. ඒගොල්ලෝ කාපු තරමක් කෑවේ මහින්ද චින්තනය යටතේ බෙදපු "ඉල්ලන් කන පරිප්පු". මහජනයාට ඒ පරිප්පු කාලා ඇතිවුණ හින්දා දැන් ඔයාලටම තමයි ඒ පරිප්පුව කන්න වෙන්නේ. (නි)
ඔවු රජයට වෙන වැඩක් නැහැනේ මෙයාලා කළා වගේ කඩින්කඩ හැමදාම මැතිවරණ තියන්න. දැන් බොරුවට ප්‍රස්ථාර පෙන්නුවට වැඩක් නැහැ (නි)
ඒ කාලේ වගේ හැම අවුරුද්දකම මැතිවරණ තියන එක අනවශ්‍ය වියදමක්. (නි)
මැතිවරණ සිතියම හකුලන එක එජාපයේ ක්‍රමයක්. ඉස්සරත් එය කළානේ. මෙයාලාට එච්චර හයියක් නැහැ වගේ. (නි)
එංගලන්තයේ කැමරන් විශ්‍රාම ගියාම ඒ රට කරන්න තව ඒ වගේ අය ඉන්නවා. මහින්ද මහතා විශ්‍රාම ගියොත් රටේ කෑල්ලකුත් යනවා. දැනටමත් එ්ක වේගෙන යනවා. (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්න. කවදාහරි මැතිවරණයක් තියන්නත් ඕනෑනේ. අන්න එදාට පුළුවන් නම් ඉදිරිපත්වෙලා අායෙත් ජිල්මාට් එකක්වත් දාලා බලන්න (නි)
නැවතත් කියන්න තියෙන්නේ, රට ආපස්සට ගමන් කරමින් තිබෙනවා. තව අවුරුද්දක් මෙහෙම ගියොත් රට අගාධයටම යනවා. සෑම තැනකම අකාර්යක්ෂමතාව, වැඩනොකර මඟහැර සිටීම ක්‍රමයෙන් වැඩිවෙනවා. අලුත් වැට් බද්ද නැවත ක්‍රියාත්මක වෙනකොට ඉතිරි හරියත් බලාගන්න පුළුවන්. මේවට තවමත් මහින්ද-මහින්ද කිය කියා ජපකරලා හරියන්නේ නැහැ. අලුත් ව්‍යපෘති කීයක් මේ අවුරුදු 2 ට පටන්ගෙන තියෙනවද? තවමත් කරන්නේ පහුගිය රජය පටන්ගත් ඒවා විවෘත කරගෙන යන එක විතරයි. (නි)
මෙතන අදහස් දාපු අය මොනවා කිවුවත් ඒගොල්ලන්ගේ හදවත දන්නවා මහින්ද හින්දයි අද රට මේ තරම්වත් තත්වයක තියෙන්නේ කියලා (නි)
අපිට දුක රජෙක් වගේ ඉන්න තිබුන මේ මනුස්සයා අද වැටිලා ඉන්න තැන ගැන. මුළු රටම තමාගේ බූදලය සහ තමාගේ නෑදෑයෝ, දරු පරපුර සතු බව හිතලා හොරකන්න ඉඩ දීලා අද ඇවිල්ල ශාන්තුවරයෙක් වගේ කතා කරනවා. වැඩිකල් නොගොස්ම අපිට තව තව කට්ටියගේ ඒ කාලේ කළ වික්‍රම බලාගන්න පුළුවන්. ඕකට තමා කියන්නේ “කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ" කියලා (නි)
විපක්ෂය දුර්වලවීමේ ප්‍රතිපාක අපි විතරක් නොවෙයි මහිදත් අද අත්විඳිනවා. ප්‍රබල විපක්ෂයක් හැදෙන එක රටට හොඳයි. මහින්ද මෙහෙම නොහිටියොත් විපක්ෂය දුර්වල වෙනවා.මේ අාණ්ඩුව වැරදි වැඩ කරන එක අනුමත කරන අය තමයි මහින්දට මේ විදියට බැනලා එළවන්න හදන්නේ. (නි)
බන්දුල, අපිට නම් මේ වැදි බණ එපාවෙලා තියෙන්නේ (නි)
