ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද පරස්පර ප්‍රකාශ වලින් ආණ්ඩුව පොදු එකඟතාවකින් කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (6) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක දී පැවැසීය.
විෂමතාවක් හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කළා නම් ඔහුත්, ඔහු පත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය ඉදිරියට පැමිණ විය යුතු බව ඔහු කීවේය.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවැසීය.
‘අද රට ආරාජික තත්ත්වයකට පත්වෙලා. අද රට යහපාලනය නෙවෙයි කිසිදු පාලනයක් නැති රටක් බවට පත්වෙලා. අද රටේ ආණ්ඩුවක් නැහැ. රහස්‍යභාවය කියන සංකල්පය වංචාකාරී ලෙස භාවිත කරනවා. බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහස්‍ය තොරතුරු බව පවසමින් කරුණු සඟවන්න උත්සාහ කරනවා. රහස්‍යභාවය කියන සංකල්පය භාවිත කරමින් මේ කරුණු සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මෙම කරුණු අනාවරණය කරමින් මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ යුතුයි.’ ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද අර හෙජින් ගනුදෙනුව? ඒකත් හංගලා නරක පූර්වාදර්ශයක් දුන්නේ (නි)
බලය නැතිවෙනකොට කෙඳිරිගානවා. තමන්ගේ උගත්කමත් අමතක වෙනවා. 2010 වසරේ සිට බැඳුම්කර, විදේශ ආයෝජන ගැන පරීක්ෂණ අවශ්‍යයි. (නි)
විපක්ෂය කියාගන්න පිරිසට සියලුම දේවල් වැරදියටම පෙනීමට බෙහෙත් නැහැ (නි)
අර එතකොට ග්‍රීසියේ බැඳුම්කර ප්‍රශ්නයට මොකද වුණේ? (නි)
ශාන්ත හෙජින් විතරක්ද ග්‍රීසිය බන්කොළොත් වෙනවිට ආයෝජනය ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ගැනීම ඒවා මතක නැති බංකොලොත් අය (බ)
කබ්රාල්ලා ඉන්නකොටත් ඔබ ඔය විදියට මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කළාද? (නි)
අපි මහේන්ද්‍රන්ටත් විරුද්ධයි, මේ උගත් යයි කියන අය එදා කබ්රාල් කරපු හොර වහපු එකටත් විරුද්ධයි, මේවා විවේචනය කරන්න ඕන හොඳ පිවිතුරු අය, පිවිතුරු කිව්වට පිවිතුරු හෙළ උරුමය නොවේ (බ)