පළාත් සභා ඡන්දයේ නාම යෝජනා බාරදුන් දිනයේ සිට බ්‍රහස්පතින්දා (5) දක්වා කුරුණෑගලින් පමණක් මැතිවරණ පැමිණිලි 200ක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. වයඹ, මධ්‍යම හා උතුරු පළාත් වලින් ලැබුණු පැමිණිලි ගණන 375කි. යාපන කයිට්ස් දූපතේ ප්‍රචාරක වැඩට කිසිදු දේශපාලන පක්ෂයකට ඉඩ දී නැතැයි ද සන්ධාන පාර්ශවකරුවකු වන ඊ.පි.ඩී.පීයේ එහි තනි බලය පවත්වාගෙන යන බව ද එම ජාලය පවසයි. රාජ්‍ය සම්පත් හා දේපොළ සන්ධාන අපේක්ෂක ජයග්‍රහණය පතා යොදවන බව ද පොලිසියේ පක්ෂපාති ක්‍රියා කලාපය නිසා නිදහස් සාධාරණ මැතිවරණයකට ඇති ඉඩකඩ ක්‍රමයෙන් ඇහිරී යතියි එහි ප්‍රධාන විධායක උදිත ගුණසේකර කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාවල මීළග ඡන්දය කොට්ඨාශ මට්ටමෙන් කියා නේද වේදිකාවල බෙරිහන් දෙන්නේ? (නි)
පිල්ලේ නෝනා කිවුව එක හරි නේද? (නි)
බඩුම තම ලංකාවට අපිට ලංකාවක් ඉතුරු වේද ? (නදී)
එහෙම වෙනවානම් ඒ පැතිවල චන්ද ප්‍රතිපල අහෝසි කරන්න එච්චරයි (දී)
මැතිවරණ නිරීක්ෂක ජාලයට පැමිණිලි කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.මේව කොච්චර සාධාරණද කියල අපි දන්නෙ කොහොමද? (දී)
මේක තනි අශ්වයා දුවන රේස් එකක්. (දී)
අපේ රටේ දෙසපලනයනම් ඕනෑම නැහැ (දී)
මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ (දී)
පිල්ලේ නෝනා ලංකාවට ඇවිත් මොනවද කලේ. අපි හිතුවේ අඩුම වශයෙන් සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක ,ජේ.වී,පී, කට්ටියවත් මුණගැහිලා ලංකාවේ ඇත්ත තත්වය ලෝකෙට කියයි කියලා. බලන්න අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා. මැතිවරණ තියන්නේ හරියට අර දෝෂාභියෝගය වගේ. දැනටමත් ආණ්ඩුව දිනලා ඉවරයි. රාජ්‍ය සම්පත් රාජ්‍ය වාහන ,රාජ්‍ය නිලදාරීන් ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මැතිවරණ වේදිකාවේ.(නදී)
මම දැක්කෙත් නැහැ. මට ඇහුනෙත් නැහැ . මම මොකුත් කියන්නෙත් නැහැ (දී)
එක එහෙමම විය යුතුය . මොකද ආසියාවේ ආශ්චර්ය තිබෙන එකම රට . මෙහෙම උනේ නැතිනම් අශ්ච්රය නැතිවෙනවා (අ)
මම දන්නා විදියට අද තමා ඕස්ට්‍රේලියාවෙත් මහා ඡන්දය. මෙහෙම දේවල් එහෙ අයට දැන ගන්න තියන්න එපා. ඒ ගොල්ලට ලජ්ජා හිතේවි.(නදී)
අද උදේ ඩලස් මැතිතුමා කිව්වේ මැතිවරණ ඉතිහාසයටම අඩුම පැමිණිලි සංක්‍යාව මේ මැතිවරණයයි කියල!සන්දානයෙන් සුළු පැමිණිලි පැමිණිලි 50ක් වගේ ලැබී තිබෙන බව ඇගට නොදනී කිව්වා. ඇත්තටම මෙහෙම මැතිවරණ නීති උල්ලංගනය කිරීම නිරීක්ෂණය කර ප්‍රතිපල අහෝසි කිරීමට කොමසාරිස් තුමාටඅයිති රාජකාරියක් නොවෙයද????? (දී)
ඕක කියන්නත් දෙයක්ද? (නි)
මොකාක් හරි කියුවද (දී)
ඔහොම වෙනවා ඇයි දන්නේ නෑ (අ)
මොන දුෂණය ගැන කිවුවත් ඒවාට විසදුම් නැහැ. ඊළඟට එන මැතිවරණත් මේ විදිහම තමා. (නි)
ඡන්දෙ නොතියා බැරිද? (නි)
ලලිත් මහත්තය එහෙමද හිතුවේ. පිල්ලේ ඇවිත් අපිට කෙනහිලි කම් කරලා යනම් කම්ද බලාගෙන හිටියේ. රතුමල්ලිලාගෙන්ද මානව හිමිකම් ගැන අහන්න කිව්වේ. මොකකක්ද මහත්තයෝ ලංකාවේ ඇත්ත තත්වය. විපක්ෂයේ දුර්වලකම් වලට විපක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට පිල්ලේ මොනවා කරන්නද? ඔබතුමා ඡන්දයක් දැකල තියෙන්නේ පලවෙනි පාරට වගේ මට පෙන්නේ. පවතින රජයේ බලපෑම ඕනෑම ඡන්දයකදී තියෙනවා. එහෙම තිබුනට ඡන්ද දිනන්න බැහැ මිනිස්සුන්ගේ කැමැත්ත නැත්නම්. ඔබ තුමා කියන විදියට එහෙනම් නිදහසෙන් පස්සේ ලංකාවේ තාම තියෙන්න ඕන එකම දේසපාලන පක්ෂයක බල අදිකාරියක්. ලලිත් මහත්තයෝ ඔය රාජ්‍ය බලතල මොනවා තිබුනත් මිනිස්සු එපා කියපු දවසට ඕවයින් වැඩක් නැහැ. ඕවට මහජන මත වෙනස් කරන්න බැහැ. මේ රජය ඡන්ද දිනන්නේ තාමත් මිනිස්සු මේ රජයට කැමති නිසා. ඔබ තුමාලා බිරුවට පිල්ලේ ගෙරෙව්වට ඒක වෙනස් කරන්න බැහැ.(නදී)