ඡන්ද ඕනෑ ඔබතුමාට විතරයි. අනික ඔබතුමා කළා වගේ ඡන්ද අපිට ඕනෑත් නැහැ. අල්ලස් දීලා ඡන්ද දිනපු ඉතිහාසයක් තියෙන්නේ ඔබතුමාටයි. අනික ඔබතුමා කියන ආර්ථික ප්‍රශ්න රටේ නැහැ. ඔබතුමා තව හිටියා නම් අපේ රට චීන කොලනියක් වෙනවා. ඔබතුමා ශ්‍රී.ල.නි.ප. නායකයා නොවෙයිනේ. එ්ක නිසා එ් ගැන කතා නොකර ඉන්න. ඒකේ නායකයෝ එ්කේ වැඩ බලා ගනී. (නි)
මට නම් පෙනෙන්නේ ආයෙත් එන්න වගෙයි සූදානම (නි)
ලංකාවේ තරම් මැතිවරණ නැතිව ඇති ලෝකේ කොහෙවත්. අපිට ඕනෑ මැතිවරණ නෙමෙයි. රට හදන්න. ඔයාලා බල තණ්හාවට මැතිවරණ ඉල්ල ඉල්ලා අඬනවා. ඔබතුමා නැවත නොඑන බව නම් සහතිකයි (නි)
අායෙත් ඒ ඡන්දෙත් පරාද වෙන්නද? එතකොට හතරක් පරාදයි. හොඳයි නේද මහත්තයෝ තණ්හාව? (නි)
ඔබ තේරුම් නොගත් සත්‍ය මෙයයි.ගුණමකු මිනිසුන් පිරි රටකට මොන මැතිවරණද? (හේ)
තමන්මයි තමන් නැති කර ගත්තේ.(හේ)
ආයේ කවදාවත් රජ වෙන්න බෑ.(හේ)
සැන්දෑ සමය පිනක් දහමක් කොරගෙන ගෙටවෙලා හිටියනම් නේද හොඳ (හේ)
ඔබ තුමාට අපි ඉතාමත් ගරු කලා ඒ මන්ද යත් අවුරුදු තිස් ගානක යුද්දයක් සමතයකට පත්කර මවුබිමට සාමය ගෙනදුන්නා.(හේ)
මහින්ද අයෙත් එන එක කාටවත් නවතන්න බැහැ 78 සිට රට අගාදයකට ගෙන ගියේ එකසත් ජාතික පක්ෂය (ම)
මෙච්චර හොර අහුවෙද්දීත් කියන කතා හරීම පුදුමයි නේද?? ඔබතුමා මොනව කීවත් කවුරුත් දන්නවා සියල්ල. දැන් තින් විශ්‍රාම යන්න (ම).
රජෙක් වගේ ඉන්න පුළුවන් චරිතයක් මේ.(හේ)
ලැජ්ජයි මහත්තයෝ .(හේ)
දැන් ඉන්න අමාරු ඇති නේද කට්ටිය එක එකා ඇතුලට යනකොට.(හේ)
වාර්තාවක් තියන්න තරම් පැරදිලත් ඔය සමහරු තවම ඉන්නේ (නි)
බල තණ්හාව.(හේ)
අපිට මැතිවරණ අවශ්‍ය නැත , අපිට ඕනේ රට හදන්න රට දියුණු කරන්න (හේ)
දැන් ඔය හොරු එක එකා අහුවෙනකොට රටේ ආර්ථිකයට මොකද වුනේ කියලා හිතාගන්න පුළුවන් ..දැන්වත් ඔය බොරුව නවත්තලා රටට යමක් කරන්න බලන්න (හේ)
ඇත්තද මහත්තයෝ.(හේ)
තමුන්නන්සේව අමාරුවේ දැම්මේ තමුන්නාන්සේ ළඟම හිටපු, තමුන්නාන්සේ බොහොම විශ්වාස කරගෙන හිටි අසත්පුරුෂයෝ රැල. තවමත් ඔය වටකරගෙන ඉන්නේ ඒ කට්ටියමයි. තමන්ගේ වැරදි පෙන්වාදෙන පුද්ගලයා පෙරපිනකින් ලැබුණු කල්‍යාන මිතුරකු ලෙස සලකන්න කියා බුදුදහමේ සඳහන් වී තිබෙනවා. නමුත් ඔබ තුමා ඒ අය සතුරන් ලෙස සලකා ක්‍රියා කළා. අද එකේ ප්‍රතිඵල ඔබතුමා ට ලැබී තිබෙනවා. (හේ)
