( තිළිණි ද සිල්වා , නිමන්ති රණසිංහ , රංජන් කටුගම්පොළ )
වෛද්‍යවරයකු විසින් කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක් කොල්ලකෑමේ සිද්ධියේදී එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්කළැයි කියන සැකකාර නිතී ශිෂ්‍යයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා අද (19) නියෝග කළේය.
මෙලෙස මුදා හරිනු ලැබුවේ බාන්ස් පෙදෙස කොළඹ 07 පදිංචි තරින්ද්‍ර රත්වත්ත (24) නැමැති නීති ශිෂ්‍යයෙකි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය ඉදිරිපත් කළ පැමිණිල්ල අද (19) කොළඹ අලුත්කඬේ රථ වාහන අධිකරණය හමුවේ කැඳවූ අතර එහීද එම සැකකාර ශිෂ්‍යයා ඇප මත මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඊයේ අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළේය.
එම මෝසම සලකා බලමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාර නීතී සිසුවා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
අධිකරණය කළ නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් සැකකාර සිසුවා ඊයේ අධිකරණය හමුවටද ඉදිරිපත් කෙරිණි
එසේම අධිකරණ නියෝගය පරිද සැකකාර සිසුවා විසින් සිදු කළා යැයි කියන රිය අනතුරින් තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටින අනෙක් බුද්ධි නිලධාරියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබා දීමද විවෘත අධිකරණය හමුවේ ඊයේ සිදු කෙරිණි.
ඉකුත් 11 වැනිදා රාත්‍රී සේවය නිමවී නවාතැන වෙත තවත් පොලිස් කොස්තාපල්වරයකු ද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් (93666) ඒ. ඒ. එස්. බී. වයි. අලහප්පෙරුම මහතාය.
බම්බලපිටිය පොලීසිය එම පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකාර සිසුවා වෙනුවෙන් නිරෝෂන් සිරිවර්ධන , අසේල රැකව යන නීතීඥවරුන් සමඟ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තියෙනවා නම් නීතියත් නැවෙනවා.
නීති ශිෂ්‍යයා කියන්න කලින් නෑදෑකම කියලා හිටියොත් නරකද?
රුපියල් ලක්ෂයක් කියන්නේ මොන තරම් සුළු මුදලක්ද? නීතිය රකින පොලිස් නිලධාරියෙක් මරණයට පත් කළ නීති ශිෂ්‍යයා රුපියල් ලක්ෂයක් දීපු ගමන් ගෙදර. පොඩි මිනිහට එක නීතියක් බලවතාට තව නීතියක්. යහපාලන ආණ්ඩු කාලේ වගේමයි වැඩ...
මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක්වත් ලබා නොගෙන රියදුරු නිදහස් කරන්නේ කොහොමද? මේක ජාත්‍යන්තර ඝාතනයක්..
නීති ශිෂ්‍යයාගේ දෙමව්පියන් බලසම්පන්න පුද්ගලයින් වෙන්න ඇති. නැතිනම් බීමතින් රිය පදවලා රටේම ප්‍රසිද්ධ පොලිස් කොස්තාපල් කෙනෙකු යට කරලා මරලා ඔච්චර ඉක්මනට ගෙදර යන්න බැහැ. දවස් 14ක් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න වෙනවා.
ඕක ඉතින් අපි දන්නවා බාන්ස් පිලේස් කියන්නෙ රදලයො ඉන්න රට පාලනය කරන අයගේ සනුහරේම ඉන්න බලප්‍රදේශය ...
අත්දැකීම් නැති තරුණකම රිය අනතුරුවලට තවත් හේතුවක්. අලුතෙන් රියදුරු බලපත්‍ර නිකුත්කිරිමේදී පරීක්ෂණ කාලසීමාවකට යටත්කොට තාවකාලික බලපත්‍ර නිකුත් කර එම කාලසීමාවේදී වැරදි නොකරන අයට පමණක් ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත්කිරීම වඩාත් සුදුසු බවට යෝජනා කරමි.
පුදුම නීති... මිනිහෙක්ව මැරුවාම ඇප දෙනවා.
මෙ වැනි නීතිය කඩකරන මෝඩ මිනිස්සුන්ද අපේ රටෙ නීතිය ගැන උපදෙස් දෙන්න යන්නේ... ලංකාවට තියෙන කරුමය තමයි මෙවැනි පුද්ගලයින්...