මිට. ප්‍රථම ශ්‍රීලංකා පක්ෂය දෙකට. බෙදිලා එකම පක්ෂෙන් සටන් කෙරුවද . හැමදාම රජවෙන්න ,නායකයා වෙන්න. බැහැ (හේ)
පලා යන්නේ නෑ.(හේ)
තවත් බොරු එපා.(හේ)
ගැලරියට කතා කලට රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඇත්ත එකයි.(හේ)
මැතිවරණවලින් විතරක් නෙවෙයි මේ අාණ්ඩුව ජනතා හදවත් වලිනුත් පලා ගිහින් ඉවරයි.ඒ විතරක්ද සංවර්ධන කටයුතු වලිනුත් පලාගිහින්.තව ටික දවසකින් අපිට රටින් පලා යන්න වෙන්නේ.(හේ)
ආයේ කවදාවත් රජ වෙන්න බෑ කියලා කවුද කියන්නේ (හේ)
මැරෙනකල් මෙයාම බලයේ ඉදලා, ඊට පස්සේ පුතාලට එයාලගෙන් පස්සේ මුණුබුරන්ට රට පාලනය කරන්න හදපු ක්‍රමයේ භයානක කම මේකේ අදහස් දන සමහරක්ට නොතේරෙන එකනේ පුදුමේ. (හේ)
තව දුරටත් හිතේ බලාපොරොත්තු තියනවා නම් ඉවත් කර ගන්න. (හේ)
වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලාංකිකයෝ අසරණ වී ඇත.(හේ)
එංගලන්තයේ කැමරන් වගේ මහින්දට විශ්‍රාම යන්න බැරි අැයි (හේ)
මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජයට ආශිර්වාදයක්! (හේ)
බන්දුල කියන දේ හරියට හරි. (හේ)
මන්ත්‍රී තුමාටත් කරපු කියපු දේවල් අමතක වෙන රෝගය හැදීගෙන එනවා වගේ (හේ)
ජනතාවම ඔබට පලා බෙදපු නිසා නේද පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වුනේ?(හේ)
අපි මැරිලා ඉපදිලා නෑ. (හේ)
අතේ තිබුන වෙරළු ගෙඩිය විසිකලනේ ගතේ විරිය තිබුනට බලයක් නෑනේ, සිතේ තවම ජනපති මමයි කියලනේ හිතේ දුකට මට එහෙම කියවෙනවානේ (හේ)
වෙන්නත් පුළුවන්.(හේ)
ඡන්දේ කල් යනවා වගේම ඔබතුමාගේ ඉරනමත් කල් යනවා.(හේ)
මෙතුමා වටා සිටි පාවාදෙන්නන් විසින් මෙතුමාගේ ප්‍රතිරූපය සහ එවකට පැවති ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉතා සැළසුම්සහගත ලෙස විනාශ කළේ වත්මන් පාලනය ගෙනෙන්න බව පැහැදිලියි. මෙතුමා විනාශ කළ සියලුම දෙනා අද ආණ්ඩුවේ මැති ඇමතිකම් දරති. (නි)
මොනවා වුණත් ඡන්ද කල්නොදා නියමිත කාලෙට අදාල ඡන්ද පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවිය යුත්තක් (නි)
දැන්වත් මන්ත්‍රීකමින් අස්වෙලා නම්බුවේ ඉතුරුටික හරි බේරාගන්න බලන්න (නි)
අනේ මහින්ද මහත්තයෝ, අපි මැරිලා උපන්නා කියලා හීනෙන් පෙනුනද? (නි)
ඔබතුමා කලින් ඡන්දය තියලා ඉල්ලන් කෑවා මතක නැද්ද? (නි)
කාලයක් සද්ද නැතුව ඉඳලා කට ඇරිය ගමන් කියන්නේ අගක් මුලක් නැති කතා රැසක්. එයා කියන්න මහන්සි ගන්නේ එයාට වඩා දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක් මේ මිහිපිට පහළවෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ කියලා. (නි)
ඔබතුමා කියන දේවල් දැන් රටේ මිනිස්සු අහන්නේ නැහැ. වැදගත් විදියට ගෙදරට වෙලා සැනසිල්ලෙන් ඉන්න. (නි)
ජනමතයකින් මැතිවරණය උරගා බැලිය යුතුය. ජනවාරි 8 සහ අගෝ. 17 උරගා බැලුවනේ. හීනෙන් දොඩවනවා වගේ. (නි)
ඔබතුමා කියන විදිහට පහුගිය රජය වැඩකළා නම් ජනතාව ඔබව ගෙදර ඇරියේ ඇයි? හිතට එකඟව ඔබතුමා නියම නායකත්වයක් දුන්නද? රටේ දුෂණ වෙනකම් දැකලත් නොදැක්කා වගේ හිටියා නේද? (නි)
අනේ මෛත්‍රී-රනිල් දෙන්නාටත්, ඔබතුමාට වගේ ජ්‍යෝතිෂවේදියෙක් හිටියා නම් ඔය ඡන්දෙ මෙලහකටත් තියලා ඒකාබද්ධ විපක්ෂය රජකරන්න තිබුනා. (නි)
මෙහි අදහස් දක්වන පාඨකයන් අතුරින් හිටපු ජනාධිපතිතුමාව දෝෂාරෝපනයට ලක්කරන පණ්ඩිතයන් ළිඳ තුල මැදිවුණ මැඩියන් හා සමානය (නි)
ලංකාව විතරක් නොවේ මුළු ලෝකෙම දන්නවා ඔයා කවුද කියලා (නි)
ඔබතුමාට අමතකවීමේ ලෙඩේ හැදුනට රටේ මෝඩ මිනිස්සු දැන් අඩුයි මහත්තයෝ. තාමත් ට්‍රයි එක නාමල් බෙබිව ඔටුන්න අරගෙන දෙන්න වගේ නේද
මහින්ද මහත්තයෝ, පොඩ්ඩක් ඉන්න. මේ කරගෙන යන පළිගැනීම් ඉවරවුණ දවසක ඡන්දයක් තියමු (නි)
අහිංසක, දුප්පත් ජනතාව කතාවලින් තවමත් අන්දවනවා. (නි)
රටේ ආර්ථික දර්ශකයන් ඉහළ මට්ටමක පැවතීමට, රාජ්‍ය පාලනය තුළ වංචාව සහ දුෂණය ඉහළ මට්ටමක අනිවාර්යෙන්ම තිබිය යුතු යැයි මෙතුමාගේ ප්‍රකාශය අනුව සිතන්නට පුළුවන. බොහෝ දේවල් අමතක කළත් අඩුමතරමේ ලංගමයට ගෙවීමට ඇති ණය ටික පිළිවෙලක් කර කතා කරන්නේ නම් අපි සතුටුවෙමු. අපේ රටේ දේශපාලකයන් නිතරම කතා කරන්නේ රටේ ජනතාව ළදරුවන් යැයි සිතාගෙනය. ඇත්තටම ජනතාව තවමත් දේශපාලන ළදරුවන්ද? (නි)
රජෙක් වගේ ජීවත්වෙන්න තිබුන ඔබ මේ තරමට හෑල්ලුවෙන තැනට අැද දැම්මේ ඔබ පෙන්නා බඩගොස්තරය රැකගත් අය විසිනුයි. තාමත් ඔබ ප්‍රමාද නැත. ඡන්දය ටිකක් පමාවුණත් රට මේ යන විදිය ගැන අපට සතුටක් ඇත. (නි)
මැතිවරණ තියන්නේ කාගේ සල්ලි වලින්ද? (නි)
මහින්ද තමයි අපිට කවදත් හොඳ (නි)
ජනතාව ඔබතුමා වෙතින් පළායනවා වටේ ඉන්න හොරු රැල නිසා (නි)
දැන් ඔබතුමා බණක් භාවනාවක් කරගෙන හිටියොත් නරකද? (නි)
තාමත් අතේ අර මාලය තියනවා නේද? අනේ දෙයියනේ! (නි)
ඔබතුමා කළ විදිහට මේ රජයත් කරන්න ඕනෑ කියලා හිතනවද? (නි)